කාන්තාවන් හැටියට ගත්තාම සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක ඓතිහාසික වීමට අදාළ කරුණු කාරණා අප්‍රමාණව තිබුණත් ප්‍රධානතම විශේෂත්වය වන්නේ සිරිමා බණ්ඩාරනායක ලොව ප්‍රථම අගමැතිනිය වීමයි.
රාධිකා කුමාරස්වාමි 1994 – 2003 අතර කාලය තුළ දී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියෙක් ලෙස පත් වීම මගින් ලංකාවට කීර්ති නාමයක් එකතු කළ කාන්තාවක්. සිබිල් වෙත්තසිංහ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ ළමා කතා රචිකාවියක් වන අතරම යුනෙස්කෝ ඇතුලු ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ කාන්තාවක්. විශේෂයෙන් ඇයගේ නිදර්ශන චිත්‍ර කලා ආර වොලොන්ගොග් විශ්ව විද්‍යාලය විසින් ජන කලා ආශ්‍රේය ළමා නිදර්ශන චිත්‍ර කලා ආරක් හැටියට අර්ථකථනය කිරීම වැදගත් කරුණක්.
‘ආසියාවේ කලු වෙළඹ‘ හැටියට විරුදාවලී ලත් සුසන්තිකා ජයසිංහ ආසියානුවෙකු විසින් කෙටි දුර දිවීමේ ඉසව්වක දී ඔලිම්පික් පදක්කමක් දිනා ගත් පළමු ක්‍රීඩක-ක්‍රීඩිකාව ද වෙනවා.
එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙසට වාර්තා පොතට එක් වන්නේ ජයන්ති කුරුඋතුම්පළ යි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පොදු සමාගමක් බිහි කළ ප්‍රථම කාන්තාව වන්නේ ඔටාරා ගුණරත්න වන අතර ඇය 2010 දී ඇමෙරිකානු ස්ටීවි සම්මාන උළලේ දී හොඳ ම කාන්තා ව්‍යවසායකයාට හිමි සම්මානය ලබා ගන්නවා.
ලෝක ඉතිහාස පුස්තක, ඇකඩමි, ආයතන තුළ විෂය ගත නොවුණත් වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ බිරිද මදිවාදිනී මොඩර්න් යුගයෙන් පසු සිය ස්වාමියා විශ්වාස තබන ලද විමුක්ති ව්‍යාපාරයක් වෙනුවෙන් එකට මිය ගිය ඓතිහාසික කාන්තාවක් ද වෙනවා.
කිසියම් ජයග්‍රහණයක්නම් සුසන්තිකා ජයසිංහ, ජොර්ජ් කීට්, ජෙෆ්රි බාවා, සිබිල් වෙත්තසිංහ, ආනන්ද කුමාරස්වාමි වගේ ලෝක ඉතිහාසය තුළ හේතුපාඨ ගත වෙන්න ඕනෑ. අදාළ සංදර්භ/ ෂානර/ විචාරමාන/ approach යටතේ විෂයගත වෙන්න ඕන. කතෘත්වය අර්ථකථනය වෙන්න ඕනෑ. කාලානුක්‍රමවිද්‍යානුකූල කලා- සංස්කෘතික ලෝක සිතියම තුළ අදාල තැන සළකුණු වෙන්න ඕනෑ.
යොහානි ද සිල්වාගේ කුසලතාව විෂයගත කිරීම අරබයා මා පළ කළ පෝස්ටු වලට අදාළව ගොඩ දෙනෙක් මට කරපු චෝදනාව වන්නේ මැණිකේ මගේ හිතේ ගීතය මගින් යොහානි කළේ විජයග්‍රහණයක් බවත් කුහක කමට අපි ට ඒවා දරා ගන්න බැරිව අනම් මනම් ලියන බවත් ය. ඇත්තට ම මේ කෙල්ල ලෝක ප්‍රසිද්ධ වීම ජයග්‍රහණයක් හැටියට අඩබෙර ගැහීමෙන් වෙන්නේ ඒ කෙල්ලගේ ඉදිරි ගමන සමාප්ත කිරීමට උඩගෙඩි දීම බව යොහානි කරේ තියා ගත්ත අන්ධයන්ට තේරෙන්නේ නැත.
