SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැළුම් ජයසුමන ඇතුළු කිහිපදෙනෙකු ව්‍යාජ තොරතුරු පතුරවා ජාතිවාදය ඇවිලිවීමට

උත්සහ දැරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිර්මාල් දේවසිරි  ආණ්ඩුවට විරුද්ධව ප්‍රබල විවේචනයක් සිදු කර ඇත.

 

අදාළ වීඩියෝව:

 

එම වීඩියෝවෙහි ගේන මූලික අදහස ලෙස මම දකින්නේ මෙයයි:

 

"සමාජ මාධ්‍යය තුළ ව්‍යාජ තොරතුරු චේතනාන්විතව හෝ අචේතනාන්විතව හුවමාරු කිරීම වැලැක්විය නොහැකි අතර රජය කළ යුත්තේ ඒවැනි ක්‍රියාවල නිරතවන්නන් (මහමොළකරුවන්) අත්අඩංගුවට ගැනීම නොව ඔවුන්ට ඒ් ක්‍රියාවන්වල නිරත වීමට ඉඩ දී, රජය ඊට ප්‍රතිවිරුද්ධව අදහස්මය බලපෑමක් රාජ්‍ය මාධ්‍ය ජාලය හරහා කළ යුතුය. ඒවිට මෙම ව්‍යාජ තොරතුරු පතුරවන්නන්ගේ බොරුවලට ජනතාව නොරැවටෙනු ඇත යන්නය."

 

Ni 2

 

මෙම අදහස මට කිසිම ගැටලුවක් නැති වූව ද මෙම අදහස ප්‍රායෝගිකව ක්‍රියාකළ හැකි ද යන්න ගැටලුවකි.

 

උදාහරණයකට නිර්මාල් ද වින්දිතයෙක් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ සිදු වූ පොත් හොරකම ගනිමු. එම සිදුවීම කෙටියෙන් කියනවා නම් ශාස්ත්‍රපීඨ ශිෂ්‍යයින් විසින් වසා දමා තිබු ආචාර්යවරුන්ගේ කාමරවලට පැන ඔවුන්ගේ පොත් හොරකම් කර ඒවා බෝතල් පත්තර කඩවලට විකුණා දැමීමයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන විට වින්දිතයෙක් වූ නිර්මාල් සිටියේ ඉහත ආස්ථනයේ ය.

 

එනම් "මේ ක්‍රියාවට එරෙහිව සිදුවිය යුත්තේ නීතිය ක්‍රියාත්මක කොට ඔවුන්ට දඩුවම් දීම නොව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයින් සමග මේ සම්බන්ධ සාකච්ඡාවක් ඇරඹිය යුතු බවත් ඒම ක්‍රියාවලිය මගින් ශිෂ්‍ය ප්‍රජාව තුළින්ම මේ සම්බන්ධ කතිකාවක් ගොඩ නැගි මෙම ක්‍රියාව සහ ඒයට නායකත්වය දුන් අය ව ප්‍රතික්ෂේප වනු ඇති බවය." මෙම ආස්ථානය ඔහු ශාස්ත්‍ර පීඨය තුළ නිල වශයෙන් සහ තම ෆේස්බුක් පිටුව හරහා ද ප්‍රසිද්ධියේ කියා සිටියේය.

 

ni5 

සිදු වූයේ කුමක්ද? ඒසේ කතිකාවක් ශිෂ්‍ය ප්‍රජාව තුළ ඇති වූයේ නැත. සිදු වූයේ මෙම ක්‍රියාවට සම්බන්ධ යැයි චෝදනා ලැබූ අය ඊට සති කිහිපයකට පසු මහා ශිෂ්‍ය සංගමයට පත් වී ඒහි බලය තහවුරු කර ගැනීමය.

 

නිර්මාල්ගේ මෙම ක්‍රියාව හරහා ඇත්තටම සිදු වූයේ කුමක්ද?

 

1. මෙම පොත් හොරකම සම්බන්ධ යුක්තිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වීමය. ඒමගින් නිර්මාල්ට කෙසේ වෙතත් අනිත් වින්දිතයින්ට කිසිම යුක්තියක් ලැබුනේ නැත.

