SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පරිස්සමෙන් ඉන්න! සල්ලි තිබ්බට බලය තිබ්බට වැඩක් නැතිවෙයි! කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟ වෙයි!
රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව සිලින්ඩර් 150ක්
තියෙන්නේ ඔක්සිජන් සිලින්ඩර් 80ක්


නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත.

 

 

kalubovila ICU

 



රෝහල සතුව පවතිනුයේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණක් වුවද දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටක් අනාවරණය කරයි.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කළේ දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන් 8ම මේ වන විට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති බවත් ඔවුන්‌ගෙන් රෝගීන් හයදෙනකුටම ඊයේ (26 වැනිදා) දිනය තුළ ඔක්සිජන් ලබා දිය යුතු වූ බවත් ය. මේ අනුව දිනකට රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව සිලින්ඩර් 150ක් යැයි ඇය කියා සිටී.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ බව දැනුම් දුන් අතර මැයි 15 වන දින විට රෝහලේ සිලින්ඩර් අවශ්‍යතාව සපුරා දීමට එකග වී ඇතැයිද ඇය පැවසුවාය.

 

 

oxig



මේ වන විට කොරෝනා රෝගීන් සියලුම දෙනා රෝහල වෙත ඇතුළත් කරනුයේ හුස්ම ගැනීමේ දැඩි අපහසුවෙන් වීම හේතුවෙන් වෙනදාට වඩා ඔවුන්ට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

 

 

icu 680 400





කොවිඩ් රෝගීන් සඳහා රෝහලේ වෙන් කර තිබෙන ඇඳන් 110ම මේ වන විට පිරී ගොස් ඇතැයිද කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන්ට ප්‍රතිකාර ලබා දෙන දැඩිසත්කාර ඒකකයේ “එක්මෝ “ යන්ත්‍රයක අවශ්‍යතාවක් තිබෙන බැවින් එවැනි යන්ත්‍රයක් රෝහල වෙත ලබා දිය හැකි පරිත්‍යාගශීලී කෙනෙක් හෝ සිටින්නේ නම් කොරෝනා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන ජීවිත සුවපත් කිරීමට පහසුවක් වන බවද විශේෂඥ වෛද්‍ය මුදිතා මහත්මිය පවසයි.


මේ වන විටත් දැඩිසත්කාර ඒකකයේ “එක්මෝ” යන්ත්‍රයක අවශ්‍යතාව පවතින ගර්භණී මවක් සිටින අතර කොරෝනා ආසාදනය වී ඇතැයිද පැවැසේ. “එක්මෝ” පහසුකම් පවතිනුයේ ගාල්ල කරාපිටිය රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලෙ පමණක් බවද හෙළි වේ.

 

 

icu 34



කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 26 දෙනකු ප්‍රතිකාර ලබන අතර මේ සියලුම ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුව ඇත්තේ රෝගියා අසලට ගොස් බැවින් රෝහල් කාර්ය මණ්ඩලයේද ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බව පැවැසේ.



ශ්‍රියානි විජේසිංහ

නවතම ලිපි