සුනිල් පෙරේරා ගැන සුනිල්ට අන්ධ වූ බොහෝ මිනිස්සු පම්පෝරි ගහන විට උන්දැලා කිච කරමින් සුනිල් කිව්වේ සුනිල්ගේ ජනප්‍රියත්වය ඔය කිසිවක් නොව වාසනාව නිසා එය සිදු වූ බව ය. ඒ වගේ ම ලංකාදීපයට යොහානි ද කියා ඇත්තේ මැණිකේ මගේ හිතේ’ ගීතයේ ප්‍රති නිර්මාණය කෙරෙහි ඉන්දීය ජනතාව දැක්වූ ආකර්ශනය තමාට තවමත් අදහාගත නොහැකි කාරණයක් බව ය.
ඒ වගේ ම කරුණාරත්න පරණවිතාන සිය ෆේස්බුක් ගිණුම මගින් යොහානි ගැන මෙසේ කියා ඇත. ///මැණිකේ මගේ හිතේ' ගීය ගයන යොහානි අද මුළු ලොව පුරා ජනප්‍රිය වී සිටින්නේද අමිතාබ් බචිචන්, ප්‍රියංකා චොප්රා ආදී කලාකරුවන් දුන් ආරම්භක තල්ලුව නිසාය. ඔවුන්ට ඒ පිළිබඳ නොමසුරු ගෞරවය දෙමින් යොහානි ඒ බව NDTV නාලිකාව සමග පවසන අයුරු දුටුවෙමි. මේ සියල්ල සිදුවන්නේ ඉන්දියාව අපට දියුණුවෙන්න ඉඩ දෙන්නේ නැතැයි තවමත් මැසිවිලි නගනා ගල්ගැසුන දේශපාලන- සංස්කෘතික මතවාදයක් අප රටේ බලවත්ව තිබියදීමය///
යොහානි ජනප්‍රිය වී ඇතත් තවම ඇය කිසිදු සෞන්දර්ය ප්‍රවිෂ්ටයක නව කතෘත්වයක් හැටියට ලෝකය තුළ කවුරුවත් සළකුණු කොට නැත. ඇය පිළිබද ඇත්තේ සමාජ ජාල ගත ගිණුම් වල කෙරෙන නොනිල පුද්ගලික කමෙන්ට් ය. ඉසිපිරිතාලයක සිටින කාරුණික නර්ස් කෙනෙක් වගේ, හෝටලයක රෙසිප්ෂන් එකක සිටින ප්‍රියමනාප තරුණියකගේ වගේ මේ යොහානි තුළ ඇයට ආවේනික නිර්ව්‍යාජ හිනාවක් ඇත. හුරුතල්කමක් ඇත. ආකර්ශනීය ඇතැම්විට ශෘංගාරයට බර ශරීර භාෂාවක් ඇත. ඒ වගේ ම දුර්ලබ කටහඩක් ද ඇත. මේ නිසා ඇය වෙත ගැහැණු-පිරිමි භේදයෙන් තොරව ඕනෑම කෙනෙක් නිසර්ගයෙන් ඇදී යාම ස්වභාවිකය.
කවර් ගීත ගයන යොහානි ලංකාවේ සංගීත ක්ෂේත්‍රෙය් අමරදේව, කේමදාස, කසුන් කල්හාර, නදීක ගුරුගේ මෙන්න මේ අයටත් වඩා සියල්ල දික් විජය කරාය කාටවත් කරන්න බැරි උන තැනකට ඇය ගියාය එක එක ජාතියේ ඒවා කියව කියව ඇයව මුරුංග අත්තේ තැබීම ඇයට කරන ද්‍රෝහීකමක් බව මගේ අදහස ය. ජනප්‍රිය උනත් ඇය තවම ඇයගේ ලෝකයේ ගින්දරවත් හොයා නොගත් තරුණ වියට පිළිපන් සුහුඹුල් තරුණියකි.
පිරිමියකු විසින් ගැහැණියක වර්ණනා කරමින් ගයන ලද මැණිකේ මගේ හිතේ ගීතය ගැහැණියක වන ඇය ගැයීමට තෝරා ගැනීමෙන් ඇයගේ මෙම නොමේරූකම හොදට පෙන්නුම් වෙනවා. ඉතිං මට යොහානිව කරේ තියා ගත්ත ස්වදේශිකයින්ට කියන්න තියෙන්නේ ඕනෑවට වඩා ස්ව පීඩාකාමීව මේ දේ තව දුරටත් කරනවානම් පරිස්සමින්. මොකද අර සුනිල් පෙරේරා වගේ ම යොහානි තවදුරටත් කට ඇරියොත් ඔයාලාට යන එන මං නැති වේවි. මොකද තවම එයා එයාගේ කතාව මුලුමනින් ම දිග අරින්න එයාට කාලය නෙමෙයි!