SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ග්‍රාම නිලධාරිනියන්ගේ ආරක්ෂාව සහතික කරන තෙක් අද (මාර්තු 14) මධ්‍යම රාත්‍රී 12:00 සිට

දිවයින පුරා සියලු ම ග්‍රාම නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය පවසයි.

 

 

බොහෝ ග්‍රාම නිලධාරි කාර්යාල ජනශූන්‍ය  සහ ඉතා අනාරක්ෂිත ස්ථානවල පවත්වාගෙන යෑම හේතුවෙන් රාජකාරි කාලය තුළ ග්‍රාම නිලධාරිනියන් අපහසුතාවලට මුහුණ දී ඇතැයි එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න සඳහන් කළේ ය.

 

ඒ අනුව, රාත්‍රියේදී යෙදෙන ආපදා, මරණ ඇතුළු සියලුම රාජකාරිවලින් ඉවත් වීම, අනාරක්ෂිත සහ ජනශූන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන කාර්යාල වසා දමා තමන්ගේ ආරක්ෂාව තහවුරු වන ස්ථානයක සිට තාවකාලිකව කාර්යාල කටයුතු සිදු කිරීම මෙන්ම  පෙරවරු 8:30 සිට පස්වරු 01:00 දක්වා පමණක් (ක්ෂේත්‍ර රාජකාරිවලට යටත්ව) කාර්යාලයේ රැඳී සිටීම යන වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව ද හෙතෙම පැවසීය.

 

ග්‍රාම නිලධාරිනියන්ගේ ජීවිතාරක්ෂාව සහතික කිරීමට බලධාරීන් කඩිනම් විසඳුම් ලබා දෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බව ද ජාතික සංවිධායකවරයා කීවේ ය.

 

 

මීට පෙර තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සඳුන්පුර ග්‍රාම නිලධාරිනියක්  සහ ඇයගේ මව ඝාතනය කිරීම ඇතුළුව විවිධ අවස්ථාවන්වලදී ග්‍රාම නිලධාරීන් කිහිපදෙනෙකු වරින් වර ඝාතනයට ලක් වූ බවත් මෙම සියලු සිද්ධීන් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුවත් කළ ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්  ඔහු පැවසීය.

 

 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ආයතනිකව සහ සුදුසු ආරක්ෂිත විධි විධානයන් යටතේ සේවයේ යෙදී සිටියදී තම නිල නිවසේදී ම ලිංගික අතවරයට ලක්වීම තුළ රජයේ නිලධාරිනියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට රජය වැඩි අවධානයක් යොමුකළ යුතු බව ද විජේරත්න මහතා සඳහන් කළේ ය.

 

 

නවතම ලිපි