SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොරොන වෛරසයට සාර්ථක ප්‍රතිචාර දැක් වූ රටවල පොදු ලකුණ කුමක්ද?: ස්ත්‍රී නායකත්වයයි

                                                                                                      – අවීවා විටන්බර්ග්–කොක්ස් විසිනි.

අර්බුදයක සැබෑ නායකත්වයේ උදාහරණ සොයා බලන්නට කැමතිද?

අයිස්ලන්තයේ සිට තායිවානය දක්වාත්, ජර්මනියේ සිට නවසීලන්තය දක්වාත්, අපේ මිනිස් පවුල මුහුණ දෙන මෙම අවුල් සහගත කාලය කළමනාකරණය කරන්නේ කෙසේදැයි ලොවට පෙන්වීමට ස්ත්‍රීහු ඉදිරියට පැමිණෙමින් සිටිති. 

ෆින්ලන්තය, අයිස්ලන්තය සහ ඩෙන්මාර්කය යන රටවල් ද මේ ලැයිස්තුවට එකතු කරන්න. මෙම වසංගතයෙන් හෙළි වන්නේ අපේ රාජ්‍ය නිවාස රත්වන විට ඊට මුහුණ දීමට අවශ්‍ය හැකියාවන් ස්ත්‍රීන්ට ඇති බවයි. 

බොහෝ අය මේවා කුඩා රටවල් හෝ දූපත් හෝ වෙනත් ව්‍යතිරේකයන් බව පැවසිය හැක. නමුත් ජර්මනිය විශාල හා ප්‍රමුඛ රටකි. එක්සත් රාජධානිය දූපතක් වන අතර එය මුහුණ දෙන විපාක වෙනස් ය. මෙම නායිකාවන් අපට බලය භාවිත කිරීමේ ආකර්ශනීය විකල්ප ක්‍රමයක් පෙන්වා දෙති. ඔවුන් අපට උගන්වන්නේ කුමක්ද?

සත්‍යය :
ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් කලින්ම ස්ථාවරයක් ගනිමින් සන්සුන්ව තම රටවැසියන්ට පැවසුවේ මෙය ජනගහනයෙන් 70% ක් දක්වා ආසාදනය විය හැකි බරපතල රෝග අංකුරයක් බවයි. “එය බැරෑරුම් ය” කී ඇය “එය බැරෑරුම් ලෙස සලකන්න.” යැයි ඉල්ලා සිටියේ ය. ඇය එසේම කළේ ය. එබැවින්ම ජනතාවද එසේ කළහ. පටන් ගැනුණේ රෝග පරීක්ෂාවන් මගිනි. 

 

woman anjela

ජර්මනිය අප වෙනත් රටවල් දැක ඇති ප්‍රතික්ෂේප කිරීම, කෝපය සහ අපකීර්තිය යන අදියරයන්ට ඉහළින් පැන්නේ ය. එරට කොවිඩ් 19 ගණන් හිලවු යුරෝපීය අසල්වැසියන්ට වඩා බෙහෙවින් අඩුය. සාපේක්ෂ ඉක්මනින්යුතුව සීමාවන් ලිහිල් කිරීම් ආරම්භ කිරීමට ඔවුන්ට හැකි විය වන ලකුණු තිබේ.

තීරණාත්මක බව:

පළමුව සහ වේගවත්ව පියවර ගත් අය අතරින් තායිවානයේ ට්සායි ඉන්–වෙන් පෙරමුණෙහි වේ. නව රෝගයක පළමු සංඥා ලද ජනවාරි මාසයේදී ඇය පැතිරීම අවහිර කිරීම සඳහා, අන් සෑම තැනකම අප දැක ඇති වසාදැමීම් වෙනුවට පියවර 124 ක් හඳුන්වා දුන්නාය. 

ඇය දැන් එක්සත් ජනපදයට සහ යුරෝපයට මුහුණු ආවරණ මිලියන 10 ක් යවන්නීය. 

 

woman Tsai

වසංගතය පාලනය කර තබා ගැනීම අරභයා සීඑන්එන් නාලිකාව විසින් නම් කරන ලද “ලෝකයේ හොඳම” ප්‍රතිචාර අතරට එකවීමට තායිවානයේ  ට්සායි සමත් වූවාය. එරට මේ දක්වා වාර්තාවී ඇත්තේ මරණ හයක් පමණි.

