SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වාස්කාව බේරගන්න ආච්චි අම්ම කරේ පුදුම සටනක්.. වාස්කා තමයි අපේ පූස.

කළුයි සුදුයි ලස්සන වාස්කා තමයි ගෙදරට ඉතුරුවෙලා තිබ්බ එකම සතුට.

ගෙයින් එලියට යන හැම තිස්සෙම වාස්කාව ඇඳ යට හංගල .. “අපි එනකල් උඹ එලියට යනව එහෙම නෙවෙයි වාස්කා..” ආච්චි අම්ම එහෙම කීවම වාස්කා නෙවේ ඉන්න තැනින් හෙල්ලුනේ.

අසල්වැසියන් කන්න නැතිව වැටෙද්දි ... පොඩි උන් හාමතේ අඬන හැටි ආච්චි අම්ම කියනව මට මතකයි.

නාසින් අහසින් ඇවිත් දාන බෝම්බ වලින් අහල පහල ගෙවල් බොහොමයක් කැඩිල බිඳිල..

ඒ වගේම බෝම්බ වලට යටවෙලා නගර වැසියො වගේම ඕල්ගාත් යන්න ගියා. ඕල්ගා අපේ අම්මගෙ වැඩිමල් සහෝදරී.

විවාහ වෙලා ගියාට පස්සෙ එයා වෙනමයි ජීවත් වෙලා තියෙන්නෙ.

අම්මයි.. ආච්චියි බෝම්බ වලින් බේරුනේ වාස්කාට ස්තුති වන්ත වෙන්න තමා.

හැතැප්ම ගාණක් ඈතින් අහස් යානා එද්දි වාස්කාට ඒක දැනෙනව.. එයා නොසන්සුන් වෙනව.. හයියෙන් එහෙට මෙහෙට ඇවිදිනව.

එතකොට ආච්චි අම්ම දන්නව මේ තමයි කෑමට යමක් අරගෙන හිම කබාය දවටගෙන අම්මයි වාස්කයි එක්ක කැලේට යන්න වෙලාව බව.

වාස්කාගෙ අනාවැකි කවදාවත් වැරදුනේ නෑ.

එක පාරක් කැලේ ඉඳන් එද්දි බෝම්බයක් වැටිල ගේ කොටසක් කැඩිල තිබුනු බව පස්සෙ දවසක මට කිව්වෙ අම්ම.

කළුවර කරගත් අහසෙ .. අළුපාට වලාකුළු අස්සෙන් හූ කියාගෙන .. මරහඬ දීගෙන එන අහස් යානා... ආපහු යන්නෙ නගරෙ දූවිල්ලෙන් වැහෙද්දියි.. කළුම කළු දුම් රොටු අහසට නගිද්දියි... බව කවුරුත් දන්නව.

එන්න එන්නම ජීවිතේ අමාරු වෙනව... අම්මයි ආච්චියි ..වාස්කායි තුන්දෙනාම නගරෙ බොහෝ දෙනෙක් වගේ ඇටසැකිලි වෙද්දි අම්ම වාස්කාව තුරුල් කරගෙන පැය ගානක් අඬනව.

එදා රෑ වාස්කා ගෙදර නැති බව දැනගෙන අම්මයි ආච්චියි බොහොම දුක් වෙනව... අඬනව. අන්තිමේදී ඒ දෙන්නට ඒ දෙන්න විතරයි..

පහුවදා උදේවත් වාස්කා ගෙදර එන්නෙ නෑ....

අන්තිමේදි දවල් වෙලා පිටිපස්සෙ දොරෙන් ගෙට ඇතුල් වෙන වාස්කා දැකල මේ දෙන්න සතුටින් උඩ පනිනව.

වාස්කා එන්නෙ තනියම නෙවේ... තමන්ට වඩා දෙගුණයක් විතර ලොකු කැලෑ මීයෙක් ඇදෙගෙන.......... වාස්කා ගෙට එන්නෙ දෙපැත්තට විසි වෙවී.

වාස්කා දුර්වල වුනත් එයා දන්නව මේ තමයි එයාගෙ අවස්ථාව කලගුණ සලකන්න කියල.

