SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුවන්පුරයට අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති මේ මොහොතේ රට පුරාම ශරීර වර්ධන මධ්‍යස්ථාන රාජ්‍ය මැදිහත්වීම මත ආරම්භ කරන මේ මොහොතේ

 

කොරෝනා වසංගතයෙන් ලෝකයම වෙලාගත් මේ මොහොතේ ආසියාවේ වැඩිම කොරෝනා බලපෑමට යටත් වන රටවල් අතර ලංකාව පෙරමුණේ පවතින රටවල් අතර රැඳෙන මේ මොහොතේ අප වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු කුමක් වෙනුවෙන් දැයි බලධාරීන් සිතිය යුතු සහ ක්‍රියාත්මක විය යුතු මොහොතකි මෙය. ඒ අතර මෙවැනි පුවත් හරහා අප රජයේ පිළිවෙත් සහ ක්‍රියාමාර්ග ගැන වඩාත් විමසිලිමත් විය යුතුය. මේ Lanka Information වෙබ් අඩවියේ පුවතකි.  

 

2021.06.07 දින දහවල සිට කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරන රෝගීන්ට සිදු කරමින් තිබු ඇන්ටිජන් පරීක්‍ෂාව නවතා දමා තිබේ.

මීට හේතුව වී ඇත්තේ පරීක්‍ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කිට්ස් නොමැති බව දැනගන්නට ලැබී ඇත. එසේම, මේ තත්වය රෝහලේ අනෙකුත් රෝගීන් ඇතුළත් කරගන්නා ස්ථානවලට ද ඉතා දැඩිව බලා තිබේ.

විවිධ අනතුරුවලට ලක්ව ප‍්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් මෙන්ම, විවිධ රෝග තත්ත්‍වවලට ප්‍රතිකාර ලැබීමට රෝහල් ගතවන රෝගීන් ගෙන්, කොරෝනා රෝගීන් වෙන් කර හඳුනා ගැනීමට මෙම පරීක්‍ෂණයෙන් හැකි වූ අතර, එමගින් කාර්ය මණ්ඩලයත්, වාට්ටුවල අනෙකුත් නේවාසික රෝගීනුත් රෝහලට පැමිණෙන්නන්ද කොරෝනා ආසාදිතයින් බවට පත්වීම වැළකුණි.

මේ වන විට ශ්‍රී ලංකා ජාතික රෝහල තුළ සියලූ කාර්ය මණ්ඩල මෙන්ම රෝගීන්ගේ පාවිච්චිය සඳහා ලබාදුන් ශල්‍ය මුව වැසුම්වල බරපතල හිඟයක් ද ඇති වී තිබේ. එම නිසා අද වන විට ජාතික රෝහලෙහි සෑම වාට්ටුවකට ම ලබාදෙමින් ඇත්තේ දිනකට මුව වැසුම් 50 ක පමණ කුඩා ප‍්‍රමාණයකි. මෙය කිසිසේත් ම වාට්ටුවක එක් සේවා මුරයකටවත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොවේ. එසේම, PPE කට්ටලවල ද දැඩි හිඟයක් ඇති වී තිබේ. මේ තත්වයන් හමුවේ ජාතික රෝහල්, කාර්ය මණ්ඩලයටත් රෝගීන්ටත් දැඩි අනාරක්ෂිත ස්ථානයක් බවට පත් වී ඇත.

පසුගිය කාලය මුළුල්ලේ ම අප විසින් වැඩි වෙමින් පවතින කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා රෝහල් පද්ධතියට අවශ්‍ය ආරක්‍ෂිත උපකරණ හා ආයිත්තම් අවශ්‍ය ප‍්‍රමාණයන් ගෙන් ලබාදෙන ලෙස සියලු සෞඛ්‍ය බලධාරීන්ගෙනුත් රෝහල් ප‍්‍රධානීන්ගෙනුත් ඉල්ලීම් කළ නමුත් ඔවුන් එය නොසලකා කටයුතු කරන ලදි.

කොරෝනා වසංගතය මර්දනය පිළිබඳව නිසි වැඩ පිළිවෙලක් හා ඉලක්කයක් නොමැතිව, කටයුතු කළ ආණ්ඩුවේත්, සෞඛ්‍ය බලධාරීන්ගේත් අදූරදර්ශී තීන්දු තීරණවල ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් තිබේ. එහි වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලයටත්, අහිංසක රෝගීන්ටත් මහජනතාවටත් වීම අතිශය කනගාටුදායකය.

එබැවින්, ඇති වී තිබෙන -03 වන කොරෝනා රැල්ල නිසා දැඩි පීඩාවකින් හා දුෂ්කර තත්ත්‍වයන් ගණනාවක් මධ්‍යයේ, සිය ජීවිතවල බොහෝ දේ රාජකාරිය වෙනුවෙන් කැප කරමින්, අඛණ්ඩ සේවාවක නිරතව සිටින හෙද කාර්ය මණ්ඩලය ඇතුළු අනිකුත් සෞඛ්‍ය සේවකයින්ගේ මෙන්ම රෝගී ජනතාවගේත් සුරක්‍ෂිතතාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නොපමාව කටයුතු කර අවශ්‍ය සියලු පහසුකම් වහා ම ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

 

උපුටාගැනීම - Lankainformation.lk

නවතම ලිපි