SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිරයමින් තිබෙන නව වෛරස් ප්‍රභේදයෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂාකර ගැනීමේ වැදගත් බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය දන්වා ඇත.

එසේම ගැබිනි මව්වරුන් එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාවය එම විද්‍යායතනය විසින් අවධාරණය කර ඇත.

වර්තමානයේ පැතිර යමින් තිබෙන කොවිඩ් 19 වයිරසයට ගොදුරුවීමේ අවදානමක් ඇති කණ්ඩායමක් ලෙස ගැබිනි මව්වරුන්ද හදුනාගෙන ඇති බවයි එම ආයතනය පවසයි.

 

 

 

mother covid 800 440

 


"ගැබිනි මව්වරුන් මෙම වයිරසයට ගොදුරු වුවහොත් ඔවුන් රැකබලා ගැනීමේ ගැටලුවක් නිර්මාණය වේ. ඒ නිසා ගැබිනි මව්වරුන් මේ මොහොතේ අතිශයින් පරිස්සම් විය යුතුය. එසේ නොවුනහොත් එය අතිශයින් බේදනීය ඉරණමක් වනු හෝ අනුමානය "


ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා ගේ අත්සනින් යුතුව අප්‍රේල් 28 බදාදා නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයක් මගින් වෛරසය වැළදුනු ගැබිනි මව්වරු තිදෙනෙක් මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවද දැනුම් දී ඇත.

එසේම රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා කරන ගැබිනි කාන්තාවන් සදහා කොවිඩ් 19 වයිරසය දෙයාකාරයකින් අවදානම් විය හැකිබව ඔවුන් එමගින් දක්වා ඇත.


එනම්,

  1. පොදු සංකුලතා ඇතිකරන අතර ශාරීරික තත්වයන්, එනම් තරබාරුව, දියවැඩියාව, අධික රුධිර පීඩනය.
  2. ගැබිනි කාන්තාවන් රැකියා සදහා පොදු ප්‍රවාහන භාවිත කිරිම හරහා මහජනයා සමග කෙළින්ම ගැටෙමින් රැකියා කිරීම හා සේවකයන් වැඩි සංඛ්‍යාවක් ඇති තැන්වල වැඩ කිරීම.



එසේම කොවිඩ් 19 වයිරසය පාලනය සදහා ලබා දෙන එන්නත් ගැබිනි කාන්තාවන්ට ලබා දීම සුදුසු බවට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය අවධාරණය කර ඇත.

 

 

mother vaccin

 

"අවදානම් ගැබිනි මව්වරුන්ට එන්නත ලබාදීම බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රසව වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද නිර්දේශ කර ඇත. "
එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයද ගැබිනි මව්වරුන්ට එන්නත ලබා දිය යුතු යැයි "අනුමාන " කර සිටියි.


එන්නත ලබා ගැනීමෙන් කළලයට හානියක් නොවන බවද විද්‍යාත්මකව තහවුරු කර ඇති බව ද ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසයි.

එසේම කොව්ඩ් 19 වෛරසය වැළදුන ගැබිනි කාන්තාවක් රෝහලකට පැමිණි පසුව පරීක්ෂා කර බැලීම සදහා වෙනත් ස්ථානයක් ලබාදීමද ඉතා වැදගත් බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා එසේ නොවුනහොත් සාමාන්‍ය රෝගීන්ටද වයිරසය වැළදීමේ අවදානමක් මතුවන බව අවධාරණය කර ඇත.


 

 

නවතම ලිපි