1999 දී පුරාවිද්‍යඥයන් ‘ඇය’ සහ ‘ඇගේ තරුණ සගයන්’,
අන්දීස් කන්දේ අඩි 22,110 (මීටර් 6,739) මුදුනට මදක් පහළින් සොහොන් ගෙයක් තුල සොයා ගන්නා ලදී. එවිටද ඇය සිටියේ කඳු මුදුනේ ඇති ශීතල තත්ත්වයන් හේතුවෙන් සංරක්ෂණය වී මේ දැන් නිද්‍රාවට පත්වුවාක් මෙනි.
එහෙත් සත්‍ය තත්වයනම් ඇය ඝාතනය වුයේ මීට වසර 500 කට පෙර ඇය ජීවත් වු ඉන්කා අධිරාජ්‍යයේ උච්ඡතම අවස්ථාව වන 15 වන සියවසේ අග භාගයේ සිට 16 වන සියවසේ මුල් භාගයේ ය. ඇමරිකාවේ ප්‍රකට පූර්ව-කොලොම්බියානු අධිරාජ්‍යයන්ගෙන් එකක් ලෙස, ඉන්කා බිහි වූයේ අද පේරු ලෙස හඳුන්වන ඇන්ඩීස් කඳුකරයේ ය. ඔවුහු ඇයට නමක් තැබූහ, Llullaillaco Maiden.
නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවට අනුව, විද්‍යාඥයන් ඇය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ඇගේ හිසකෙස් පරීක්‍ෂා කළහ - ඇය කෑවේ කුමක් ද, ඇය පානය කළේ ද සහ අවුරුදු 500 ක් වයසැති මේ ඉන්කා දැරිය ජීවත් වූ ආකාරය ගැන පරීක්ෂන කළහ. එම පරීක්ෂණ රසවත් ප්රතිඵල ලබා දුන්නේය.
Llullaillaco Maiden ගේ සොයාගැනීම බටහිර වැසියන් විශ්මයට පත් වූවක් නමුත් යථාර්ථය නම් ඇය ඇත්ත වශයෙන්ම දකුණු ඇමරිකානු කලාපවල බිලිගත් බොහෝ දරුවන්ගෙන් කෙනෙක් වීමයි. ළමා බිලි පූජාව, ඉන්කාන්, මායාවරුන්, ඔල්මෙක්වරුන්, ඇස්ටෙක්වරුන් සහ ටියෝටිහුකාන් සංස්කෘතීන් අතර සුලභ වූවකි. එහි ප්‍රධාන ගාමක සාධකය වූයේ විවිධ දෙවිවරුන් සතුටු කිරීමයි.
ඉන්කාවරුන්ගේ පළමු ලකුණ ක්‍රිස්තු වර්ෂ 1100 දී දර්ශනය වූ අතර, ඉන්කාවරුන්ගේ අවසාන ලකුණ 1533 දී ස්පාඤ්ඤ යටත් විජිතවාදී ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ විසින් අවසාන කරන ලදී.
ඇය මිය ගියේ කුමන වසරේද යන්න නිශ්චිතවම කිව නොහැකිවුනත්- පැහැදිලි වන්නේ ඇයව පූජා කරන විට ඇය වයස අවුරුදු 11 ත් 13 ත් අතර සිටි බවයි. පරීක්ෂණයෙන් හෙළි වූයේ තරුණ දැරිය මත්පැන් සහ කොකා යන දෙකම අධිකව පරිභෝජනය කර ඇති බවයි. ඉන්කානුවන් විශ්වාස කළේ අද කොකේන් සඳහා සකස් කරන ලද මූල ශාඛය මගින් ඇයට දෙවිවරුන් සමඟ වඩාත් ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට ඉඩ සලසන්නක් ලෙසය.
තවත්ලකුණු වලින් පෙනී යන්නේ ඇයගේ මරණයට පත්වීමට වසරකට පෙර ඇය පූජාව සඳහා තෝරාගෙන ඇති බවයි, මෙම කාල පරිච්ඡේදය තුළ ඇයගේ ජීවිතය නාටකාකාර ලෙස වෙනස් වූ අතර, එදිනෙදා භාවිතය සඳහා නොතිබූ නව ද්‍රව්‍ය වූ කොකා සහ මධ්‍යසාර යන දෙකටම ඇය ඇබ්බැහි කල බවයි. පූජකවරියන්ගේ මඟ පෙන්වීම යටතේ ඇගේ හුරුපුරුදු සමාජයෙන් ඈත් වී ජීවත් වීමටද, වැඩිවිය පැමිණීමේ කාලයද මෙම සොහොන් ලෙන තුල සිදුකර ඇති බවය. තරුණියගේ මරණය සිදු වූ දින මත්ද්‍රව්‍ය නිසා ඇයව වඩාත් අවනත බවට පත් කර, ඇයව අන්ධභාවයට පත් කිරීමට හෝ සමහර විට ඇයව සිහිසුන් කිරීමට පවා ඉඩ තිබෙන්නට ඇත. ඒ බව සොහොන් ගෙය තුළ සැහැල්ලුවෙන් වාඩි වී සිටින ඇයගේ ඉරියව්වෙන් පෙනේ.
සෞභාග්‍ය වෙනුවෙන් තමාගේ දරුවන් බිළිඳුන් පියවරු සහ මව්වරු සිටි යුගයන්හිම අවසානයක් නැත. අතීතයේදී එය සිදුවුයේ ප්‍රසිද්ධියේය. සමාජ චාරිත්‍රයක් ලෙසය. අද එය සිදුවන්නේ රහසිගතවය. අතිශය පුද්ගලික කරුනු කාරණා මතය.
මෙම මමිය දැන් ආර්ජන්ටිනාවේ සල්ටා හි පිහිටි Museo de Arqueología de Alta Montaña තැන්පත් කර ඇත.