SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මසනොබු ෆුකුඕකා මහතා ඇමරිකාවේ මව්බිම පුවත්පත් සංස්කාරයන් සමග කල සම්මුඛ සාකච්ඡාවක අවසන් ප්‍රථිපලය " ජපන් සොබාදහම් ගොවියා " පුස්තකයයි.


එය මහාචාර්ය ඩ්බ්ලිව්. එම්. ගුණතිලක මහතාගේ සුරතින් සිංහල භාෂාවට පරිවර්තනය කලෙන් එය සහරක්ෂි පබ්ලිෂර්ස් සහෘදයින්ගේ කැපවීම, උනන්දුව හා උත්සාහය මත පුස්තකයක්ව අප අතට පත්වූවකි.

ජපානයේ ෂිකෝකු දූපතේ ගොවි ගමක උපන් මසනොබු ෆුකුඕකා මහතා ගෙවියෙකු පමණක්ම නොව දාර්ශනිකයකු ද වූ අතරම ඔහු පැලෑටි රෝග පිළිබඳව හැදෑරීම තුළින් රේගු පරීක්ෂකයකු ලෙස වසර ගණනක් සේවය කරන අතරතුරදී ඔහු ගිලන්වූ අවධියේ දී ලැබූ ආධ්‍යාත්මික සුවය නැතහොත් ආධ්‍යාත්මික අත්දැකීම තුළින් ඔහුවද වෙනස් කරමින් ලොවක් වෙනස් කල උතුම් මහත්මයෙකි.



"නොකර කිරීමේ" ගොවිතැන් ක්‍රමය නිසාවෙන් ලෝක ප්‍රසිද්ධ වූ මෙතුමා කෘතීන් කිහිපයක්ම ලියා ඇත. ඒ ද මේ සොබාදහම් ගොවිතැන ඇසුරින් වීම විශේෂත්වයකි.

තම ගොවිතැන නිසාවෙන්ම ලෝක ප්‍රසිද්ධ වූ මසනොබු මහතා හට මැග්සේසේ ත්‍යාගය පවා හිමි වී ඇත.


සොබාදහම හා බැදි සොබාදහමට ආදරය කරන සැවොම කියවන්නේ නම් මැනවි යන්න මාගේ අදහසයි.

 

ගුරු

#රුවන් බස්නායකගේ මුහුණු පොතෙන් 

 

නවතම ලිපි