SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වෝල් එකේ එහෙ මෙහෙ යනකොට මේ පහළ ෆොටෝව දැක්කා.

ආසියාවටයි අපේ රටටයි අනුව නම් මේකෙන් කියවෙන දේ වැරැද්දක්‌ නැහැ, ඒක එහෙම වෙන්නෙ මෙහෙමයි..

මේක තමයි, අපේ බහුතර මිනිස්සුන්ගේ චිත්ත ආකල්ප මනෝ භාවය ..

තේරෙන සිංහලෙන් කිව්වොත් කාන්තාවක් ගැන ලංකාවේ මිනිස්සු හිතන විදිහ සහ මනින විදිහ තමයි මේ.

කෙටියෙන් පැහැදිලිව කිව්වොත් මේකෙන් කියන්නේ, පොෂ් එකට මොඩ් එකට අඳින පට්ට කෙල්ලො දිහා හැරි හැරී බලන පිරිමි ගෞරව කරන්නේ කසාද බඳිද්දී හොයන්නේ ඉතා යටහත් පහත් චාම් වැදගත් හැදිච්ච පෙනුමක් තියන අහිංසක කෙල්ලෙක් කියන එකයි.

ලෝකේ කොච්චර දියුණුයි කිව්වත් ඇඳුමෙන් පෙනුමෙන් වැදගත්කම මනින එක ප්‍රයෝගික නැහැ කියල හිත් ඇතුලෙන් හොඳින්ම දන්නා මහා උගත්තු පවා , තමන්ට අදාළ කාරණා වලදී බාහිර පෙනුමට තැන දෙනවා ..

කොට සාය , කොට කලිසම , පාට කරපු කොන්ඩ , ටැටූ ගහපු කෙල්ලොන්ට , සමාජෙන් දෙන්නේ වෙනමම චරිත සහතිකයක් .හැබැයි එයාලට හිතන විදිහ ඒක උනාට එහෙම කෙල්ලෙක් පාරෙ යද්දී කසාද බිරිඳට හොරෙන් හරි හැරිලා බලන්නත් පිරිමි අමතක කරන්නේ නැහැ .(හරි හරි ඒකෙ වැරද්දක් නෑ කියමුකෝ )

ඇත්ත, කෙනෙක් තමන්ට ඕන එක අඳින එකත් , තව කෙනෙක් තමන්ගේ ඇස්දෙකෙන් ඒ දිහා හැරි හැරි බලන එකත් යන දෙකම වැරදි නැහැ , අසාදාරණත් නැහැ .ඒකට කාටවත් සීමා දාන්නත් බැහැ.

තමන් කැමති දේ කරන්න, තමන්ට ඕනේ දෙයක් දිහා බලන්න ඕනෑම කෙනෙකුට නිදහසක් තියනවනේ ..

හැබැයි අරෙහෙම අය දිහා බලලා මෙහෙම අයව බඳින්න හොයන එක ඇතුලේ තියෙන්නේ වෙනමම කථාවක්..

pri 1

 

ඒක වෙන්නෙ මෙහෙම ,

පිරිමි හිත් හරිම බොළඳයි, ඒ වගේම අත්මාර්ත්කාමියි ,අනුන්ගේ ගෑනුන්ගේ ලස්සන හොරෙන් බලලා උන් හිත් ඇතුලෙන් ඒ ගෑනුන්ගේ ලස්සන එක්ක කොච්චර දුර යනවද කියල එයාල දන්නවා ..

ඒත් ඒක එක පැත්තකින් වැරදියි කියලත් දන්නවා .අන්න ඒ නිසා තමන්ගේ ගෑ.. ණි ඇඟ පේන්න ඇන්දම එයාට වෙන්නෙත් ඒ ටිකම තමයි කියලත් එයාල දන්නවා ..තමන් වෙන කගේ හරි කෙල්ලෙක් ගැන ගෑනියෙක් ගැන හිතපු විදිහට වෙන කෙනෙක් තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය ගැන හිතද්දී උන්ට තරහ යනවා , දරා ගන්න බැරි වෙනවා ,

ඕක වෙන මුකුත් නෙමෙයි "ලිංගික ඉරිසියාව"

ඉතින්,පෙනුමෙන් කඩවසම් ඔලුවෙන් වැඩවසම් බොහෝ පිරිමි කසාද බඳින්න හොයන්නේ ඇඟ වහගත්ත නිවිච්ච බිම බලාගෙන යන අති සංවර ගෑනියෙක් ..

