SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුසියාවේදී පැවැති ‘මිස් සැෆායර් වර්ල්ඩ්’ 2021 රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකාවේ අපණ්ණක කුලියාපිටිය සමත් වූවාය.

 

Apanna 800563

 

Apanna 800 1200

 


රුසියානු කලාපයේ යුක්‍රේනය, ජෝර්ජියාව වැනි රටවල් නියෝජනය කරමින් තරගකාරීන් රැසක් මෙම තරගය සඳහා එක්විය. නොවැම්බර් මාසයේදී ඇරඹී මෙම තරගාවලියේ පළමු වටයෙන් අවසන් 15 දෙනා අතරට තේරී පත්වන්නට අපණ්ණක සමත් වූවාය. මෙම තරගාවලියේ අවසන් වටය සඳහා තේරී පත්වූ තරගකාරීන් අතර කළු හමක් සහිත තරගකාරියක වූයේ අපණ්ණක පමණි. මෙම තරගාවලියේ අවසන් තරගය ඉකුත් 24 වැනිදා පැවැත්විණි.

මෙම තරගාවලියේ ප්‍රථම ස්ථානය රුසියානු ජාතික තරගකාරියක වූ ෆයානා විසින් දිනා ගත්තාය.

 

Apanna 800 1200 1


ජයග්‍රහණයෙන් අනතුරුව රුසියාවේ සිට අදහස් දැක්වූ අපණ්ණක ‘මම හිතුවේ නෑ මේකේ ස්ථානයක් ගන්න මට පුළුවන් වෙයි කියලා. අනිත් එක මේ තරගාවලියේ ගොඩක් අය රුසියානු භාෂාව කතා කළා. නමුත් මට මගේ කතාව ඉංග්‍රීසියෙන් කරන්න ඒ අය ඉඩ දුන්නා. මගේ අම්මයි අප්පච්චියි මට ලොකු විශ්වාසයක් දුන්නා’යි පැවසුවාය.


වැඩිදුරටත් ඇය අදහස් දක්වමින්, ‘ලංකාවේදී මට අනන්ත ප්‍රශ්න වුණා. හිත් රිදුණ ඒවා තමා වුණේ. මම කැමති මගේ ස්වාභාවික විදිහට යන්න. මම කළුයි. ඒත් මට කවදාවත් සුදුවෙන්න ඕන වුණේ නෑ. මගේ දත්වලට පවා චෝදනා කරපු අවස්ථා තිබුණා. නමුත් මෙහෙ මට ස්වාභාවික විදිහට ඉස්සරහට යන්න ඒක තමා හොඳ කිව්වා. මම මාව හැටියටම ඒ අය පිළිගත්තා. මාව වෙනස් කරලා ගන්න දිනුමක් මට වැඩක් නෑ’ යි පැවසුවාය.

 

Apanna 80 563 2


මෙම තරගාවලිය රුසියාව, ඇමරිකාව, එක්සත් රාජධානිය වැනි රටවල වාර්ෂිකව පවත්වනු ලබයි. මෙවර තරගාවලියේ අධ්‍යක්ෂ ලෙසින් ඇලෝනා රොෂෙල් කටයුතු කළාය.


සිය උසස් අධ්‍යාපනය හදාරමින් රුසියාවේ පිටර්ස්බර්ග්හි දිවිගෙවන අපණ්ණක, වෘත්තියෙන් ගුරුවරියකද වේ.

 


උපුටාගැනීම - Aruna.lk , චතුර රණසිංහ

 

 

Apanna 800 1100

 

 

Apanna 800 1100 23

 

 

Apanna 345

 

 

Apanna 90

 

 

Apanna 908

 

 

Apanna 1234

 

 

Apanna 800 563 3

 

 

A 800 1100

 

 

Apanna 800 563 5

 

 

Apanna 5678

 

 

 

 

 

 

නවතම ලිපි