SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දිනවල නිරන්තරයෙන් අපිට අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි පාර්ලිමේන්තු මැතිවරණය ගැන විවිධ අභියෝග.. වාග් ප්‍රහාර.. සංවාද-විවාද, උසුළු විසුළු...

මේ නිසා රටම උණුසුම් වෙමින් පවතිනවා.

 

 

පක්ෂ ඇතුලේ​ම විවිධ තර්ක විතර්ක සමගින් මෙම දේශපාලන කාල සීමාව ගෙවී යනවා ඔබට දකින්නට පුළුවන්.

 

 

පක්ෂ අතර තියෙන්නෙත් උණුසුම් වටාපිටාවක්.

 

 

මහනුවර ඡන්ද සටන ගැන පහුගිය දවස්වල සමාජ මාධ්‍ය වගේම ජාතික මාධ්‍ය තුළත් තිබුණේ පුවත්මය වටිනාකමක්.

 

 

ඒ අලුත්ම ප්‍රචාරණ ක්‍රමයකින් අලුතින්ම දේශපාලන තරඟයට පැමිණි කිරිකෝඩු කිරිඇල්ල නිසා.

 

 

මේ කිරිකෝඩු කිරිඇල්ල කියන්නෙ ජ්‍යෙෂ්ට දේශපාලනඥයෙකු වුනු ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය චමින්ද්‍රානි කිරිඇල්ල.

 

 

කිරිකෝඩු කියල ඇයගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ ඇය ගෙන ආ ස්ලෝගන් එක අනෙක් සියලු ප්‍රචාරණ ව්‍යාපෘති පරයා ඉදිරියට ආව.

 

 

ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒ ප්‍රචාරණය තවත් අලංකාර කරල ඇයට සහයෝගය දුන්නෙ ජාතික ජන බලවේගයේ පක්ෂ විපක්ෂ හැමෝ එක්කම මිතුරෙක් වුනු කේ.ඩී.ලාල්කාන්ත.

 

 

ලාල්කාන්ත කිරිකෝඩු ගැන කිව්වෙ මෙවර පාර්ලිමේන්තුවට ඇයවත් යවමු කියලයි.

 

 

ඔන්න ඒක දැන් හරියාගෙන එන්නෙ ලාල්ටත් අභියෝගයක් වෙමින්.

 

නසරස 2

 

වැඩිම පිරිසක් නරඹන ලංකාවේ ජනප්‍රියතම Web News Site එකක් වෙන  gossiplanka.com කල සමීක්ෂණ වර්ථාවකින් කියන්නේ  චමින්ද්‍රානි කිරිඇල්ල වැඩිම මනාප ගණනක් ගෙන මහනුවරින්  ප්‍රථම ස්ථානයට ඇවිල්ලයි කියලයි.

 

 

මේවයෙ ඇත්ත නැත්ත කොහොම උනත් නුවර ඡන්දදායකයින් අදහස් කරන්නේ මේ වගේ ප්‍රථිපලයක්ද කියල  අපට 15 වෙනිද පාන්දර වෙද්දි  දැකගන්න පුළුවන් වෙයි.

 

චමින්ද්‍රානී කිරිඇල්ල කියන්නෙ  වෘත්තීමය වශයෙන් අධිනීතීඥවරියක්.

 

 

කොහොම උනත් පරණ දේශපාලන සම්ප්‍රදායන් වගේම කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ සිටි බොහෝ චරිත වලට මෙවර පාර්ලිමේන්තුව අහිමි වීමේ සම්භාවිතාවය වැඩියි.

 

 

ඒ නිසාම චමින්ද්‍රානි වැනි ඉතින් උගත් බුද්ධිමත් චරිතත් පැරණි දේශපාලන පක්ෂවල ජ්‍යෙෂ්ට චරිත අතහැර  මෙවර පාර්ලිමේන්තුව වෙත තේරීපත් කරන සම්ප්‍රධාය ඇරඹිලාය කියලයි විචාරක මතය වෙලා තියෙන්නෙ.

 

 

දිනෙන් දින උණුසුම් වන දේශපාලන පුවත් සමග නැවත හමුවෙමු.

 

#ලාල්ගෙ කොලම

නවතම ලිපි