ආච්චි අම්ම මේ ඌරු මීයව සුද්ද කරල වල් ලූණුත් එක්ක රසම රස ඉස්ටුවක් හදනව.

 

waluka 2

 

 

මේ තමයි මාස ගානකට පස්සෙ මේ තුන්දෙනා බඩ පුරෝ ගන්නෙ. එකම ඇඳේ මේ තුන්දෙනා නින්දට යන්නෙ බඩ පුරෝගත්ත සංතෝසෙන්.

එදා ඉඳන් හැම දවසකම හවස වාස්කා කැලේට යනව.... ඌරු මීයෙක්.. ලේනෙක්.. කලවැද්දෙක්.. කලාතුරකින් හාවෙක් අරන් වාස්කා ගෙදර එන්නෙ පහුවදා උදේ.

සමහර දවස්වල වාස්කා තුවාල වෙලා.. අම්ම ඒ තුවාල හෝදල බේත් දානව.

තුවාල හොඳ වෙන්නත් කලින් වාස්කා කැලේ වදින්නෙ තමන්ගෙ රාජකාරිය බොහොම හොඳින් අඳුන ගත්ත නිසයි.

සීත කාලෙදි දඩයම් අඩුයි... ඒත් වසන්ත කාලෙ ආපු ගමන් වාස්කා ආපහු දඩයමේ යන්නෙ පවුල රකින්න ඉන්න එකම පිරිමියා වගේ බවයි පස්සෙ කාලෙක ආච්චි අම්ම හිනාවෙවී කීවෙ.

අවුරුදු එක හමාරක්.. දෙකක් තිස්සෙ පවුලෙ ගැලවුම් කාරයා වෙන්නෙ.. වීරයා වෙන්නෙ අපේ වාස්කා තමයි.

අන්තිමේදී යුද්ධෙ ඉවර වෙන්නෙ නාසීන්ගෙ පරාදෙත් එක්කමයි.... ටිකෙන් ටික නගරයට එලිය වැටෙනව. මිනිස්සුන්ට කෑම බීම ලැබෙනව...

ගෙදරට ලැබෙන කෑම හැම දෙයක්ම පුරුදු විදිහට තුනට බෙදෙනව... ආච්චි අම්මා.. අම්මා .. වාස්කා තුන්දෙනාම කෑම ගන්නෙ එකට.

අම්මවත්.. ආච්චි අම්මවත් කවදාවත් අමතක කරන්නෙ නෑ වාස්කාට සලකන්න ආදරයත් ගෞරවයත් එක්ක.

"වාස්කා උඹ තමයි අපේ ගැලවුම් කරු, උඹ නොහිටින්න අපි මැරිල ගොඩක් කල්.."

මෙහෙම කියල වාස්කාව බදාගන්නෙ අපේ ආච්චියි..

යුද්ධෙන් පස්සෙ ජීවිත ටිකෙන් ටික පහසු වෙනව...

 

waluka 1

 

1949 අවුරුද්දෙ මුලදි වාස්කා තමන්ගෙ කාලෙ අවසන් කරල යන්න යනව.

ආච්චි අම්ම.. වාස්කාව බොහොම ගෞරවයෙන් පොළවට යට කරන්නෙ ගෙදර කිට්ටුව තියෙන කනත්තෙමයි.

ලීයෙන් හදපු පුංචි කුරුසයක් වාස්කාගෙ වල උඩ සවි කරල .. වසිලි බර්ගොව් මෙහි සැතපේ කියල ඒ උඩ ලියන්නෙ කාගෙන්වත් වාස්කාගෙ නින්දට කරදරයක් නොවෙන්නයි.

“වාස්කා අපූරු මිත්‍රයෙක්.. ඒ අපේ ගැලවුම් කරු... අන්තිම කාලෙත් එ‍යා බොහොම සතුටින් අපිත් එක්ක ජීවත් වුනේ. .. මූණ පිරිල.. කලුයි සුදුයි ලෝම බෝලයක් වගේ කවිච්චිය උඩ ඉන්නෙ නළුවෙක් වගේ .. ඒක හරි ලස්සන ජීවිතයක්... “

එහෙම කිව්වෙ අපේ අම්ම....