නවසීලන්තයේ ජැසින්ඩා ආ(ර්)ඩ(ර්)න් ඉක්මනින්ම රට වසා දමා එම තත්වය පිළිබඳ උපරිම අනතුරු ඇඟවීමක් සුපැහැදිලිව ප්‍රකාශ කළේය. මුළු රටේම රෝගීන් 06 ක් පමණක්ව තිබියදීත් ඇය පුදුම සහගත ලෙස නවසීලන්තයට ඇතුළු වූ පුද්ගලයින්ට ස්වයං නිරෝධායනය පැනවූ අතර වහාම විදේශිකයින් රටට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කළාය. 

 

WOMAN jesind

මෙකී පැහැදිලිකම සහ තීරණාත්මකභාවය නවසීලන්තය කුණාටුවෙන් බේරා ගනිමින් තිබේ. අප්‍රේල් මැද වන විට එරට සිදුව ඇත්තේ මරණ හතරක් පමණකි. 

වෙනත් රටවල් විසින් සීමාවන් ඉවත් කිරීම ගැන කතා කරත්දී, ආ(ර්)ඩ(ර්)න් තවත් සීමාවන් පනවමින් යළි රටට පැමිණෙන නවසීලන්ත වැසියන් දින 14 ක් නිරෝධායන මාධස්ථාන කරා යවමින් සිටියි.

තාක්‍ෂණය:


අයිස්ලන්තයේ අගමැතිනි කත්‍රින් යාකොබ්ස්ටූටර්ගේ නායකත්වය යටතේ අයිස්ලන්තය සිය සියලුම පුරවැසියන්ට නොමිලේ කොරොන වයිරස පරීක්ෂණ ලබා දෙයි. එය කොවිඩ් -19 හි සැබෑ ව්‍යාප්තිය හා මරණ අනුපාතය පිළිබඳ ප්‍රධාන සිද්ධි අධ්‍යයනයක් බවට පත්වනු ඇත. 

 

woman iceland

බොහෝ රටවල පෙනෙන රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් පවා පරීක්ෂණ සිදු කෙරුනේ සීමිතවය. 

අයිස්ලන්තය එඩිතරව ගමනක යෙදෙයි. එහි ජනගහනයට සමානුපාතිකව අයිස්ලන්තය දැනටමත් දකුණු කොරියාවට වඩා පස් ගුණයකින් වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කර තිබේ. රෝගී සම්බන්ධතා සොයා ගැනීමේ පුළුල් පද්ධතියක් ස්ථාපිත කර ඇති බැවින් ඔවුන්ට රට වසා දැමීමට හෝ පාසල් වසා දැමීමට සිදු වූයේ නැත.

 

Finland's Prime Minister Sanna Marin wearing a protective mask arrives on the second day of a European Union (EU) summit at The European Council Building in Brussels on October 2, 2020. - During this Special European Council, EU leaders will discuss foreign affairs, in particular relations with Turkey and the situation in the Eastern Mediterranean. (Photo by Olivier HOSLET / POOL / AFP) (Photo by OLIVIER HOSLET/POOL/AFP via Getty Images)

පසුගිය දෙසැම්බරයේ පින්ලන්තයෙහි තේරී පත් වූ  සන්නා මරින් ලොව ලාබාලතම රාජ්‍ය නායිකාව බවට පත්විය. කොරොන වෛරස් අර්බුදයට එරෙහිව සටන් කිරීමේ ප්‍රධාන නියෝජිතයන් ලෙස සමාජ මාධ්‍ය බලපෑම්කාරියන් /කරුවන් යොදා ගැනීමට සහශ්‍ර නායිකාවකම අවශ්‍ය විය. 

සෑම කෙනෙකුම පුවත්පත් කියවන්නේ නැති බව පිළිගනිමින්, වසංගතය පාලනය කිරීම පිළිබඳ කරුණු පදනම් කරගත් තොරතුරු පතුරුවා හැරීම පිනිස සෑම වයසක බලපෑම්කරුවන්ට එරට ආරාධනා කරයි.

ආදරය:

 

woman norway

නෝර්වේ අගමැතිනි අර්න සොර්බරග් තම රටේ දරුවන් සමඟ කෙලින්ම කථා කිරීමට රූපවාහිනිය භාවිතා කිරීමේ නව අදහස තිබුණි. ඇය, දින 3 කට පෙර ඩෙන්මාර්ක අගමැතිනි මෙටෙට් ෆ්‍රෙඩ්රික්සන් විසින් පවත්වන ලද මිනිත්තු 3 ක කෙටි මාධ්‍ය සාකච්ඡාවක් ඇසුරෙන් සිය ප්‍රවිශ්ඨය ගොඩනඟා ගත්තේ ය. 

