යුක්රේනයේ ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කෙරෙන ධනාත්මක සාකච්ඡාවලින් පසු
පසුගිය සිකුරාදා ධවල මන්දිරයෙන් පිටව යාමට බලාපොරොත්තු වූ අතර, එක්සත් ජනපදය අනාගතයේ සිය රටේ සැබෑ කොටස්කරුවෙකු කරන ඛනිජ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව සිටියේ ය.
එහෙත් වසර ගණනාවක සිට එක්සත් ජනපදය යුක්රේනය වෙත දක්වන සහයෝගයට වැඩි කෘතඥතාවක් පළ කරන ලෙස ජනාධිපති ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.සී. වෑන්ස් ඉල්ලා සිටීමෙන් පසුව වොලොදිමීර් සෙලෙන්ස්කිට ලෝක මාධ්‍ය ඉදිරිපිට අසාමාන්‍ය බැණවැදීමකට මුහුණ දීමට සිදුවිය.
ව්ලැඩිමීර් පුටින් සමඟ සටන් විරාමයකට එකඟ වීමට ඔහු වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බවට ඔහුගේ අති බලවත් හවුල්කරුවන්ගේ යෝජනා යුක්රේන ජනාධිපතිවරයා පසුපසට තල්ලු කළේය. ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ ඔහු "අගෞරවනීය" වූ බව පවසමිනි.
ජනපතිවරු දෙදෙනා එක්ව පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා වේදිකාවට යාමට පෙර ධවල මන්දිරයෙන් ඉක්මනින් පිටවන ලෙස සෙලෙන්ස්කිට අවසානයේ දී දන්වන ලදී.
ඒ අනුව මේ සතියේ දෙපාර්ශවයේම ප්‍රශංසාවට ලක් වූ ඛනිජ ගිවිසුමට අත්සන් තැබීම සිදු නො වූ අතර "ඔබ සාමය සඳහා සූදානම් වූ විට ආපසු එන්න" යැයි සෙලෙන්ස්කිගේ මෝටර් රථය නික්ම යාමට මද වේලාවකට පෙර ට්‍රම්ප් සිය සමාජ මාධ්‍යවල සටහන් කර තිබුණි.
හමුවීමේ දී වඩාත් උණුසුම් බවට පත් වූ කරුණු හතරක් සහ ඒවා පිටුපස ඇති හැඟීම් මෙන්ම දේශපාලනය පිළිබඳ අවදානය යොමු කිරීමට අපි මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමු.
යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සෙලෙන්ස්කි, වෑන්ස් සහ ට්‍රම්ප් කෝපාවිෂ්ට ලෙස හුවමාරු කරගත් අවස්ථාව නරඹන්න
1) සෙලෙන්ස්කි සහ වැන්ස් අතර ඇවිලුණු කෝපය
ආරම්භයේදී පැය භාගයක පමණ සුහද සාකච්ඡා සහ විධිමත් ව එම කටයුතු පැවති අතර, "සාමය සඳහා වන මාවත සහ සෞභාග්‍යයේ මාවත සමහර විට රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නියැලීම" යැයි වෑන්ස් පැවසීමත් සමඟ ඕවල් කාර්යාලයේ නොසන්සුන්තාව ඇති විය.
"ජනාධිපති ට්‍රම්ප් කරන්නේ ඒක තමයි," ඔහු පැවසීය.
සෙලෙන්ස්කි එහිදී මැදිහත් වූයේ, 2019 දී අසාර්ථක වූ සටන් විරාමය ද ඇතුළුව වසර තුනකට පෙර පූර්ණ පරිමාණ ආක්‍රමණයට වසර තුනකට පෙර පැවති රුසියාවේ ආක්‍රමණශීලීත්වය ගැන ද සඳහන් කරමිනි.
"කිසිවෙක් ඔහු ව නැවැත්තුවේ නැහැ," ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගැන පැවසීය.
"මොන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයක් ගැනද ජේ.ඩී. ඔයා කියන්නේ? මොකක්ද ඔයා කියන්නේ?" ඔහු පැවසීය.
එවිට එම වචන හුවමාරුව පෙනුමෙන්ම නොසන්සුන් වූ අතර, වැන්ස් පිළිතුරු දෙමින්: "ඔබේ රටේ විනාශය අවසන් කරන ආකාරයේ." කියා සිටියේය.
පසුව උප ජනාධිපතිවරයා සෙලෙන්ස්කි ට චෝදනා කළේ ඇමෙරිකානු මාධ්‍ය ඉදිරියේ 'අගෞරවයක්' වන අයුරින් දොස් පවරමින් කටයුතු කරන බවට ය.
යුක්රේන නායකයා සමඟ ආතතීන් පළමුව උත්සන්න වූයේ, පුටින් සමඟ සාකච්ඡා අරඹමින් ඉක්මන් සටන් විරාමයකට යොමු කිරීම මගින් යුද්ධය අවසන් කිරීමට ජනපති ට්‍රම්ප් දරන උත්සහය ආරක්ෂා කිරීමට වැන්ස් දරූ උත්සාහයත් සමග ය.