(එයාල හිතනවා සංවර කම කියන්නේ දිගට ඇඳන් බිම බලන් යන එකට කියලා)

තවත් පිරිමි පිරිසක් ඉන්නවා ,එයාලට තමන්ට තමන් ගැන ශුවර් නැහැ, කෙටියෙන් කිව්වොත් කිසිම ආත්ම විශ්වාසයක් නැහැ, තමන්ගේ කෙල්ලට එයාට, ඕන විදිහට අඳින්න ජීවිතේ විඳින්න නිදහස දෙන්න බයයි , ඒ නිදහස අස්සේ ඒකි තමන්ට වඩා වැඩිය හොඳ පිරිමියෙක් හොයා ගනියි, වෙන පිරිමියෙකුට ආකර්ෂණය වෙයි කියල බයයි.

 

pri 3

 

ඒකත් අර ඉස්සල්ල කිව්ව ලිංගික ඉරිසියාවේම කොටසක් .

හැබැයි ඉතින්, ඔය අතරේ වචනයේ අර්ථයෙන්ම පිරිමිත් ඉන්නවා

ඒ වගේ තමන් ගැන විස්වාසයක් තියන පිරිමි, ආත්ම ශක්තියක් තියන පිරිමි , තමන්ගේ කෙල්ලට තමන්ට පුළුවන් උපරිම විදිහට ආදරේ කරන පිරිමි,ගෑනුන්ට ඇඳුම පැළඳුමට නිදහස දෙන්න බය නැහැ .

මොකද උන් දන්නවා අඳින්න,පළදින්න,ජීවිතේ විඳින්න නිදහසක් දුන්න පමණින් සර්ව සම්පුර්ණ ආදරයක් දාල යන්න තරම් බොහෝ ගෑනු මෝඩ නැහැ කියල.

ගැහැණියෙක් විදිහට මට තේරෙන විදිහට,ගෑණු ආත්ම කව්ද කියල කියන්න, චරිත සහතික දෙන්න අඳින ඇඳුමෙන්, බලන බැල්මෙන් බැහැ.කසාදෙකදී නම් කොහොමටත්ම බැහැ.

ඇත්ත,අපි ඉන්නෙ 21 වෙනි සියවසේ උනාට තාමත්,මේ පොටෝවේ වගේ ගොඩක්‌ කොල්ලෝ කසාද බඳින්න හොයන්නේ ලඳ බොළඳ මට සිලුටු සුමුදු මුදු චාම් කෙනෙක්.

 

THE WOLF OF WALL STREET - (L-R): Margot Robbie as Naomi Lapaglia and Leonardo DiCaprio as Jordan Belfort  - 2013 FILM STILL - Courtesy of Paramount Pictures

ඒත් දන්නවද, ප්‍රයෝගිකව බැලුවම අද කාලේ කොල්ලෙක් කසාද බඳින්න හොයාගන්න ඕනේ මලක් වගේ මුදු සුමුදු බබෙක් වගේ කෙල්ලෙක් නෙමෙයි.

හෙන ගැහුවත් දරාගන්න දන්න යකෙක් වගේ ගෑණි යෙක්,

කොට කලිසමත්,ගවුමත්, දෙකම අඳින්න පුළුවන් ගෑණි යෙක්, හන්දියේ තේ කඩෙන් ප්ලේන්ටිය බොන්නත් පුරුදු තරු පහේ හෝටලෙන් කන්නත් පුරුදු ගෑනියෙක්,

ඕන තරම් මෝස්තර කරන්න කැමති, හැබැයි තමන්ගේ සීමාවේ ඉන්න ගෑනියෙක්,

තමන්ට බයේ කට වහන් ඉන්න ගෑනියෙක් නෙමෙයි, මිනිහ උනත් වැරදි නම් එකට දෙකක් කියල හරි මිනිහව හරි පාරට ගන්න ගෑණියෙක්,

පාරේ යද්දී පිරිමියෙක් අනවශ්‍ය විහිළුවක් කලාම,බස් එකේදී අම නයෙක් ජැක් එකක් ගැහුවම,ඉවසගෙන ඉඳල ගෙදර ඇවිත් මිනිහ බදාගෙන හොටු පෙර පෙර අඬන සමයන් ගෑණු පරාණ යක් නෙමෙයි , ඒ වෙලාවේම වැරැද්ද කරපු එකාට කන හරහා දෙකක් දෙන්න පුළුවන් තරමේ හිත හයිය කෙල්ලෙක්.

කොටින්ම කිව්වොත් රස්සාව නැති වෙලා ලෙඩක් දුකක් වෙලා පිරිමියාට මාස දෙක තුනක් එක තැන් වෙන්න උනොත්, අනේ දැන් මොකද කරන්නේ කියා කියා හුරතල් වෙන්නේ නැතුව කඩේක වැඩ කරලා හරි, බත් පැකට් ටිකක් විකුණලා හරි පවුල නඩත්තු කරන්න පුළුවන් හිත හයිය යකඩ කුළකයේ ගැහැණියෙක් .

