සහල් මාෆියාවට පිලිතුර වී අලෙවි මණ්ඩලය නැවත ගොඩනැඟීමද...?
මේ රටේ සහල් මාෆියාවක් හෙවත් ඒකාධිකාරයක් ඇති බව නොරහසකි. වී මෝල් හිමියන් හතර දෙනෙක් අත රටේ සමස්ථ සහල් නිෂ්පාදනයෙන් 30% ක ප්‍රමාණයක් පවති. ඉතිරි 70% ද සහල් මිල තීරණය කරන්නෙ මෙම ප්‍රබල ව්යාපාරිකන්ය.
අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා සහල් මෝල් හිමියන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වා " අපට ලැබුණ ජනවරම තේරුම් ගන්න. ජනතාව ලවා වී මෝල් වටලන්නත් අපට පුළුවන්" යැයි මේසයටද ගසා වහසි බස් දෙඩුවේය. ජනාධිපති සහෝදරයා මේසයට අතින් ගසා නොව මේසය උඩ දහ අට සන්නියම නැටුවත් මහ මෝල් හිමියන් එය පයිසෙකට ගනන් ගන්නෙ නැත. ජනාධිපති සහෝදරයා ජෝකරයෙක් බවට පත් විය.
ජනාධිපති සහෝදරයා සහල් මිලට දුන්නෙ කැකිල්ලේ තීන්දුවකි. 220 ට තිබූ නාඩු සහල් 230 කලේය. ජනවරම අවභාවිතය කලේ එසේය.
මේ දවස්වල වසන්ත සමරසිංහ ඇමති සහෝදරයා වල් බිහි වී ඇති වී අලෙවි මණ්ඩලයට අයත් පරන වී ගබඩා නිරීක්ෂණය කරමින් ඒවා අලුත් වැඩියා කිරීමට උපදෙස් දෙමින් ඇත. එය අතීසාරයට අමුඩ ගැසීමකි. කිසිදු තේරුමක් නැති ක්‍රියාවකි.
වී අලෙවි මණ්ඩලයට සතු දැනට හොඳ තත්වයෙ තියෙන ගබඩා වලවත් වී නැත. ප්‍රශ්ණය තියෙන්නෙ ගබඩා මදි කම නොව ගොවියා ආණ්ඩුවට වී දෙන්නෙ නැත.
තරඟකාරී වෙළඳපොළ ආර්ථිකයක් තුල ආණ්ඩුව කල යුත්තෙ වී අලෙවි මණ්ඩලය සහ වී මෝල් හිමියන් සහ වී අලෙවි මණ්ඩලය අතර තරඟකාරී මිලට වී මිල දී ගැනීමෙ ක්‍රියාවලියකට යාමයි. එය මේ කපේට වන්නෙ නැත. එයට හේතු කිහිපයකි.
- වී මෝල් හිමියන් සෑමවිටම රජයෙ පාලන මිලට වඩා වැඩි මිලකට වී මිල දී ගනු ලබයි. රජය වී ම්ල 110 ක් නියම කල විට වී මෝල් හිමියන් 130 ට මිල දී ගනී. මේ මිල ක්‍රමය සමග හැප්පීමට රජය ක්‍රියාකරන්නෙ නැත.
- වී මෝල් හිමියන් කුඹුරටම ගොස් වී මිල දී ගනු ලබයි. ගොවියාට ප්‍රවාහන ගාස්තුවක් නැත. වී අලෙවි මණ්ඩලය වී මිල දී ගන්න නම් ගොවියා වී අලෙවි මණ්ඩලයට වී ගෙනවිත් බාර දිය යුතුය.
- වී අළෙවි මණ්ඩලයෙ කොන්දේසි රැසකි. ඔවුන් අමු වී ( තෙත වී ) ගන්නෙ නැත. තත්වය හොඳ වේලිච්ච වී පමණක් ගනී. වී මෝල් හිමියන් තෙත වී වලට වෙනම මිලකුත් වේලිච්ච වී වලට වෙනම මිලකුත් ගෙවා මිල දී ගනී.
