2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වැනි දිනට යෙදී ඇති බව
මැතිවරණ කොමිසම විසින් අද (26) නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් ය.
ඒ අනුව අපේක්ෂකයින්ගේ නාමයෝජනා බාරදීම අගෝස්තු මස 15 වැනි දිනට යෙදී ඇත.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වන දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වනදා මධ්‍යහ්න 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් ද, අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75,000ක මුදලක් ද, ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.