ජනාධිපතිවරණයට පෙර ඊට ආසන්න කාලයක මාගේ සමීප මිතුරෙක් මහනුවර
පාස්පෝට් කන්තෝරුව ඉදිරියෙන් ගමන් කරන හැම වාරයකම පෝලිමේ ඉන්න මිනිස්සු දිහා බලාගෙන ආණ්ඩුවට දෙස් දෙවොල් තියන එක පුරුද්දක් විය.
" මේ ප්‍රශ්න විසඳන එක ඉතා සුළු දෙයක් බවත්, මෙහෙම මිනිස්සු රස්තියාදු වෙන්න රටක ආණ්ඩුවක් තියෙන්න ඕනිද යන බවත්, පාස්පෝට් එකක් ගන්න බැරි රටක් වැඩක් නැති බවත් " ඔහු නිතර පැවසීය.
මේ සමය මැතිවරණයට ආසන්න සමයක් නිසා, රාජ්‍ය ආයතන වල අසමත් කම, මිනිස්සු රස්තියාදු කරවීම, රාජ්‍යයේ අසමත් බව ගැන විශාල කතා බහක් ඇති කරපු සමයක් විය.
මැතිවරණයෙන් පසුව පාස්පෝට් ගැනීම ඔන්ලයින් ක්‍රමයට සැලසුම් කර පසු මාද ඇතුළු බොහෝ දෙනෙක් ඉතා සතුටු විය, ප්‍රශ්නය විසඳූ බවට මාද්‍ය හරහාද ප්‍රචාරයක් දියත් විය.
පිළිවෙලකට වැඩක් කර ගැනීමට හැකි වීම පිළිබඳව සතුටු වී මාද ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් එක අලුත් කර ගැනීම සඳහා ඉල්ලුම් කරේ ගිය අව්රුද්දෙ දෙසැම්බර් 06 වෙනිදාය, ඉන් අනතුරුව ඇඟිලි සලකුණු තැබීමට සහ ලියකියවිලි පරික්ෂාවට කැඳවුයේ ජනවාරි මස 23 වනදාය, අද මේ වෙන තුරු අයදුම් පත්‍රය පිලි අරගෙන වත් නැත. ඉල්ලුම් කර දවසේ සිට මේ වනකොට මාස තුනක් ගෙවී ගොස් ඇත.
වෙබ් අඩවියේ සඳහන් එක දුරකථන අංකයක් වත් වැඩ නොකරන නිසා මහනුවර පාස්පෝට් කන්තෝරුවට ගියෙමි, එහි සිටි නිලධාරිවරියගෙන් මාගේ දුක් ගැනවිල්ල කියා ගමන් කිහිපයක් සැලසුම් කරගැනීමට ඇති බවත් කවදා වගේ පාස්පෝට් එක ලැබේද කියා විමසු විට ලැබුන පිළිතුර වුනේ "අපෝ මහත්තයා ගොඩාක් කල් යයි, එන දවසක් අපිටවත් කියන්න බෑ කියාය. " තවද අත්‍යවශ්‍ය කාරණයක් නම් කොළඹ කාර්යාලයට ගොස් විමසීමක් කල හැකි බවද පැවසීය, ඩොලරය මේ තරම් අගයක් ගන්න රටක අත්‍යවශ්‍ය නොවන කාරණයකට විදෙස් ගත වන්නත් බොහොම සුළුතරයකි, පාස්පෝට් එක ගන්න අත්‍යවශ්‍ය නැත්තම් ඉල්ලුම් කරන්නේ නැත.
මේ හෑල්ල ලියුවා කියා පාස්පෝට් ලැබෙන්නේ නැති බව දනිමි. නමුත් ලිව්වේ, රාජ්‍ය ආයතනයකට ගිහින් අර යකා නටන මනුෂ්‍යයා දැකලා ඇති වෙච්ච සංවේගයෙන්ය, ප්‍රශ්නයක් විසඳා ගැනීමට ඇති හොඳම විදිහ අපේ බදු සල්ලි වලින්ම ගොඩ නැගූ දේපල විනාස කරන එක නොවන බව දනිමි.
නමුත් රාජ්‍ය ආයතන වල වැඩක් කර ගැනීමට යනවානම් එන කේන්තිය නිසා දිව යට හදිසියට තියන්න ප්‍රෙෂර් පෙත්තක් රැගෙන යා යුතු බවද අත්දැකීමෙන් දනිමි.
පාස්පෝට් ප්‍රශ්නේ විසඳන්න කොමිසමක් දැමු බව කනින් කොනින් අසන්නට ලැබුණි, අතීතයේ දවසක උදේ පාස්පෝට් එක අලුත් කරගෙන හවස ෆ්ලයිට් එකේ විදේශ ගත උන හැටි මට සිහිවේ.
පාස්පෝට් කන්තෝරුව ඉදිරියෙන් යද්දී ආඩපාලි දෙස් දෙවොල් තියපු මිතුරා දැන් දෙස් දෙවොල් නොතියා ඉවසීම ප්‍රගුණ කරගෙන උපේක්ෂාවෙන් පාස්පෝට් ප්‍රශ්නේ දිහා බලන්නට හුරු වීමම ජයග්‍රහණයකි.
කොහොමෙන් කොහොම හරි විය යුත්තේ මිනිස්සු උපේක්ෂාවෙන් ජිවිතයේ ප්‍රශ්න දිහා බලන්නට හුරු වීමය.
මගේ පාස්පෝට් එක ලබා ගැනීම මේ මොහොතේ කල හැකි හොඳම දේ බාරයක් වීම යයි මට හැඟෙන නිසා , " මාගේ පාස්පෝට් එක ඉක්මනින් ලැබේවා " කියා ලියා කොඩියක් එල්ලා ,බාර වෙමි.