2) 'අපිට දැනෙන්නේ මොකද්ද කියලා අපිට කියන්න එන්න එපා'
යුක්රේන ජනාධිපතිවරයාට යුක්රේන හමුදාව සම්බන්ධව ඇති ගැටලු සම්බන්ධයෙන් වැන්ස් අභියෝග කළ පසු, සෙලෙන්ස්කි මෙසේ පිළිතුරු දුන්නේය:
"යුද්ධයක් තියෙනකොට, හැම කෙනෙකුට ම ප්‍රශ්න තියෙනවා, ඔබට පවා. ඔබට දැන් හොඳ සාගරයක් තියෙනවා..ඒත් දැන් ඒක ඔබට දැනෙන්නේ නැහැ, නමුත් අනාගතයේදී ඔබට ඒක දැනේවි."
එම ප්‍රකාශය ගැන ට්‍රම්ප් තම සැලකිල්ල යොමු කළ අතර එම මොහොත දක්වාම සෙලෙන්ස්කි සහ උප ජනාධිපතිවරයාට සීමා වී තිබූ ගැටුමට ඔහු ද සම්බන්ධ විය.
යුද්ධයේ ආක්‍රමණිකයා සමඟ ගනුදෙනු කිරීමේ සදාචාරාත්මක අනතුර වටහා ගැනීමට ට්‍රම්ප් අසමත් වූ බව ට යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියේය.
රුසියාව සමඟ ගනුදෙනු කිරීමේදී විවේචකයින් පවසන, ට්‍රම්ප්ගේ මූලික වැරදි ගණනය කිරීම් සෙලෙන්ස්කිගේ පණිවිඩයත් සමග මානසිකව ගැඹුරින් බලපෑම් කිරීමට හේතු විය හැකිය. එනම්, මොස්කව්හි හුදකලාව අවසන් කිරීම සහ ඉක්මන් සටන් විරාමයක් අපේක්ෂා කිරීමෙන් ඔහු පුටින් ව ධෛර්යමත් කිරීම, යුරෝපය දුර්වල කිරීම සහ යුක්රේනය ගිල ගැනීමට විවෘතව තැබීමේ අවදානමක් තිබේ.
ට්‍රම්ප් යුක්රේන යුද්ධය පිළිබඳ හඳුන්වා දෙනු ලැබුවේ දෙපාර්ශවය අතර පවතින යම් ආකාරයක ද්විමය ගැටුමක් ලෙස ය, එනම් දෙපාර්ශවයට ම තම බරෙහි කොටස හෝ සටන සඳහා වන හේතූ වෙත දොස් පවරමිනි.
නමුත් එහිදී, සෙලෙන්ස්කි මෙම චින්තනයේ ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගැන අනතුරු ඇඟවීමට උත්සාහ කළේය. යුක්රේන නායකයා ඕවල් කාර්යාලයේදී ට්‍රම්ප්ට සෘජුව ම පැවසුවේ මෙයයි: එනම් 'රුසියාව සනසන්න, එවිට යුද්ධය ඔබ වෙත පැමිණෙනු ඇත' යන්න යි.
එය ට්‍රම්ප්ගේ ලොකුම ප්‍රතික්‍රියාවට හේතු විය. "අපිට දැනෙන දේ අපිට කියන්න එන්න එපා. ඒක නියම කරන්න ඔබට පුළුවන් කමක් නැහැ," කටහඬ උස් කරමින්, ඔහු කියා සිටියේ ය.
"ඔබට දැන් කාඩ් නැහැ," ජනපති ට්‍රම්ප් ඔහුට කීවේය. "ඔබ සූදු කෙළින්නේ මිලියන ගණනකගේ ජීවිතත් එක්ක."
මෙම වචන හුවමාරුවේදී ට්‍රම්ප්ට එරෙහිව නැගී සිටිනු දැකීමට කැමති අය අතර සෙලෙන්ස්කිට ප්‍රශංසාව දිනා ගත හැකිය. නමුත් මේ මොහොතට, යුරෝපයේ යුද්ධයේ සහ සාමයේ යුගය තීරණය කළ හැකිය.
3) 'ඔබ තනි වෙලා හිටියේ නැහැ': ට්‍රම්ප්ගෙන් ප්‍රතිප්‍රහාර
සංවාදයේ එක් අවස්ථාවක, සෙලෙන්ස්කි මෙසේ පැවසීය: "යුද්ධයේ ආරම්භයේ ඉදලා ම, අපි තනියෙන් හිටියේ. අපි කෘතඥ වෙනවා."
මෙය ට්‍රම්ප් කෝපයට පත් කළේ, මෙම යුද්ධය ඇමෙරිකානු බදු ගෙවන්නන්ගේ කාණුවක් බවට යළි රාමු කරමිනි.
"ඔබ තනියම හිටියේ නෑ" ඔහු කීවේය. "ඔබ තනිව හිටියේ නැහැ. අපි ඔබට - මේ මෝඩ ජනාධිපතිවරයා හරහා - ඩොලර් බිලියන 350 ක් දුන්නා," ට්‍රම්ප් බයිඩන් ගැන සඳහන් කරමින් පැවසීය.
