දුම්රිය රියැදුරන් සහ රිය සහායකයින් නොමැතිවීම හේතුවෙන් අද(14) දිනයේ
අවම වශයෙන් දුම්රිය සේවා දහයක්වත් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.
දුම්රිය රියැදුරන් නොමැතිකම හේතුවෙන් අද තවත් දුම්රිය සේවා 22ක් ක්‍රියාත්මක නොවන බවද ඔවුන් කියා සිටියි.
අවශ්‍ය ප්‍රමාණයට දුම්රිය රියැදුරන් සහ දුම්රිය නියාමකවරුන් බඳවා ගැනීමට වගකිවයුතු බලධාරීන්ට නොහැකි වුවහොත් මෙම ක්‍රියාව දිගටම සිදුවනු ඇතැයි පවසන දුම්රිය දෙපාර්තමේන්තුව මෙම තත්ත්වය මගී ජනතාව අපහසුතාවයට පත් කරන අතර ඉදිරියේදී තවත් දුම්රිය ගමන්වාර අවලංගු වීමට ඉඩ ඇති බව ද සඳහන් කරයි.