SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජයේ බදු ආදායම අහිමි කරමින් - ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස ලියාපදිංචි නොකළ ජංගම දුරකතන පාර්සල් අදින්නන් හරහා ගෙන්වන ජාවාරමට තිත තැබීමට අමාත්‍ය මනුෂ නානායක්කාර මැදිහත්වේ.

රජයට හිමි විය යුතු බදු ආදායම අහිමි කරමින්, රටේ ආරක්ෂාවටද තර්ජනයක් වන ආකාරයට ජාවාරමක් ලෙස පාර්සල් අදින්නන් හරහා සංවිධානාත්මක ලෙස, ලියාපදිංචියකින් තොරව ජංගම දුරකතන මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ජංගම දුරකතන ආනයනකරුවන්ගේ එකමුතුව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට කරුණු පැහැදිළි කිරීමෙන් පසුව අදාල ගැටලු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන්සභාව වෙත යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පියවර ගත්තේය.

මෙම කරුණු හෙළිදරව් කර ඇත්තේ ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සමග අද (27) පැවැත්වූ සාකච්ඡාවක දී යි. එහි දී ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගත යුතු බවත් ජංගම දුරකථන ආනයනකරුවන්‌ගේ සංගමය පවසා තිබේ.

2021 වසරේ දී මෙලෙස ජංගම දුරකතන ආනයනය කිරීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 220ක මුදලක් නීති විරෝධී ලෙස උණ්ඩියල් ක්‍රමය හරහා රටින් පිටව ගොස් ඇති බවත්, එමගින් රජයට අහිමිවී ඇති බදු ආදායම රුපියල් බිලියන 7.8ක් වෙතැයි තක්සේරු කරන බවත්,  ජංගම දුරකතන ආනයනකරුවන්ගේ එකමුතුව අමාත්‍යවරයා වෙත පවසා තිබේ.

මේ ආකාරයට ලියාපදිංචියකින් තොරව ජංගම දුරකතන ආයනයනය කිරීම ජාතික ආරක්ෂාවට ද බලපාන බවත්, මෙම ජංගම දුරකථන සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලබාගැනීමට හැකියාවක් නොමැති බවත් ආනයනයකරුවන් විසින් අමාත්‍යවරයා වෙත පෙන්වා දී තිබේ.

රටේ බදු ආදායමටත්, ජාතික ආරක්ෂාවටත් බලපාන, නීති විරෝධී ආකාරයට ජංගම දුරකතන ආනයනය කිරීම් නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉදිරිපත්වූ ඉල්ලීම් පිළිබඳ ද අවධානය යොමු කර, මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් සම්බන්ධ කරගනිමින් ඉදිරි පියවර ගැනීමට කටයුතු කළ බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර පැවැසීය.

 

@ Media Unit 

නවතම ලිපි