මිනිහෙක් කසාද බඳින්න තෝරාගන්න ඕනේ තමන්ගේ මිනිහ වෙනුවෙන් පවුල වෙනුවෙන් සමාජෙත් එක්ක ලෝකෙත් එක්ක හැප්පෙන්න පුළුවන් ගේම ඉල්ලන්න පුළුවන් යකෙක් වගේ ගෑණියෙක් ..

එහෙම යක්කු වගේ හයිය තිබ්බ, තමන්ගේ පවුල වෙනුවෙන් තනියෙන් හරි ගේම් ගහන,පවුල් නඩත්තු කරන ,මිනිස්සු මැරිච්ච, මිනිස්සු ලෙඩ වෙච්ච, මිනිස්සු එකතැන් වෙච්ච, ගැහැණු මන් දැකල තියනවා, කියන්න සන්තෝෂයි ඒ බොහොමයක් ගෑණු නියෝජනය කරේ අර සමාජෙට බය නැතුව, තමන්ට ඕන විදිහට ඇඳලා කරලා ජීවිතේම අභියෝගයක් කරගත්ත,

අර තරුණ කාලේ කොටට ඇඳපු, කොල්ලන්ට එකට එක කියපු, චීන පටස් වගේ පෙනුමෙන් බඩු ,, කෑලි ලියල බෝඩ් ගහපු ගෑණු.

pri 4

එහෙම ගැහැණු ආත්මවලට,ජීවිතේට සමාජයට මූණ දෙන්න අලුතෙන් පුරුදු වෙන්න දෙයක් නැහැ .

සමජෙත් එක්ක එකට එක ගැටිලා සමාජෙන් තෙම්පරාදු වෙච්ච එහෙම ගෑණු ලේසියෙන් වැටෙන්නේ නැහැ .තමන්ගේ පවුල වැටෙන්න දෙන්නෙත් නැහැ .

ඒ වගේම සිද්ධියක් වෙලා, සැමියා ලෙඩවෙලා, රස්සා නැතිවෙලා, ප්‍රශ්න ඇතිවෙලා පවුලේ බර කරට වැටුන වෙලාවට අර කියපු නිවී සැනසුන, සංවර, කනට ඇහෙන්න කතා නොකරන බිම බලාගෙන යන හෙනම අහිංසක ගෑනු බොහොමයක් කලේ අඬා දොඩාගෙන දරුවෝ උස්සන් මහා ගෙදර දුවපු එක, එහෙම නැත්තම් විකල්ප නැති තැන වැරදි මාර්ග තෝරගත්ත එක , කොහොමත් අත්දැකීම් අඩු ගෑණු න්ව වරදට පොළඹව ගන්න ලේසියි කියලා සමාජ කාක්කෝ දන්නවා, වගේම මට සිලුටු ලඳ බොළඳ ගැහැණු සාපේක්ෂව හරි ඉක්මනට සමාජෙට අහු වෙනවා ,

ඉතින්,තාමත් මේ පොටෝ එකේ වගේ ගැහැණි යෙකගේ වැදගත්කම මනින්නේ ඇඳුමෙන් නම්, කසාදෙට හොයන්නේ සුකුමාල බිම බලන් යන තැලෙන්න පොඩිවෙන්න තියා සමාජේ හරියට දැකල වත් නැති අහිංසකාවියක්නම් .... .දුකයි ඉතින්

අපි පය ගහලා ඉන්නෙ ඉතා වැදගත් අවිහිංසක, අති යහපත් සමාජයක නෙමෙයි, එහෙව් සමාජයක උනත් කාන්තාවක් සාරියක් ඇඳලා බිම බලන් ගිය පමණින් සහතික ලියලා පොතේ අත්සන් කරන්න සුදුසුයි කියලා හිතන එක විහිළුවක්, ඉතින් මෙහෙම සමාජයක තාමත් එහෙම හිතන අය ඉන්නවා කියලා දකින එකත් ඉතින් තනිකරම විහිළුවක් නෙමෙයිද??

ඔයත් බඳින්න කෙල්ලෙක් හොයද්දි, ඇඳුම දිහා බලනවානම්, පරිස්සමින්..

ඇඳුම කියන්නේ තනිකර උගුලක්‌,

ගැහැණුන්ගේ වැදගත්කම රෙද්දෙ දිග පළලෙන් මනින්න බැහැ සහෝදරයා..!!!

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

marrikkar

නවතම ලිපි