SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යුරෝපා සංගමය (EU) තමාට එරෙහිව දරන ස්ථාවරය විවේචනය කරමින්,

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථාවත් කිරීම  සඳහා තමාට ගෞරවය පුද කිරීමට පෙර සංගමය මුලින්ම තමාව ධුරයෙන් පහ කිරීමට උත්සාහ කළ බව පැවසීය.

 

 

ඊයේ සවස අල් ජසීරා ඔස්සේ විකාශය වූ අල් ජසීරා හි හෙඩ් ටු හෙඩ් වැඩසටහනේදී බ්‍රිතාන්‍ය විකාශක මෙහ්ඩි හසන් සමඟ පැවති උණුසුම් සම්මුඛ සාකච්ඡාවකදී, හිටපු ජනාධිපතිවරයා මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි අඛණ්ඩතාව පිළිබඳව ද ප්‍රශ්න කළේය.

 

 

ගාලු මුවදොර විරෝධතාකරුවන් හැසිරවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයෙන් ලැබුණු විවේචන පිළිබඳව  වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු මෙසේ පැවසීය:

 

"යුරෝපීය සංගමය සමහර ආයතනවලට අරමුදල් සපයා තිබූනු අතර, මගෙන්  ඉල්ලා අස්වෙන්නයැයි ඉල්ලා සිටියා. ඉන්පසු එම සංගමයම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත් මිනිසා ලෙස මට ප්‍රශංසා කළා."

 

එසේ තිබියදීත්, රනිල් වික්‍රමසිංහ පැවසුවේ තමා තවමත් යුරෝපා සංගමයට "කැමති" බවයි.

 

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් මතු කරන ලද මානව හිමිකම් ගැටළු පිළිබඳව හසන්ගේ ප්‍රශ්නයට, වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, "ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ලෝකයේ අපේ කලාපය තුළ අපකීර්තියට පත්ව ඇත," යනුවෙනි.  (එහිදී විකාශකයා විසින් වාක්‍යය මැද කපා හැරීමට හේතුව පැහැදිලි කළේය).

 

සම්මුඛ සාකච්ඡාව අතරතුර, හිටපු ජනාධිපති වික්‍රමසිංහ, නෙරපා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නඩු පැවරීමෙන් ආරක්ෂා කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

 

2022 දී මහජන විරෝධතාවලින් පසු රටින් පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින්නේ දැයි විමසූ විට වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙසේ  පැවසීය.

 

"මගේ රටේ, නඩු පැවරීම තීරණය කරන්නේ දේශපාලන චරිතයක් නොවන නීතිපතිවරයායි - අපට ඇත්තේ සාක්ෂි ඔහු ඉදිරියට යැවීම පමණයි,"

 

 

2022 දී වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂව  අත්අඩංගුවට ගැනීමකින් තොරව නැවත රටට ඇතුළු වීමට ඉඩ දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසීය:

 

“ඔහුට [ආපසු] එන්න පුළුවන්. ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් නැහැ. මම  කොහොමද  ඒකාධිපතියෙක් වෙන්නෙ?”

 

 

ISIS සංවිධානයට සම්බන්ධවූවෙකු විසින් සිදු කරන ලද 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ “වෙනත් බලවේග” ඔහුගේම රජය විසින් ආරක්ෂා කර ඇති බවට කතෝලික පල්ලිය විසින් කරන ලද අලුත් චෝදනා සම්බන්ධයෙන් ද හසන් විසින් ලංකාවේ හිටපු ජනාධිපතිවරයාට බලපෑම් කළේය.

 

 

ඊට ප්‍රතිචාර වශයෙන් රනිල් වික්‍රමසිංහ චෝදනා "සියල්ල විකාර" ලෙස හැඳින්වූ අතර එය "කතෝලික පල්ලියේ දේශපාලනයට" උදාහරණයක් ලෙසත්  දැක්වීය.

“ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ ප්‍රධානියා විකාර කතා කරනවාද?” හසන් ප්‍රශ්න  කළේය.

 “ඔව්,” රනිල් වික්‍රමසිංහ පැවසීය.

 

 

2019 දී අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ පිළිබඳ ලංකාවේ කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුගේ ප්‍රසිද්ධ ප්‍රකාශවලට මෙන්ම, රූපවාහිනී පටිගත කිරීමට පෙර කාදිනල්තුමා අල් ජසීරා හි ප්‍රධාන කණ්ඩායමට කළ සුවිශේෂී අදහස් දැක්වීම්වලට ප්‍රතිචාර දැක්වූයේය.

 

අල් ජසීරා සමඟ දුරකථන ඇමතුමකදී මැල්කම් රංජිත් කාදිනල් හිමි පැවසුවේ, සැබවින්ම ස්වාධීන පරීක්ෂණයක් සඳහා පල්ලියේ ඉල්ලීමට අවනත වීමට රනිල් වික්‍රමසිංහ අපොහොසත් වූ බවත්, රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධුර කාලය තුළ පෙර පරීක්ෂණයක් සහ වාර්තාවක් කැඳවූ බවත්, එය ලියා තිබූ කඩදාසිය තරම්වත් වටින්නේ නැති බවත්ය.

 

 

ල්ටීටීඊය  (දෙමළ කොටි ලෙසද හැඳින්වේ) සමඟ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සඳහා සත්‍යය සහ සංහිඳියාව වෙත යොමු වෙමින්, 2009 දී අවසන් වූ ගැටුමේ වින්දිතයින් දහස් ගණනකට යුක්තිය ඉටු වී ඇත්දැයි වැඩසටහන මෙහෙයවූ හසන් විමසීය.

රනිල් වික්‍රමසිංහ පිළිතුරු දුන්නේ : “නැහැ. කිසිදු ප්‍රජාවකට යුක්තිය ඉටු වී නැත.” යනුවෙනි.

 

 

ජනාධිපති වශයෙන්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා කරන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා ලෙස නැවත පත් කළේ මන්දැයි විමසූ විට, වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙසේ පැවසීය,

 

“මැතිවරණයක් අතරතුර හමුදාපතිවරුන් පත්කිරීම් නොකිරීම සිරිතක්.” “මම වැඩ භාරගත් විට, මම එය පරීක්ෂා කරද්දී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එයට සම්බන්ධ නැති බවට  මම සෑහීමකට පත් වුණා.”

 

 

1980 ගණන්වල අගභාගයේදී අමාත්‍යවරයෙකු ලෙස තමා ජීවත් වූ නිවාස සංකීර්ණයක් වන බටලන්දෙහි සිදුවන නීති විරෝධී රඳවා තබා ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ ඝාතන පිළිබඳව තමා දැන සිටි බවට රජයේ කොමිසමක් විසින් කරන ලද චෝදනා වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කළේය.

 

"මම ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා,"

 

 

 අල්ජසීරා මගේ හොඳම කෑල්ල කපලා!

නවතම ලිපි