IMF වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයෑම සඳහා කටයුතු කළයුතු බවත් විපක්ෂය IMF යෝජනාවන්ට ඡන්දය දීමෙන් වැලකී සිටි බවත් කී ජනාධිපති වික්රමසිංහ
පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා ව යෝජනා කළ අතර හර්ෂ ද සිල්වා එහිදී මෙම වැඩපිළිවෙලට සහාය දීමට ජනාධිපතිවරයා වෙත පොරොන්දු වී ඇති බව වාර්තා වේ.
පසුගිය කාලය පුරාම මෙම සභාපති ධුරය තමාට නොදීම පිළිබඳව බොහෝ වාර ගණනාවක් හර්ෂ ද සිල්වා මන්ත්රීවරයා තම කණස්සල්ල පල කර තිබූ අතර අවසානයේදී ජනාධිපතිවරයාම හර්ෂ ද සිල්වා මන්ත්රීවරයාව එම තනතුරට යෝජනා කිරීම බොහෝ විචාරකයින් දකින්නේ සමගි ජන බලවේගය හා ජනාධිපතිවරයා අතර රහසිගත එකඟතාවක් මේ වනවිට ක්රියාත්මක වන බවයි.