දැන් මාසයකට මඳක් වැඩි කාලයක් ගත වී ඇති එන්පීපී ආන්ඩුව මෑත සතිවලදී එහි සමහර
සාමාජිකයින් ව්‍යාජ වෛද්‍ය පදවි ප්‍රචාරණය කිරීම, සමාජ මාධ්‍යවල සහ පුරවැසියන් අතර බොහෝ විවේචනයන්ට ලක්විය.
විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා බලයට පත් වූ රජයට පාර්ලිමේන්තුවේ කතානායකවරයා වූ අශෝක රන්වල ගේ අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අසමත් වීම නිසා පසුගිය සතියේදී ඔහුට එම ධුරයෙන් ඉවත් වීමට සිදුවීම දැඩි පහරක් ලෙස ඔවුන් සලකති.
නිවේදනයක් නිකුත් කරමින් රංවල හිටපු කථානායකවරයා කියා සිටියේ තමාගේ සුදුසුකම් සම්බන්ධයෙන් තමන් බොරුවක් පවසා නොමැති නමුත් දැනට එය ඔප්පු කිරීමට නොහැකි බැවින් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසුව, තවත් සමහර NPP මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් පිළිබඳවද මේ වන විට සමාජ මාධ්‍යවල විවාදයක් පවතී.
කෙසේ වෙතත්, රජය නොසැලී සිටින අතර, මෙම සිද්ධිය නිසා එහි අඛණ්ඩ වැඩකටයුතුවලට බාධා කිරීමට ඉඩ නොදෙන බව පවසන අතරතුරේම සමහර මැති ඇමතිවරුන් තම නිවැරදිභාවයන් ප්‍රදර්ශනය කිරීමට ද ඉදිරිපත්ව ඇත.
මේ අතර එන්පීපීයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් මාධය වෙත පවසා තිබුණේ රංවලගේ සිද්ධිය ‘අවාසනාවන්ත’ වූවත් එම තත්ත්වය නිවැරදි කිරීමට කඩිනම් පියවර ගැනීමත් සමඟ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සෙසු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ සුදුසුකම් එලෙසම පවත්වාගෙන යන බැවින් ඔවුන්ගේ සුදුසුකම් ඇගයීමට අදහසක් නොතිබූ බවය.
ඇත්ත වශයෙන්ම විය යුතුව තිබුණේ වෙනත් එකකි. ජනතා විමුක්ති පෙරමුණ වැනි වාමවාදීයැයි සඳහන් ප්රවේශයන් සහිත පක්ෂයක මූලිකත්වයෙන් ඇරඹි එන්පීපී රජය මුල පටන්ම අධ්‍යාපනයේ ඉහළ කුලය සහ පංතිය පෙන්වමින් සිදුකළ පංති දෘෂ්ටිවාදය ඉවත් කිරීමට පියවර ගැනීම කළ යුතුව තිබුණකි. සමාජයේ ආර්ථිකයේ ඇති නැති පරතරයටත් වඩා වැඉි සමාජ පරතරයක් මවා පාන මෙම ඊනියා ඇකඩමියානු පීඩිතභාවය අහෝසි කිරීම වෙනුවට එන්පීපී රජය එය ඉහළට ඔසවා ගත්තේ මැතිවරණ ව්‍යාපාරයේ සිටන්මය. එයට නිසි පිළිතුරක් නිර්භයව ප්‍රකාශ කලේ අමාත්‍ය ලාල් කාන්ත සහෝදරයා පමණි. (රාජ්‍ය බලය ලබාගැනීමත් සමග එන්පීපීයේ අත්හළ භාවිතයන් අතර සහෝදරයා යන්නද මුල්ම පේලියේ වේ).
මේ අතර නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිහ් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන එහි තවත් සාමාජිකයින් කිහිප දෙනෙකුගේ සුදුසුකම් පිළිබඳව සමාජ මාධ්‍ය වේදිකාවල මතුව ඇති කනස්සල්ල පැහැදිලි කළ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු කියා ඇත්තේ පුද්ගලයන් දෙදෙනාටම අවශ්‍ය සුදුසුකම් ඇති බවත් ආණ්ඩුවේ ප්‍රතිරූපය විනාශ කිරීමට පදනම් විරහිත චෝදනා ගෙන එමින් විපක්ෂය එය පැතිරවීමට උත්සාහ කරන බවත්ය.
ඇත්ත වශයෙන්ම, සිකුරාදා වෛද්‍ය සාලිහ්, ඔහුගේ ෆේස්බුක් හි ප්‍රකාශයක් කරමින්, ඔහු පකිස්ථානයේ නිෂ්තාර් වෛද්‍ය විද්‍යාලයෙන් MBBS උපාධියක් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඔටෝරිනොලරින්නොලොජි විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇති බවත් පැවසීය.
"මගේ සුදුසුකම් බෙදාගැනීමෙන්, මා කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවගේ විශ්වාසය නැවත තහවුරු කිරීම මගේ අරමුණයි", යනුවෙන් වෛද්‍ය සාලිහ් පවසයි.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ට ලබාදී ඇති සාවද්‍ය ආචාර්ය පදවිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා කියා සිටියේ මෙය පාර්ලිමේන්තු මාධ්‍ය කණ්ඩායම විසින් සිදුකළ වරදක් බවත් එය වහාම නිවැරදි කර ඇති බවත්ය.
කෙසේ වෙතත් අධිකරණ අමාත්‍ය නානායක්කාර ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේ පාර්ලිමේන්තු දත්ත ගබඩාවේ වැරදි අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. එහෙත් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළ බොහෝ අවස්ථාවන්හි එම වරද සිදුකර ඇති බවත් විවිධ මාධ්‍යන්හි පළකර තිබුණි.
කෙසේ වුවද විපක්ෂය හෝ ආණ්ඩුව තුළින්ම හෝ ඇතිකළා යැයි පවසන මෙම ඇකඩමියානු පංති සටන වඩාත් හොඳින් පවත්වාගෙන යෑමට මාලිමා දේශපාලනයට සමීපව සහයෝගය ලබාදුන් සමහර ආචාර්යවරුන් ප්රසිද්ධියේත් අප්රසිද්ධිගතවත් කටයුතු කළ බව මාධ්‍ය වාර්තා මගින් සනාථ කර තිබුණි.
මේ අතර කථානායක අසුන පුරප්පාඩුව පවතින බැවින් අද පාර්ලිමේන්තුව රැස්වන විට නව කථානායකවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජගත් වික්‍රමරත්න යෝජනා කිරීමට අදහස් කර ඇති බව වාර්තා වේ.
පසුගිය දිනවල එල්ල වූ චෝදනා ආණ්ඩුවේ වැඩකටයුතුවලට බාධාවක් නොවිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක තම සමීපතමයන් වෙත දන්වා ඇති අතර, එළැඹෙන අලුත් අවුරුද්දේ දී පවා සියලුම පාර්ලිමේන්තු රැස්වීම් සඳහා එහි සිටින මන්ත්‍රීවරුන් 158 දෙනාටම සහභාගී වන ලෙස ද නියෝග කර තිබේ. එසේම අමාත්‍යවරුන්ට තම අමාත්‍යාංශවල වැඩකටයුතුවලට ප්‍රමුඛත්වය දෙන ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
@සමාරා