SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට වසා දැමුවහොත් විශාල ආර්ථික පීඩනයකට මුහුණ පෑමට සිදුවන නිසා ආර්ථික කටයුතු සඳහා මුල්තැන දීම වැදගත්

බවත් එහෙයින් ජනතාව ස්වයං සංචරණ සීමාවක් පනවා ගතයුතු බවත් කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

"අපි ජනතාවගෙන් ඉල්ලන්නෙ ස්වයං සංචරණ සීමාවක් දාගන්න. මොකද රටක් හැටියට ගත්තාම ලොක්ඩවුන් කිරීමේදී ලොකූ‍ ආර්ථික පීඩනයක් මානසික පීඩනයක් විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී අය අතර විශාල පීඩනයක් ඇතිවෙනවා. ඉතිං ඒනිසා ආර්ථික කටයුතුවලට මුල්තැන දීම ඉතාමත්ම වැදගත් වෙනවා" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ. 

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (27) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

නවතම ලිපි