SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විත්‍රී ගුණසේකර කියන්නෙ මහරගම නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීනියක්. පහුගිය දා මහරගම නගර සභාවේ පැවති රැස්වීමකදී ඇයට නගර සභාවේ පිරිමි මන්ත්‍රීවරයෙක්ගේ ප්‍රහාරයට ලක් වෙන්නෙ නගර සභා රැස්වීම තුළදිමයි. ගෘහස්ත කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පරිපාලන රැස්වීම් දක්වා ඇවිල්ල.

 

“ලිංගික අපහාස ඉවසන්න බෑ”

නගර සභාවේ මන්ත්‍රීවරියො හඩා වැළපෙන්නෙ ඒ විදිහට.

ගීතා කුමාරසිංහ කියන්නෙ අපේ රටේ අග්‍රගන්‍ය නිළියක්. ඇය දේශපාලනයට පිවිසෙනවා වගේම දෙවරක්ම පාර්ලිමේන්තුවටත් තේරී පත්වෙනවා. මේ දේශපාලනය ