SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපි හැම කෙනෙක්ම යාලුවො ආශ්‍රය කරනවා. නොයෙක් විදියේ පුද්ගලයන් අපිට හමුවෙලා තියනවා. ඒක ඕනම කෙනෙක්ට පොදු දෙයක්. කුඩා කාලයේ ඉදලා මැරෙන මොහොත දක්වාම කෙනෙක්ට ආශ්‍රය කරන්න ලැබෙන යාලුවන් විවිධාකාරයි. ඒ වගේම යාලුවන් ගොඩදෙනෙක් ආශ්‍රය කරන්න කැමති අයත් ඉන්නවා.

ඒත් හුගක් අය තමන් ආශ්‍රය කරන්න ඕන කවුද, නැත්තේ කවුද කියන දේ ගැන හිතන්නෙ නැ. තමන් වටේ විශාල පිරිසක් යාලුවන් විදියට ඉන්න අය වගේම තවත් පිරිසක් ඉන්නවා ඒ අය වටේ ඉන්නේ ගොඩක් අඩු යාලුවන් පිරිසක්.

යාලුවන් ගොඩක් දෙනෙක්ව ආශ්‍රය කරන අය ගැන බැලුවොත්, ඇත්තටම ඒ කෙනා වටා ඉන්නේ තමන්ට ආශ්‍රයට ගැලපෙන අයද, නැද්ද කියන දේ තමන්වත් දන්නේ නැති වෙන්න පුලුවන්.

මොකද කළ්‍යාණ මිත්‍රයන් අපට සමාජයේ දකින්නට ලැබෙන්නේ ගොඩක් අඩුවෙන් නිසා. ගොඩක් දෙනෙක් කැමති තමන්ගෙ වටේ යාලුවන් වැඩි පිරිසක් එකතු කරගැනීමට මිසක්, තමන්ට ආශ්‍රය කරන්න සුදුසු අය එකතු කර ගැනීමට නෙවෙයි.

"ආශ්‍රයට සුදුසු කවුද" යන දේ ගොඩක් දෙනා අවබෝධ කරගන්නේ නැති දෙයක් වගේම,අවබෝධ කරගන්න උනන්දුවක් නැති කාරණාවක්. ඒත් ජීවිතේ සාර්ථකව ගත කරන්න කැමති අය තමන්ට බාධාවක් වෙන දේවල් සහ පුද්ගලයන් තමන් වෙත ළං කරගන්නේ නැහැ.

ඕනම කෙනෙක්ගේ ජීවිතයක් තමන් ඇසුරු කරන අය නිසා වෙනස් වෙන්න පුලුවන්. තමන් මොන විදියේ කෙනෙක් වුනත්, තමන් වටා ඉන්න අයගේ ආකල්ප, අදහස් තමන් වෙත ආකර්ශනය වෙනවා.

ඔබ ඇසුරු කරන්නේ යහපත් ආකල්ප ඇති අය නම්, ඔබත් නිරායාසයෙන්ම එවැනි කෙනෙක් බවට පත්වෙනවා. ඒ වගේම තමයි කෙනෙක් ඇතුලාන්තයෙන් ගුණ යහපත් කෙනෙක් වුනත් ඒ කෙනා ඇසුරු කරන්නේ නරක අය නම් ශක්තිමත් පෞරුෂත්වයක් නැත්නම් ඒ කෙනාගේ හොද ගතිගුණ යටපත් වෙනවා.

නිරායාසයෙන්ම ආශ්‍රය කරන අයගේ ක්‍රියාවන්ට හවුල් වෙලා ඔහුගෙන් නරක ප්‍රතිරූපයක් එලියට එනවා.

මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයව ආශ්‍රය කරන කෙනෙක්, ශක්තිමත් පෞරුෂත්වයක් නැත්නම් නිරායාසයෙන්ම ඔහුත් මත්ද්‍රව්‍ය පාවිච්චියට යොමු වෙනවා.

ඒකට හේතුව ඒ කෙනා වටා නිර්මාණය වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ඇතුලත් පරිසරයක් හින්දා. මේ වගේ අය ආශ්‍රය කරන කෙනෙක් හොද මාර්ගයට එන්නේ ගොඩක් කලාතුරකින්. ඒ වගේම, ඉගෙනගන්න උනන්දුවක් නැති ශිෂ්‍යයෙක් ඉගෙනීමට උනන්දු යාලුවන් ආශ්‍රය කරන්න ගත්තොත් ඒ ශිෂ්‍යාද නිරායාසයෙන්ම ඉගෙනීමට යොමු වෙනවා.

මේ නිසා අපි තේරුම්ගන්න ඕන අප වටා ඉන්න අය නිසා අපේ ජීවිත වලට බලපෑමක් ඇති වෙනවා කියලා.

