ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් ඊසාන දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝමීටර් 290ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අදින් (29) පසු දිවයිනේ කාලගුණයට බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසින් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව ඔවුන් පවසයි.
කෙසේ වෙතත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි අපේක්ෂා කරන අතර උතුරු පළාතේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි අපේක්ෂා කෙරේ. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට පැ.කි.මී.60 ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අවදානම් ප්‍රදේශවලින් ඉවත්ව තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.