SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ කොළඹ මහ නගර සභාවේ (CMC) ඉදිරියේ දී බලය අල්ලා ගැනීම සඳහා

උපාය ක්‍රියාමාර්යක් වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු විරුද්ධ පක්ෂවල නායකයින් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවයි.

 

 

විපක්ෂයට අයත් පක්ෂ සහ විවිධ ස්වාධීන කණ්ඩායම්වල ටිකට්පත් මත තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ජාතික ජන බලවේගයේ ටිකට්පත මත තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට වඩා වැඩිය.

 

 

බහුතරය ගොඩනගමින් ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය ලබාගැනීමට කටයුතු කර තිබෙන අතර ඔවුන් සතු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 48කි. එහෙත් බලය පවත්වාගෙන යාමට ඔවුන් සතුව මන්ත්‍රී අසුන් 60ක් අවශ්‍ය අතර මේ වනවිට විවිධ ආකාරයෙන් වෙනත් ජයගත් අපේක්ෂකයින් ස්වාධීන අපේක්ෂකයින්ද ඇතුලත් ව ඔවුන් ලබාගෙන ඇති බව පැවසේ.

 

 

එසේ වුවත් මේ බොහෝ අපේක්ෂකයින් තරඟ කර ඇත්තේ ප්‍රධාන සම්ප්‍රධායික  දේශපාලන පක්ෂවලට සම්බන්ධව නිසා  ඔවුන් පිළිබඳ පූර්ණ විශ්වාසය තබාගැනීමට ජාතික ජන බලවේගයට අසීරු වනු ඇත. මේ නිසා අස්ථාවර නගර සභා පාලන කාලයක් උදා වීම අනීවාර්යය.

 

 

එවැනි තත්වයක් තුළ, ජාතික ජන බලවේගය වැඩිම ඡන්ද ලබා ගත් තනි පක්ෂය වුවද, එහි නගරාධිපතිවරයා නම් කළ නොහැකි වන අතර එය පළමු රැස්වීමේ දිනයේම බහුතර අනුමැතිය සහිතව රහස් ඡන්දයකින් නගරාධිපතිවරයා පත් කළ යුතුය.

 

 

නගරාධිපතිවරයා පත් කිරීම සඳහා බහුතරයක් ලබා ගැනීම වෙනුවෙන් රනිල්  වික්‍රමසිංහ ට සමීප ඉහළ පෙළේ ආරංචිමාර්ගවලින් කියැවෙන්නේ ඔවුන් ද විපක්‌ෂයේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටින බවය.

 

කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ ඇතුලු එජාපය ජාතික ජන බලවේගය නගර සභාවේ  බලය පිහිටුවා කටයුතු කිරීමේදී අර්බූධකාරී අවස්ථාවන් නිර්මාණය කිරීම සිදුකළ හැකි බව බොහෝ දෙනාගේ මතය වේ.

 

මේ අතර, නගරාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය (SJB) තුළ මේ මොහොතේ මතභේද පවතී. ආණ්ඩු පක්ෂයට ඇති එකම සැනසීම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මෙවන් ක්‍රියාකලාපයන් ය.

 

මෙම  මැතිවරණයේදීත්  සජබ විසින්  දෙවන වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා ගත් අතර, විරුද්ධ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර අවබෝධයකින් යුතුව නගරාධිපති ධුරය ලබා ගැනීමට ඔවුන්ගේ ද අපේක්ෂාවය.

 

නවතම ලිපි