අපිට ආශ්‍රය කරන්න ලැබෙන, අපට හමුවන හැම කෙනෙක්ම අපි ලගින්ම තියාගන්න ඕන නැහැ. මිනිස්සුන්ගේ උදවු අපට ඕන වෙනවා. ඒත් දවසක අපට උදව්වක් ඕන උන වෙලාවකදී අපට උදවු කරන්න එන පිරිසක් ඉන්නවා.

friends

 

ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි. "යාලුවෝ හම්බ කරන්න. දවසක අමාරුවේ වැටුණාම උන් ඉන්නවා එදාට"

හැබැයි මෙහෙම කියන කෙනෙක් ඇත්තටම අමාරුවේ වැටුනු වෙලාවක මේ හම්බකරගත්ත යාලුවෝ ඔක්කොම ඒ කෙනා එක්ක ඉදීද? හිතන්න. යාලුවෝ 100 ක් ආශ්‍රය කරන කෙනෙක්ට උදව්වක් ඕන වුනු වෙලාවක ඒ කෙනාට උදවු කරන්න ඔය 100 දෙනාම එයිද?

සමහරවිට ඒ අයගෙන් භාගයක්වත් නැති වෙයි. තමන්ට හොදක් වෙන්නැත්නම්, තමන්ට ශක්තියක් වෙන්නැත්නම් ඇයි අනවශ්‍ය අය තමන්ගේ වටා එකතු කරගන්නේ?

අපේ සැබෑම යාලුවන් කවුද කියල හදුනාගෙන ඒ අය එක්ක තමන්ගේ ගමන යන්න ඔනේ. තමන් ලගින් ආශ්‍රයට තියාගන්න ඕනේ තමන්ට හානියක් නැති අය විතරයි. තමන්ව දැන් ඉන්න තත්වයට වඩා වැඩිදියුණු කරන්න උදව් වෙන අය විතරයි.

හේතුව,සමාජයේ ගොඩක් දෙනෙක් අපි දැකලා තියනවා, ඒ අයගේ ජීවිත වලපල්ලට ඇදලා දාලා තියෙන්නේ ඒ අය ලගින්ම ආශ්‍රය කරපු අයයි.

ඒ අය යාලුවන් හෝ නෑදෑයන් වෙන්න පුලුවන්. මේ හින්දා අපි කෙනෙක්ව ළං කරගන්න කලින් ඒ කෙනාව ඇතුලාන්තයෙන්ම අධ්‍යයනය කරන්න ඕන.

බුද්ධිමත්ව හිතන අය තමන්ගේ ආශ්‍රයට තියාගන්නේ තමන්ට ගැලපෙන අය, ඒ නිසා ඒගොල්ලො ආශ්‍රය කරන්නේ ගොඩක් අඩු පිරිසක්. ඒ සුලු පිරිස එක්ක ඒ අය තමන්ගේ ජීවිත සාර්ථක කරගත් විදිය ලෝකයේ ඕන තරම් උදාහරණ දකින්න තියනවා.

තමන් වටා ඉන්න පිරිස කවුද කියලා අවබෝධයක් නැති කෙනා, තමන් ගැනවත් හරි අවබෝධයක් නැති කෙනෙක් වෙන්න ඕන. තමන් තමන්ට ආදරෙයි නම්, තමන්ගේ ජීවිතයට හොද හෝ නරක විදියට බලපෑම් ඇති කරන අය කවුද කියලා හදුනාගන්න දක්ෂ වෙන්න ඕන.

tumblr inline pkzch6cQBO1uctypz 500

මුලින් තමන් ගැන නිවැරදි අවබෝධයක් ඇති කර ගන්න. තමන් කවුද කියල හදුනාගන්න. පස්සෙ, තමන්ගේ අදහස් වලට එකග, තමන්ට ශක්තියක් වෙන අය කවුද ,තමන්ව දුර්වල කරන අය කවුද කියලා තෝරගන්න.

තීරණය කරන්න. ඔබව දිරිමත් කරන, අගය කරන, ඔබේ ගමනට බාදාවක් නොවෙන අයව ළං කරගන්න. අනිත් පිරිස අතේ දුරින් තියාගන්න. නැත්තන් අත්හරින්න. ඔයාව දුර්වල කරන අයට ජීවිතයට ළං වෙන්න ඉඩ දෙන්න එපා.

ඔබ ජීවිතය ගැන අවබෝධයක් ඇතිව කටයුතු කරන කෙනෙක් නම්, ඔබ වටා එකතු විය යුත්තේද ඒ වගේම පිරිසක් පමණයි.

 

- තිළිණි රණසිංහ -

marrikkar

නවතම ලිපි