රැස්වීම අතරතුර සෙලෙන්ස්කි එක්සත් ජනපදයට ස්තූති කළේද යන්න වැන්ස් විමසා සිටි අතර පසුගිය වසරේ එක්සත් ජනපද මැතිවරණයේදී "විපක්ෂයට" - ඩිමොක්‍රටික් - ඡන්ද ප්‍රචාරක කටයුතු කළ බවට ද ඔහුට චෝදනා කළේ ය.
"ඔහු හයියෙන් කතා කරන්නේ නැහැ," ට්‍රම්ප් දෘෂ්‍යමාන ලෙස කෝපයට පත්වෙමින් ආපසු කියා සිටියේ ය. "ඔබේ රට විශාල කරදරයක."
"ඔබ දිනන්නේ නැහැ, ඔබ මේක දිනන්නේ නැහැ," ට්‍රම්ප් පැවසීය. "ඔයා ට අපි නිසා හරි එලියට එන්න හොඳ චාන්ස් එකක් තියෙනවා."
මෙම ප්‍රකාශය, ඇමෙරිකානුවන් නොවැම්බර් මැතිවරණයේ ඡන්ද පොළට යාමට සති කිහිපයකට පෙර - ජෝ බයිඩන්ගේ උපන් ගම වන පෙන්සිල්වේනියාවේ ස්ක්‍රැන්ටන්හි යුධෝපකරණ කම්හලකට සෙලෙන්ස්කි කළ සංචාරය පිළිබඳව කළ එකකි.
මෙම සංචාරය ගැන රිපබ්ලිකන් පාක්ෂිකයින් කෝපයට පත් වූ අතර, මැතිවරණ බල කොටුවක් වූ ප්‍රාන්තයක සිදුකළ මෙම සංචාරය කමලා හැරිස් වෙනුවෙන් පක්ෂග්‍රාහී ප්‍රචාරක උත්සවයක් බවට පත් කළ බවට සෙලෙන්ස්කිට චෝදනා කළේය.
මෙය ගෝලීය ආරක්ෂාවේ අනාගතය සඳහා තීරණාත්මක මොහොතක තම කාමරයට ම එන ඇමෙරිකාවේ ම ධ්‍රැවීකරණය වූ අභ්‍යන්තර දේශපාලනයේ කටුක බෙදීමකි.
"ඔහු හයියෙන් කතා කරන්නේ නැහැ," ට්‍රම්ප් පෙනෙන ලෙස ම කෝපයට පත්වෙමින් ආපසු කියා සිටියේ ය.
"ඔබේ රට විශාල කරදරයක."
"ඔබ දිනන්නේ නැහැ, ඔබ මේක දිනන්නේ නැහැ," ට්‍රම්ප් පැවසීය. "ඔබ ට අපි නිසා හරි එළියට එන්න හොඳ චාන්ස් එකක් තියෙනවා."
4) සෙලෙන්ස්කි පිටුපසට තල්ලු වීම - ගෙවිය යුතු මිල කීයද?
"මේ වගේ බිස්නස් කරන එක ගොඩක් අමාරු දෙයක් වෙයි," ට්‍රම්ප් පැවසීය. "ආකල්ප වෙනස් වෙන්න ඕන නිසා, ඒක කරන එක අසීරු වෙන්න පුළුවන්."
ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා සෙලෙන්ස්කිට තරවටු කළ අතර, ඔහුගේ "ආකල්පය" ලෙස ඔවුන් සැලකූ දෙයින් වඩාත් කෝපයට පත් වන අයුරු පෙනී ගියේ ය.
"ස්තූතියි කියන්න" වෑන්ස් එක් අවස්ථාවක ඉල්ලා සිටියේය.
ඔහු තම රට ආක්‍රමණයෙන් ආරක්ෂා කිරීමට වසර තුනක් පුරා කටයුතු කරමින් සිටින අතර, පුටින් වෙන් කිරීමට උත්සාහ කළ සමාජය සහ එහි දේශපාලන නායකත්වය එක්ව තබා ගැනීමට උත්සාහ කළේය.
නමුත් මෙහි ප්‍රධාන කැමරා රූගත කිරීම්වලට අමතරව කාමරයේ තවත් දේවල් දක්නට හැකි විය. ඇමෙරිකාවේ යුක්රේන තානාපති ඔක්සානා මාකරෝවා වාද විවාද උත්සන්න වන විට ඇගේ නළලට දෑත් තබාගෙන සිටින අයුරු එහිදී දැක ගත හැකි විය.
එය සෙලෙන්ස්කිගේ රාජ්‍යතාන්ත්‍රික ස්ථාවරය සහ රුසියාව පලවා හැරීමට උත්සාහ කිරීමේදී මේ වන තෙක් ඔහුගේ සුපිරි බලවත් අනුග්‍රාහකයා සමඟ ඇති සබඳතාව පෙන්වන රූපයකි.
පසුගිය සිකුරාදා ඔහු මෙලෙස ට්‍රම්ප්ට එරෙහිව නැගී සිටීම අවසානයේ දී පුටින් හමුවේ පරාජය විය හැකිය.
@BBC sinhala