 

2. ශිෂ්‍ය ප්‍රජාව සමග කළහැකිව තිබු ප්‍රගතිශීලි ගනුදෙනුව සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වීම. ඒය සිදු වූයේ මෙසේය. ලැබුණු ආරංචි අනුව මෙම පොත් හොරකම ඒවකට ශිෂ්‍ය සංගමයේ ඉහළ තනතුරැ දැරූවන්ගේ පූර්ණ අනුදැනුම සහ නායකත්වයෙන් වූ ඒකක් අතර ඔවුන්ට දඩුවම් දී ඔවුන් මෙම පද්ධතිය තුළින් කෙටි කාලීනව හෝ අයින් කර ඔවුන්ගේ මර්දනයෙන් ශිෂ්‍යයින් මුදවා, ඔවුන්ව බල ගැන්වීමට තිබු අවස්ථාව නැති විය. නිර්මාල් ගේ ෆේස්බුක් සටහන් කියවූ ශිෂ්‍යයින් සිතුවේ " අපි මොකටද මේකට කරදර වෙන්නේ, නිර්මාල් සර්ටත් මේක ගානක් නෑනේ" යන්නය. අවසානයේ ඔවුන් නැවත වතාවක් ශිෂ්‍ය සංගමයේ බලයට පත් වීය.

 

3. මට ආරංචි වූ විදියට ඒයින් නිර්මාල්ට ඒක හොදක් විය. ඒනම් මෙම පොත් හොරකම කළ අය අතර නිර්මාල්ට "හොද" නමක් ලැබීමය. ඒනම් "මානුෂිය ලෙක්චර කෙනෙක්" ලෙසට නිර්මාල් පත් ව තිබේ. හරියට මේ මොහොතේ මෙම ව්‍යාජ තොරතුරු බෙදන අයගේ වීරයෙක් ලෙසට නිර්මාල් පත්ව තිබෙනවා වගේ!

 

ni 4

 

නිර්මාල්ගේ ආස්ථානයට අනුව කටයුතු කරන්න ගොස් එසේ වූවත් මාලිමා ආණ්ඩුව යටතේ ව්‍යාජ තොරතුරැ බෙදා හරින්නන් අත්අඩංගුවට ගැනීම හරහා පහත ධනාත්මක දේවල් මට ෆේස්බුක් එක තුළ දකින්නට ලැබේ.

 

1. ජාතිවාදය සම්බන්ධයෙන් මෙම ආණ්ඩුව ඉතා තදබල ආස්ථානයක සිටින බව හොදින්ම පෙනෙන්න තිබේ. ඊයේ නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ කළ කතාවෙන් ඒ් බව ඉතාම පැහැදිලිය.

 

2. ජාතිවාදයට විරැද්ධව නමුත් මර්දනයට බයේ නිහඩව සිටි බොහෝ දෙනා ඒ් පිළිබදව තම අදහස් දක්වනු පෙනෙන්නට ඇත. මෙය ඉතා වැදගත් තත්වයකි.

 

3. කිරුළපන ධර්මවිජය වැන්නන්ට මහණ කම ඒපා වන්නේත් විරෝධතා පවත්වන්නට ගොස් ඉරාජ් වැන්නවුන් ලෝක විහිළුවක් බවට පත්ව තිබෙන්නේත් මෙම තද ආස්ථානය සෘජුව හෝ වක්‍රව බලපා ඇත.

 

ni 6

 

නමුත් මම නිර්මාල් පෙන්වා දෙන අවධානමද බැහැර නොකරමි.

 

1. මෙසේ සුලුවෙන් පටන් අරගෙන මෙම මර්දනය කොතෙක් දුරට යයි ද යන්න අපි දන්නේ නැත.

 

2. මෙම මර්දන ක්‍රියාවලිය නිසා ජාතිවාදය ශක්තිමත් වීය හැක.

 

පළවෙනි කරුණ ගැන කියන්නේ නම් මෙය ඔිනෑම ආණ්ඩුවකට තිබෙන අභියෝගයකි. මගේ අදහස වන්නේ ආණ්ඩුව විටින් විට තම මර්දන ක්‍රියාවලිය ගැන විධිමත් සමාලෝචනයක් කළ යුතු බවයි. දෙවෙනි කාරණය ගැන කියන්නේ නම් රාජ්‍ය මාධ්‍ය මගින් හා අධ්‍යාපනය හරහා දුශ් තොරතුරු  හඳුනා ගන්න ආකාරය පිළිබදව දැනුවත් කිරීම් වැඩිකල යුතුය.

 

@Samal Vimukthi Hemachandra fb පිටුවෙන් උපුටාගත්තකි.

නවතම ලිපි