තමා සහ ජනාධිපතිවරණයේදී තමාගේ ප්රතිවාදී අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ
දේශපාලන ඉරණම ගැන සඳහන් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසුවේ තමන් සහ දිසානායක යන දෙදෙනාම එකම බෝට්ටුවේ සිටින බවයි.
මීගමුවේ පැවති මැතිවරණ රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව තමන්ට සහ දිසානායකට දෙදෙනාටම බහුතරය ලබාදී නොමැති බවයි.
“දිසානායක ජනාධිපතිතුමාට ඕන වෙලා තියෙනවා මම ජනාධිපතිවරණයෙන් පැරදිලා හින්ඳ ගෙදර ඉන්න කියලා කියන්න. ඔව් බහුතර ජනතාව මට ඡන්දය නොදුන් නිසා මම පැරදුණා කියලා මම පිළිගන්නවා. ඒත් බහුතර ජනතාව ඡන්දය දුන්නේ නැහැ. බහුතරයේ අනුමැතිය නැති හිටපු ජනාධිපති මමයි, බහුතරයක් නැති වත්මන් ජනාධිපති අනුර දිසානායකයි. අපි දෙන්නා අතරේ වෙනසක් තියෙනවද?”
ඔහු ප්රශ්න කළේය.