සොර්බර්ග් වැඩිහිටියන්ට කිසිවකු නැති විශේෂිත මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඇය රට පුරා ළමයින්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වූ අතර, භීතිය දැනීම වරදක් නොවන්නේ මන්දැයි පැහැදිලි කිරීමට කාලයක් ගත්තාය. එම අදහසෙහි නව්‍යතාවය සහ සරළකම කෙනෙකු විස්මයට පත් කරයි. 

 

woman denmark

ස්ත්‍රී නායකත්වය විසින් මුදා හරිනු ඇති තවත් සරල, මානුෂීය නවෝත්පාදන තව කොපමණ තිබිය හැකි ද?

පොදුවේ ගත් කල, මේ සියලු ස්ත්‍රී නායිකාවන් සන්නිවේදනය කර ඇති සංවේදීත්වය සහ බලා ගැනීම අප හුරුපුරුදු වී ඇති අන්දමට වඩා විකල්ප විශ්වයකින් පැමිණි සෙයක් පෙනේ. එය, හරියට ඔවුන්ගේ වීඩියෝ තුලින් ඔවුන්ගේ දෑත් එළියට එන්නේ ඔබව හදවතින්ම ආදරයෙන් වැලඳ ගැනීම සඳහා වැන්න. නායක නායිකාවන්ටන්ට මෙවැන්නන් විය හැකි බව කවුද දැන සිටියේ කව්ද? දැන් අපි දනිමු.


පොදුවේ ගත් කල, මේ සියලු ස්ත්‍රී නායිකාවන් සන්නිවේදනය කර ඇති සංවේදීත්වය සහ බලා ගැනීම අප හුරුපුරුදු වී ඇති අන්දමට වඩා විකල්ප විශ්වයකින් පැමිණි සෙයක් පෙනේ. එය, හරියට ඔවුන්ගේ වීඩියෝ තුලින් ඔවුන්ගේ දෑත් එළියට එන්නේ ඔබව හදවතින්ම ආදරයෙන් වැලඳ ගැනීම සඳහා වැන්න. නායක නායිකාවන්ටන්ට මෙවැන්නන් විය හැකි බව කවුද දැන සිටියේ කව්ද? දැන් අපි දනිමු.

 

බලවත් පිරිමින් සමඟ සන්සන්දනයක් ....

දැන්, මෙම නායිකාවන් හා ඔවුන්ගේ කථාන්තරය, අර්බූදය ඒකාධිපතිවාදයේ ත්‍රිත්ව භයානකක්වයන් වේගවත් කිරීම සඳහා යොදා ගන්නා බලවත් පිරිමින් සමඟ සන්සන්දනය කරමු. 

එම භයානත ත්‍රිත්වය නම් “අන් අයට” දොස් පැවරීම, අධිකරණය යටත්කර ගැනීම සහ මාධ්‍යවේදීන් යක්ෂයින් ලෙස නිරූපනය කිරීම ය. (ට්‍රම්ප්, බොල්සනාරෝ, ඔබ්‍රඩෝර්, මෝඩි, දුතර්තේ, ඕර්බන්, පුටින්, නෙතන්යාහු…)

ස්ත්‍රී නායකත්ව ශෛලීන් වෙනස් හා ප්‍රයෝජනවත් විය හැකි බවට වසර ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණයන් විසින් ලාවට ලෙස යෝජනා කැරෙමින් තිබුණි. 

ඒ පිළිගනු වෙනුවට, බොහෝ දේශපාලන සංවිධාන සහ සමාගම් තවමත් නායකත්වය දීමට හෝ සාර්ථක වීමට ස්ත්‍රීන් වඩ වඩා පිරිමින් මෙන් හැසිරවීමට කටයුතු කරමින් සිටී. 

එසේ වෙතත් මෙම ජාතික නායිකාවන් වනාහී පිරිමින්‍ ඉගෙන ගැනීමට කැමතිවනු ඇති නායකත්ව ගති ලක්ෂණ හතක් පිළිබඳ සිද්ධි අධ්‍යනයය සදහා තෝතැන්නකි.

ඒ බව හඳුනාගැනීමට කාලයයි. ඔවුන් වඩ වඩා තෝරාපත් කිරීමට කාලයයි.

(Avivah Wittenberg-Coxවිසින් ලියා පසුගිය 13වන දින www-forbes-com හි පළ කරනලද What Do Countries With The Best Coronavirus Responses Have In Common? Women Leaders ලිපියෙහි සිංහල අනුවාදයයි)


(උපුටා ගැනීම : srilankabrief.org)

marrikkar

නවතම ලිපි