SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයට ප්‍රධාන හේතුව මිලදී ගැනීම්වල සිදුවන දූෂණ හා අක්‍රමිකතා බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.

ඉන්දියාවෙන් ආනයනය කරන කාබොප්ලැටීන් නැමැති ඖෂධය ලංකාවේ රුපියල් 14,000ත් 18,000ත් අතර මිලකට වෙළඳපොලේ විකුණන අතර ඉන්දියාවේ එහි මිල ලංකාවේ මුදලින් රුපියල් 5,000ත් 5,500ත් අතර මිලක් වන බව වෛද්‍යවරයා අනාවරණය කරයි.

ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයට ප්‍රධාන හේතුව දූෂණ හා අක්‍රමිකතා 

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉන්දියාවෙන් මිල දී ගත් නිර්වින්දනය කිරීම සඳහා ගන්නා ඖෂධයේ වටිනාකම මෙරට මුදලින් රුපියල් 100ක් වන නමුත් එය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිල දී ගෙන ඇත්තේ රුපියල් 480කට බව ඔහු අවධාරණය කරයි.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර වැඩිදුරටත් පවසන්නේ, හිරි වැට්ටීම සඳහා භාවිතා කරන ඖෂධයේ වටිනාකම රුපියල් 97ක් වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිල දී ගෙන ඇත්තේ රුපියල් 2,500කට බවය.

ඒ අනුව, මෙම දූෂණය නැවතුවහොත් මෙරටට ගෙනඑන ඖෂධ ප්‍රමාණය හතර පස් ගුණයකින් වැඩි කර ගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. (පුවත් උපුටනය - lankatruth.com)

 

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කියල දෙයක් නැහැ. ඒක කෙහෙලිය ඇමතිගේ වර්ගීකරණයක්!

 

මේ අතර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග ඔහුගේ යූටියුබ් නාලිකාවේ සාකච්ඡාවකට එක් වෙමින් වෛද්‍ය ජයන්ත බණ්ඩාර ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකලේ වර්තමානයේ කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයන්ද දැඩි ලෙස විවේචනයට ලක් කරමිනි. එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ සා විසාල අර්බූධයකට ලක්ව පවතිද්දීත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ දෙස නෑසූ කන්ව බලා හිඳීම, හුදෙක් සාමාන්‍ය පුරවැසියාගේ ජීවත්වීම සම්බන්ධව ඔහුට කිසිදු අදාලත්වයක් නැති බවක්ද පෙන්වමිනි.

නිදහස් සෞඛ්‍ය කියන එක ලංකාවේ මිත්‍යාවක්!

සම්පූර්ණ සාකච්ඡා වීඩියෝව පහත...

නවතම ලිපි