SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රෝහල් ඇඳක් හෝ ඔක්සිජන් හෝ නොමැතිව ත්‍රී රෝද රියක පණ අදිමින් සිටින තම සැමියාට කෘත්‍රි මස්වසන දෙමින්, ඔහු ජීවත් කිරීමට උත්සාහ ගන්නා කාන්තාවකගේ ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. 

මුවටමුව තබා කෘත්‍රිම ස්වසන දෙමින් තම සැමියා බේරා ගන්න වෙර දරන මේ කාන්තාව රේණුසිංගාල් නැමැත්තිය යැයි ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් නාළිකාව ඒ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් පැහැදිළි කර තිබේ. 

මෙමකාන්තාව සහ සැමියා උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා හි පදිංචිකරුවන්ය. 

කොතරම්උත්සාහ කළත්, රේණු සිංගාල් ට සිය සැමියා රවීසිංගාල්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වුණු බවත් ඔහු ත්‍රී රෝද රියේදීම අවසන් සුසුම්හෙලූ බවත් එන්.ඩී.ටීවී. පුවත් නාළිකාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

 (එන්.ඩී.ටීවී.)

නවතම ලිපි