SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Tibetan spiritual leader, the Dalai Lama, is escorted into a hall by monks holding his hands at his Himalayan residence in Dharamshala, India, December 20, 2024

 

නූතන විශ්වීය කරුණාවේ මුද්‍රාව වශයෙන් හැඳින්වෙන, ටිබෙටයේ ආධ්‍යාත්මික නායක ශුද්ධෝත්තම 14 වන දලයි ලාමා වහන්සේ

"උන්වහන්සේගේ මීළඟ අනුප්‍රාප්තිකයා චීනයෙන් පිටත උපත ලබන බව" නව ග්‍රන්ථයක මෑතකදී සඳහන් කොට ඇත.

 

 

දශක හතක් පුරා චීන දේශපාලන නායකයන් සමඟ උන්වහන්සේ කළ ගනුදෙනු පිළිබඳ විස්තරයක් ලෙස දලයි ලාමා වහන්සේ හඳුන්වන මෙම නව ග්‍රන්ථය පසුගිය අඟහරුවාදා, එක්සත් ජනපදයේ විලියම් මොරෝ විසින් සහ බ්‍රිතාන්‍යයේ හාපර්නොන්ෆික්ෂන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර, ලොව පුරා රටවල මෙම ග්‍රන්ථය හාපර්කොලින්ග් ප්‍රකාශන යටතේ බෙදා හරිනු ලැබීය.

 

 බුක්

The Dalai Lama poses with his new book "Voice for the Voiceless"

 

 

එමෙන්ම එමඟින් උන්වහන්සේ මීට දශක හයකට පෙර ටිබෙටය හා චීන කොමියුනිස්ට් දේශපාලන අධිකාරිය අතර ඇති වූ ආරවුල නැවතත් ආමන්ත්‍රණය කොට ඇත.

 

දැනට අසූ නව හැවිරිදි වියේ පසුවන දලයි ලාමා වහන්සේ අපවත් වීමෙන් පසුව ලෝකය පුරා සිටින ටිබෙට් ජාතිකයන්ට අවශ්‍ය උන්වහන්සේ හා සමානම "හඬක් නැති ඔවුන් උදෙසා හඬක් නගන" අනුප්‍රාප්තිකයෙකි. එමෙන්ම දලයි ලාමා වහන්සේ මීට පෙර ද පවසා තිබුණේ ආධ්‍යාත්මික නායකයන්ගේ පෙළපත බොහෝ දුරට උන්වහන්සේගෙන් අවසන් විය හැකි බවයි.

 

images 1

 

උන්වහන්සේ සිය අනුප්‍රාප්තිකයාගේ උපත නිදහස් ලෝකයක සිදුවන බවත්, එය චීන රාජ්‍යයෙන් පිටතදී සිදු වන බවත් සඳහන් කරයි. මින් පෙර උන්වහන්සේ අනුප්‍රාප්තිකයාගේ උපත පිළිබඳ විස්තර කර තිබුණේ ටිබෙටයෙන් පිටතදී හෝ ඉන්දියාවේ මෙම පුනරුප්පත්තිය සිදුවිය හැකි බව පමණි.

 

ටිබෙට් සම්ප්‍රදායට අනුව ජ්‍යේෂ්ඨ බෞද්ධ භික්‍ෂුවකගේ ආත්මය උන්වහන්සේගේ මරණයෙන් පසු ළදරුවෙකුගේ ශරීරය තුළ පුනරුත්පත්තිය ලබයි. වත්මන් දාලා ලාමා වහන්සේ, උන්වහන්සේගේ පූර්වගාමියාගේ පුනරුප්පත්තිය ලෙස හඳුනාගෙන ඇත්තේ උන්වහන්සේට වයස අවුරුදු දෙකේදී ය.

