SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාවේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 18 ඉක්මවා ඇත


සීඝ්‍රයෙන් ඉහළ යන කෝවිඩ් මරණ සංඛ්‍යාව නිසා නගරයේ මෘත ශරීරාගාර හා ආදාහනාගාර පිරී ඇති බැවින් ආදාහන සඳහා විකල්ප ස්ථාන සොයා ගන්නා ලෙස දිල්ලි නගර බලධාරීන්ට දන්වා ඇත.


වෛරසයේ දෙවෙනි රැල්ල ඉන්දියාවේ සමහර ප්‍රදේශවල විනාශකාරී ලෙස පැතිරෙමින් තිබෙන අතර බ්‍රහස්පතින්දා දින (අප්‍රේල් 29) නව රෝගීන් 386,452 ක් වාර්තා වී තිබේ. එය එක්දිනක් තුළ රටකින් වාර්තා වූ විශාලතම රෝගීන් සංඛ්‍යාවයි.

 

 

Dilli



රට පුරා තවත් මරණ 3,500 ක් වාර්තා වී ඇති අතර ඉන් 400 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන්නේ දිල්ලියෙනි. අගනුවරින් එතරම් මරණ වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.


එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 18 ඉක්මවා ඇත.

 


BBC

නවතම ලිපි