ශාක්‍යමුණි බුදුන් වහන්සේ ගේ උපත, බුද්ධත්වය සහ මහාපරිනිර්වාණය යන
ත්‍රිත්ව මංගල්‍යයයෙන් ආශිර්වාද ලත් දිනය වන වෛශාක්‍ය බුද්ධ පූර්ණිමා දිනය, ඉන්දීය රජය, ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලන (IBC) හා එක්ව මැයි මස 15 වැනි දින නව දිල්ලියේ ආචාර්ය බී. ආර් අම්බෙඩ්කාර් ශ්‍රවණාගාරයේ (ජන්පත්) දී සමරන්නට යෙදුනි.
'ගැටුම් නිරාකරණය සඳහා බෞද්ධ ධර්මයේ නියමයන්වල අදාලත්වය' පිළිබඳ අවබෝධාත්මක සාකච්ඡාවක් සමඟ සෙත් පිරිත් දේශනයකින් වෛශාක්‍ය බුද්ධ පූර්ණිමා දින සමරණ ලද අතර බෞද්ධ විද්වතුන්-භික්ෂූන් වහන්සේලාගෙන් සහ බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විත කීර්තිමත් මණ්ඩලයක් එයට සහභාගී විය.
විශේෂ ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය රජයේ පාර්ලිමේන්තු කටයුතු සහ සුළු ජාතීන් පිළිබඳ සම්බන්ධතා අමාත්‍ය ශ්‍රී කිරන් රිජිජු මහතා සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය රජයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍ය ශ්‍රී ගජේන්ද්ර සිං ෂෙකාවත් සහභාගී විය.
විද්වත් විශාරද බෞද්ධ භික්ෂුණියක් වන පූජ්‍ය ග්යල්ට්සෙන් සම්ටෙන් භික්ෂුනීන් වහන්සේ ද රැස්ව සිටින පිරිස අමතනු ලැබූහ.
මෙම සාකච්ඡා මණ්ඩපය සඳහා කථිකයන් ලෙස නවදිල්ලියේ ටිබෙට් මන්දිරයේ අධ්යක්ෂ ගේෂේ ඩෝර්ජි දම්දුල් ස්වාමීන්වහන්සේ ද දිල්ලි විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය හිරා පෝල් ගං නෙගි සහ වරනාසි හි බනාරස් හින්දු විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන මහාචාර්ය බිම්ලේන්ද්ර කුමාර් ද සහභාගි වූහ.
වියට්නාමයේ හෝ චි මිං නගරයේ එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයේදී ඉන්දියාවේ සිට වියට්නාමයේ නගර හතරකට සාරානාත් සිට වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයට අදාල වීඩියෝ දර්ශන දෙකක් ප්‍රදර්ශනය කිරීමයි. මෙම ප්‍රදර්ශනය ‘ඉන්දියාවේ තුළනාත්මක බෞද්ධ කලා ඉතිහාසය’ සහ ‘බුදුන් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම්’ යන මාතෘකා යටතේ සංවිධානය විය. ආසියාවේ බුද්ධ ධර්මය ව්‍යාප්ත කිරීම පිළිබඳ වාර්තා චිත්‍රපටයක් ලෙස මෙම ප්‍රදර්ශනය පිළිබඳ චිත්‍රපටය එහිදී ප්‍රදර්ශනය කරන ලදී.
මෙම වසරේ වෛශාක්‍ය පුර පසළොස්වක පොහොය මැයි 12 වන දින යෙදී තිබුණද, ඉන්දියාවේ වෙසක් දින සැමරුමෙහි පූජනීයත්වය සහ වැදගත්කම නිසා එය වෙසක් මාසය පුරා පැවැත්වෙන අතර ලොව පුරා මෙම උත්සවය වෙසක් සුබ දිනය ලෙස සමරනු ලැබේ.
උත්සවය අවසානයේදී බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති , අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා විසින් ස්තූති කථාව ඉදිරිපත් කරන ලදී.
ඉන් අනතුරිව අල්පනා නායක් මහත්මිය සහ ඇයගේ කණ්ඩායම විසින් පවත්වනු ලබන සංස්කෘතික වැඩසටහනකින් දින සැමරුම අවසන් විය.
@බෞද්ධ සහෝදරත්ව පදනම