 

 

2018 09 03 Dharamsala G09 A737469

 

"පුනරුත්පත්තියක අරමුණ පූර්වගාමියාගේ කාර්යයන් අඛණ්ඩව කරගෙන යාම බැවින් නව දලයි ලාමා වහන්සේ නිදහස් ලෝකයේ උපත ලබනු ඇත. එවිට උන්වහන්සේ දලයි ලාමාවරුන්ගේ සාම්ප්‍රදායික මෙහෙවර වන විශ්වීය කරුණාව සඳහා හඬ නැගීම, තිබෙට් ජනතාවගේ ආධ්‍යාත්මික නායකයා වීම සහ තිබෙට් ජනතාවගේ අභිලාෂයන් මූර්තිමත් කරන සංකේතය වීම යන කාර්යයන් ඉටු කරනු ඇත" යනුවෙන් ද දලයි ලාමා වහන්සේ දීර්ඝව නව ග්‍රන්ථයේ සඳහන් කර ඇත.

 

 

දලයි ලාමා වහන්සේ ටිබෙටයෙන් පිටුවහල් වීම...

 

dalayi end day 2

 

14 වැනි දලයි ලාමා වහන්සේ (ටෙන්සින් ග්‍යාට්සෝ) 20 වැනි සියවසේ දාම ඝාතකයා වූ මා ඕ සේතුංගේ කොමියුනිස්ට්වාදී පාලනයට එරෙහිව නැගී සිටි බැවින් උන්වහන්සේට එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් 1959 වර්ෂයේදී, වයස අවුරුදු 23ක්ව තිබියදී තවත් දහස් ගණනක තිබෙට් ජාතිකයන් සමඟ ඉන්දියාවට ආරක්‍ෂාව පතා ගියේ ය.

 

ඒ අනුව චීන කොමියුනිස් පාලනයට යටත් වූ ටිබෙටයෙහි ලක්ෂ සංඛ්‍යාත භික්‍ෂූන් වහන්සේලා සහ සිවිල් වැසියන් ඝාතනයට ලක් වූ අතර, දැඩි මර්දනකාරී පිළිවෙතක් යටතේ ඔවුන්ට වර්තමානය දක්වා ජීවත්වීමට සිදුව ඇත.

 

 75027984ded0a5b6d32e1d2d762679ad 715 2

 

තමන්ට අහිමි වූ ටිබෙට් සම්ප්‍රදාය හා සංස්කෘතියේ රැකගැනීමේ අරමුණ ජීවමානව තබා ගැනීම වෙනුවෙන් 1989 දී උන්වහන්සේට නොබෙල් සාම ත්‍යාගය පවා හිමි විය. එමෙන්ම උන්වහන්සේ චීන කොමියුනිස්ට් පාලනය හඳුන්වන්නේ "බෙදුම් වාදියෙක්"ලෙස ය.

 

 

උන්වහන්සේගේ මෙම ප්‍රකාශ ඇතුළත් නව ග්‍රන්ථය පිළිබඳ පසුගිය අඟහරුවාදා චීනයේ බීජිං නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් විමසූ විට චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසූයේ "දේශපාලන පිටුවහල් කරුවෙකු වන දලයි ලාමාට ටිබෙට් ජනතාව නියෝජනය කිරීමට කිසිසේත්ම අයිතියක් නැති බවයි."

 

ඒ අනුව චීනය විසින් මීළඟ දලයි ලාමා වහන්සේ තෝරා ගන්නා බව අවධාරණය කරන අතර, නමුත් එලෙස චීනය විසින් නම් කරන ලද අනුප්‍රාප්තිකයා සැබෑ අනුප්‍රාප්තිකයා නොවන බවත්, එහෙයින් එම අනුප්‍රාප්තිකයාට ගරු නොකරන ලෙසටත් දලයි ලාමා වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 7 1

 

නමුත් එලෙස පවසා තිබියදීත් චීනයේ මධ්‍යම රජය විසින් තවදුරටත් පවසා සිටින්නේ "මීළඟ අනුප්‍රාප්තිකයාගේ ආගමික තත්ත්වය ද, නම ද චීන මධ්‍යම රජය විසින් තීරණය කරන ලද බවටත්, වත්මන් බලයිලාමා වහන්සේගේ ආගමික චාරිත්‍ර සහ ඓතිහාසික සම්මුතින් එලෙසින්ම මීලග අනුප්‍රාප්තිකයාට ලබා දෙන බවත් ය."

