ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (05) යළිත් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් පුද්ගලයන් 30 දෙනෙක් මිය ගොස් ඇති බවයි.
ඒ අනුව උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 20 දෙනෙක් මිය ගොස් ඇති අතර,
අල් සවායිඩා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 04 දෙනෙක් සහ ඩීර් අල් බාලා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.