SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“මම සිතුවේ මිනිසුන් රතු පැහැය ගැන කතා කරයි කියායි. නමුත් ඔවුන් අවධානය යොමු කළේ පියයුරු වලටයි.”

 

දේශපාලනඥයන් සාමාන්‍යයෙන් විනිශ්චය කරනු ලබන්නේ ඔවුන් අඳින පළඳින දේට වඩා ඔවුන් කරන දේ අනුව ය, නමුත් බ්‍රසීලයේ එක් නීති සම්පාදකයෙක් ඇයගේ පළමු දින ඇඳුම් පැළඳුම් තේරීම පිළිබඳව කලබලයක් ඇති කළේය.

දේශීයව පෝලින්හා ලෙස හැඳින්වෙන ” ඇනා පෝලා ඩා සිල්වා ” බ්‍රසීලියානු සැන්ටා කැටරිනාහි ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වීමට පෙර නගර නගරාධිපතිවරයකු ලෙස සේවය කර ඇත. නමුත් ව්‍යවස්ථාදායක සභාවට පළමු රැස්වීමට ඇය හැඳ සිටි ඇඳුම කැපී පෙනෙන්නක් විය.

ඇය හැඳ සිටි පියයුරු යම් තරමකට නිරාවණය වූ රතු පැහැති ගවුම ව්‍යවස්ථාදායකය මෙන්ම මාධ්‍ය ද කැලඹීය. සමහරු එයය ව්‍යවස්ථාදායක සභාවකට සුදුසු ද යන්න විමසු අතර සමහරු පැවසුවේ එය ඉතාම උචිත බවයි.

 red 1

සමහරු පැවසුවේ ඇය සමාජ ශාලාවකට සුදුසු බවයි.

කෙසේ වෙතත්, බොහෝ දෙනා ඇය “ගණිකාවන්ගේ නියෝජිතයා” ලෙස හඳුන්වන අතර සමහරු ඇය දූෂණය කළ යුතු බව පවසා තිබේ.

ඇය තමන්ට අපහාස කළ සියලු දෙනාටම නඩු පැවරු අතර වන්දි ලෙස ලැබුණු මුදල් අපයෝජනයට ලක්වූ කාන්තාවන්ගේ පුණ්‍යායතනයකට පරිත්‍යාග කළේය.

“මම සිතුවේ මිනිසුන් රතු පැහැය ගැන කතා කරයි කියායි. නමුත් ඔවුන් අවධානය යොමු කළේ පියයුරු වලටයි.” යනුවෙන් ඇය පැවසුවාය.

මම අඳින පළඳින ආකාරය මගේ කැමැත්තයි “කාන්තාවන්ට පියයුරු ඇති අතර මට විශාල පියයුරු ඇත, ,” ඇය පැවසුවාය.

කාන්තාවන් දේශපාලනයේ යෙදී සිටින අතර සමාජය එයට හුරුවිය යුතුය. ව්‍යවස්ථාදායක සභාවට සාකච්ඡා කිරීම සඳහා මෙයට වඩා වැදගත් කරුණු තිබේ. ” පෝලින්හා කිවේය .

(නවබිමෙන්)

 

නවතම ලිපි