 

 

එමෙන්ම මර්ධනකාරී චීන කොමියුනිස්ට් පාලනය දලයි ලාමා වහන්සේට අනතුරු අඟවෙමින් පවසා සිටින්නේ "දලයි ලාමා වහන්සේ නිවැරදි මාර්ගයට නැවත පැමිණෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, ටිබෙටය සහ තායිවානය යනු චීනයේම කොටස් බවත්, පවතින එකම නීත්‍යානුකූල රජය චීන මහජන සමූහාණ්ඩුව බවත් ය."

 

 

 

නමුත් මෙම ප්‍රකාශය ඉන්දියාවේ පිහිටා ඇති ටිබෙට් පාර්ලිමේන්තුව විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. දලයි ලාමා වහන්සේගේ සහ ටිබෙටයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ටිබෙට් බෞද්ධයකු වන රිචඩ් ගෙයාර්, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හිටපු කතානායක නැන්සි පෙලෝසි ආදීන් ද සහාය දක්වති.

 

 images

 

එමෙන්ම පසුගිය කාලයේ දලයි ලාමා වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලොව පුරා උන්වහන්සේගේ අනුගාමිකයන් මහත් කනස්සල්ලට පත්ව සිටියහ.

 

නමුත් පසුගිය දෙසැම්බර් මාසයේ උන්වහන්සේගේ දනහිසේ කළ සැත්කමෙන් පසු රොයිටර් පුවත් සේවය අමතා පැවසූයේ උන්වහන්සේට අවුරුදු 110 දක්වා ජීවත් විය හැකි බවයි.

 

එමෙන්ම උන්වහන්සේ නව ග්‍රන්ථයේ දක්වා ඇත්තේ දශකයකට වැඩි කාලයක් තිස්සේ ලොව පුරා සිටින ටිබෙට් ජාතිකයන්ගෙන් "දලයි ලාමා පරම්පරාව දිගටම පවතින බවට සහතික වන ලෙස" ඉල්ලීම් ලක්ෂ ගණනක් එන බවයි.

 

 

එමෙන්ම දලයි ලාමා වහන්සේ තවදුරටත් පවසා ඇත්තේ "උන්වහන්සේගේ නිජබිම මර්දනකාරී කොමියුනිස්ට් චීන පාලනයේ ග්‍රහණයේ පවතින බවත්, උන්වහන්සේගේ මරණය සිදුවූ පසුව වුවත්, අන් කුමක් වුවත් නිදහස සඳහා වන ටිබෙට් ව්‍යාපාරය දිගටම පැවතිය යුතු බවයි.

 

 

ටිබෙට් ජනතාවට තමන්ගේම නිජබිමේ භාරකරුවන් වීමට ඇති අයිතිය ප්‍රතික්ෂේප කළ නොහැකි අතර, කොතරම් පීඩන එල්ල කළද නිදහස සඳහා වූ ඔවුන්ගේ අරමුණ විනාශ කළ නොහැක.

 

 

ඉතිහාසයෙන් අප උගත් පැහැදිලි පාඩමක් වන්නේ, ඔබ මිනිසුන් තබාගන්නේ අසතුටින් නම්, කිසිදා ස්ථාවර සමාජයක් බලාපොරොත්තු විය නොහැකි බවයි."

 

 

එමෙන්ම උන්වහන්සේගේ වයසට සාපේක්ෂව ටිබෙටයට නැවතත් යාමේ බලාපොරොත්තු 'සිදුවිය නොහැකි' ඝනයට වැටෙන බව ද උන්වහන්සේ අවසාන වශයෙන් සඳහන් කර ඇත.

 

 

මූලාශ්‍ර - https://www.reuters.com/world/asia-pacific/dalai-lama-says-his-successor-be-born-outside-china-2025-03-11/

නවතම ලිපි