ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් අද (29) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
කැබිනට් ඇමැතිවරුන් මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරුන්ද මෙම හමුව සඳහා කැඳවා ඇති අතර රාජ්ය ඇමැතිවරුන් කිහිප දෙනකු ද ඒ අතර වන බව පැවැසේ.
නව ඇමැති ධූර පත්කිරීම සම්බන්ධයෙන් පැවති කතාබහ පසුගිය දිනවල නවතා දමා තිබූ අතර ඒ නිසාම සමහර ජ්යෙෂ්ටයින් ආණ්ඩු පක්ෂයේ තවදුරටත් රැඳී සිටීම පිළිබඳවද නිතර කලකිරීමට පත් අදහස් ද වරින්වර ප්රකාශ කර තිබුනි.
කෙසේ වුවද මෙම හමුව කැඳවා ඇත්තේ නව ඇමති ධුර පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර ඇත.