- වී අළෙවි මණ්ඩලයෙ ගබඩා වලට යන ගොවියාට දින ගනන් රස්තියාදු වීමට සිදු වේ. (ඒවා නිලධාරීන් සහ වී මෝල් හිමියන් අතර වන ඩීල් ද.. ? නැද්ද..? බව දන්නො දනිති)
- වී මිල දී ගැනීමෙ ධාරිතාව වැඩි කිරිමට සහ බෙදා හැරීමට ආයතනය සතු සේවකයන් සහ වාහන ප්‍රමාණවත් ද...? එසේ නැත්නම් සේවක ධාරිතාවය වැඩි කිරීමට ආණ්ඩූවට හැකියාව තිබෙනවාද..?
- වී මෝල් හිමියන් සමග තරඟ කිරීමට නවීන යන්ත්‍ර සූත්‍ර තිබෙනවාද..? නැත්නම් ඒවාත් මිලදී ගැනීමට ආර්ථික හැකියාවක් තිබෙනවාද..?
ගොවියාට මෙතරම් පහසුවෙන් පෞද්ගලික අංශයට වී විකිණිය හැකිව තිබියදී ගොවියා ආණ්ඩුවට වී ටික දෙනවා යැයි කෙනෙකුට සිතෙනවා නම් ඔහු මොලය පරික්ෂා කර ගත යුතුය.
මේවා විවෘත වෙළඳපොළ ආර්ථිකය තුල තොත්ත බබෙක්ට වුවත් තේරෙන සරල න්‍යායන්ය. මහ ලොකු රොකට් සයන්ස් නෙවේය. වසන්ත සමරසිංහලාගෙ වී ගබඩා නිරීක්ෂණය ජනතාව ඇන්දවීමට කරන තවත් මාධ්‍ය සංදර්ශණයක් පමණි.
මේ රටේ වසරකට දල වශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24 ක් පමණ අවශ්‍ය වේ. පිටරටින් ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 65000 ට පෞද්ගලික අංශය සමග තරඟ කරමින් ටෙන්ඩරයක් දාගන්න බැරි ආණ්ඩූව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24 ක් මිල දී ගැනීමට සහ බෙදා හැරීමට හැකියාව තිබේ යැයි ඔබ විශ්වාස කරනවාද..?
ආනයනික සහල් කිලෝවක් සඳහාත් රුපියල් 65 ක බද්දක් ගසා ඇත. එය ජනවරම තේරුම් ගැනීමද...? නැතිනම් සහල් මෝල් හිමියන්ගෙන් චන්දෙට ගත්තා යැයි පැවසෙන සන්තෝසමෙ වරම තේරුම් ගැනීමද..?
ආනයනික සහල් වලට රුපියල් 65 ක බද්දක් නොගසා එම හාල් මිල රුපියල් 200 ට අඩුවෙන් තැබුවා නම් වී මෝල් හිමියන් මේ රටේ ජනතාව ඉදිරියේ දණ ගසන්නේය. එතනදීද ජනහිතකාමී ජනාධිපති සහෝදරයා ගත්තෙ ජනවරමෙ පැත්ත නොව වී මෝල් හිමියන්ගෙ පැත්තය.
සහල් මෝල් හිමියන් සමග සටනින් ආණ්ඩුව පට්ට පදිරි වෙන්න පරාදය. එය පිළිගත යුතුය. ආණ්ඩුවට රටේ ප්‍රශ්ණ හඳුනාගැනීම සහ ඊට පිලිතුරු පිලිබඳව කිසිදු පූර්ව සැලසුමක් තිබී නැත. එයට අත්දැකීම් මදි බවද එක් වූ විට සමස්ත රටම අවුල් ජාලයකි.
ගොවියො අද නාමල් කරුණාරත්නලා ගොවි බිමට එනතුරු බලා සිටිති. වසන්ත සමරසිංහලා මාධ්‍යකරුවන් දුටු විට පැන දුවති. සුනිල් හඳුන්නෙත්තිලා දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් වලින් මාධ්‍යකරුවන් එලවා දමති. ලාල්කාන්ත රජයෙ සේවකයන්ට සෘජූවම තර්ජනය කරයි.
ජනාධිපති පත් වී අදට දින 100 කි. ලංකා ඉතිහාසයෙහි ආණ්ඩූවක් පත් වී පලවෙනි දිනය සියයෙ ඇල්මැරුණු, දියාරුම ආණ්ඩුව මෙයයි. ආණ්ඩුවෙ උඩ සිට පහළටම කයිය පමණක්මය. සෙද්දෙ සෙවුනත් කටේ නරිවාදම අඩු වී නැත.
@ නිලන්ත සත්සර ගමගේ