කාලෙකට පස්සෙ ආච්චි අම්මත් මේ ලෝකෙ අතෑරල යනව... වාස්කා ලඟින්ම ආච්චි අම්මව භූමදානය කරන්නෙ අපේ අම්ම....

අම්ම මේ ලෝකෙ අතෑරල ගියාම වාස්කාගෙ අනික් පැත්තෙන් මම අපේ අම්මව භූමදානෙ කරා. අම්ම මගෙන් ඉල්ලුවෙ එහෙමයි.

ඊයෙ උදේ බොහොම ලස්සනට ඉර පායලා තිබුන... නිල් අහසෙ එකම එක වළාකුලක් වත් නෑ.. පයින් ගස්වල සුවඳ හැම තැනම.. ඒක ..කුරුල්ලො සිංදු කියන හිතේ රැඳෙන විදිහේ උදයක්...

බිරීස්සා ගස් අස්සෙන් ඉර එලිය සෙල්ලම් කරේ ලේන්නු අතු දිගේ තරඟෙට දුවද්දියි.

ටියුලිප් මල් පොකුරකුත් අරන්... නතාලියාත් එක්ක මං කනත්තට ගියා...

වාස්කා මැදින් .. ආච්චි අම්මයි.. අම්මයි දෙපැත්තෙන්.. තුන්දෙනමා එකට.. බොහොම සාමකාමීව නිදි.

ඒ කිට්ටුව බොහොම ලස්සන බිම්මල් පිපිල ... බලන්න ලස්සනයි.

මේ තුන්දෙනා ජීවිතේ අමාරුම කාලෙ එකට ගෙව්ව... එක් එක්කෙනව බලාගත්ත.. ජීවිතේ බෙදා ගත්ත...

අපේ අම්මයි.. ආච්චියි මට කියා දුන්නු මේ කතාව... මං නතාලියාට කියා දුන්න..

මං වාස්කාව දැකල නෑ... හැබැයි මං එයාව දන්නව.. මට එයාව දැනෙනව.

අපි දෙන්න බොහොම කාලයක් ගෙව්ව මේ කතා කියමින්... පුංචි සිංදු උරුහම් බාමින්.

"නතාලියා.. උඹට පොරොන්දු වෙන්න පුළුවන්ද කවද හරි මාවත් මේ අය ලඟින්ම වල දානව කියල..?"

"පොරොන්දුයි අම්මෙ... හැබැයි මටත් පොරොන්දුවක් වෙන්න ඕනෙ..."

මට ඒකට බෑ කියන්න බැරි වුනා.

අපි ආපහු ගෙදර ආවෙ ලස්සනම ලස්සන කළු සුදු පූස් පැටියෙකුත් අරගෙන... අපි එයාට නම දැම්ම වාස්කා කියල.

( from little letter to Vaska … Military)

.........................................................................

එදා ඒ නගරෙ නම ලෙනින්ග්‍රාඩ්... අද අපි කියන්නෙ සෙන්ට් පීටර්ස්බර්ග් කියල...

සංචාරය කරන්න කියාපු නගරයක්....

මේ නගරෙ තැනින් තැන පූසන් කීප දෙනෙක්ගෙම ප්‍රථිමා තියනව.

මලයා සදොවායා. ( Malaya Sadovaya) වීදිය තියෙන්නෙ පීටර්ස්බර්ග් නගරයේ පැරණි හා ඓතිහාසික ප්‍රදේශය කිට්ටුවමයි.

මේ වීදියේ තියන පුංචි පිලිම දෙකින් එකක් වාස්කා වෙනුවෙන් ඉදිවුණු බවයි නගරයේ පරණ වැසියන් කියන්නෙ.

නගර වැසියන්ගෙ කතා අනුව වාස්කා වගේ පූසන් කීප දෙනෙක්ම ඉඳල තියනව.

ඒ අයට කලගුණ සලකන්න නගර වැසියොයි මේ පිලිම හදල තියෙන බව ඒ අය මතක් කරන්නෙ හරි ආඩම්භරෙන්.

කොච්චර ආඩම්බර වුනත් උන් හරි අපූරු සත්තු.. අපූරු යාළුවො.

වාස්කා ස්තුතියි...

නවතම ලිපි