විභාග පැවැත්විය යුත්තේ සිසුන්ට පහසු ලෙසයි..
විභාග දෙපාර්තමේන්තුවේ පහසුවට නොවේ - ජනපති කියයි.
තමන් අධ්‍යාපනය ලැබූ එදිනෙදා වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී නුහුරු පරිසරයක විභාගයට මුහුණ දීම සිසුන්ගේ මානසික නිදහසට බාධාවක් බවත්, සෑමවිටම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාරත්මේන්තුව තම පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත.
ඒ අනුව අවම වශයෙන් සිසුන් 75 දෙනෙකු පමණ විභාගයට සුදුසුකම් ලබා ඇති යම් පාසලක් වේද, එම පාසල විභාග මධ්‍යස්ථානයක් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා මේ වන විට ආරම්භ වී ඇති විභාග කටයුතුවලට බාධා නොවන අයුරින් යම් පහසුවක් සැලසිය හැකි නම් ඒ වෙනුවෙන් ද ඉදිරි දින කිහිපය තුළ පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
ජනාධිපති වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, විභාග කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මධ්‍යස්ථාන 3,568කදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 472,553ක් පෙනී සිටිති. ඒ වෙනුවෙන් සේවයේ යොදවා ඇති රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 40,000කට ආසන්නය.
ජනාධිපති වික්‍රමසිංහ නම් දරු සිටියේ ලංකාවේ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ගෙන යන නායකයෙක් ලෙස වුවද අරගලයෙන් පසු කාලයේ සිදුවූ සිදුවීම් සමග ඔහු වෙත තිබූ අනන්‍යතාව ප්‍රශ්න කිරීම්වලට ලක්වූයේය. එනයින් ලිබරල් ප්‍රජාතන්ත්‍රික අනන්‍යතාවය නැවත සමාජගත කරන්නට මෙවැනි මැදිහත්වීම් විලාසයන් අතිශය වැදගත් වනු ඇත.
ලංකාවේ අඩු සිසුන් ප්‍රමාණයක් සිටිනුයේ කුඩා ග්‍රාමීය පාසල් වලය. පාසල් මාරු වීම නිසා ග්‍රාමීය පාසල් වල එවැනි දුප්පත්, දක්ෂ සිසුන් හට මානසික ව්‍යාකූලතාවයක් ඇති වී අසාධාරණයක් සිදුවෙතැයි බිය වී ඇති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම අසාධාරණය දුරු කිරීම සඳහා වහා පියවරගෙන ඇත.
ලිබරල් චින්තනයට අනුව පුද්ගලයෙකු අසාධාරණයට ලක්වන්නේ තම දක්ෂතාවය නිසි ලෙස විකසිත කොට ගැනීමට නොහැකි වීම තුලය. ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන්නේ නම් එකිනෙකාට හිමි දක්ෂතාවයට අදාළ ස්ථානය සමාජය තුල හිමිකොට ගත හැකි විය යුතුය. රනිල් උත්සාහ දරනුයේ එම සාධාරණ, යුක්තිගරුක, ලිබරල් සමාජය සංස්ථාපනය කිරීම සඳහාය. ඔහු සියලු මර්ධන අනපනත් සකස් කරන්නේද ඒ සඳහාය.
අධ්‍යාපනය සම්බන්ධයෙන් කෑ මොර දෙන පෙසප වැනි පක්ෂයකට දැන් පැවසිය හැක්කේ සියලු පාසල් සහ එම පාසල් වලට යන ළමුන් එක සමාන වූයේ නම් මේ ප්‍රශ්නය ඇති නොවන බවය. නමුත් එසේ වූ පමණින් දක්ෂයා අතුරු දහන් නොවේ. එවිට රනිල් හට නැවතත් පෙසපෙන් විමසිය හැක්කේ සමාජය තුල වැඩිහිටියෙකු බවට පත් වන දක්ෂයා හට ද අදක්ෂයා ගේ මට්ටමින් සැලකිය යුතුද යන්නයි. එනම් දක්ෂයින්ගේ දරුවන්ට අදක්ෂයින්ගේ දරුවන්ට වඩා වරප්‍රසාද හිමි වීම නොවැලැක්විය හැකිය යන්නයි.
කෙසේ වුවද වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මෙවැනි මැදිහත්වීම් තුළ ලංකාවේ ‘වම’ට වෙනත් සටන් පාඨ සොයාගැනීමට නම් සිදුවනවා නියත වනු ඇත.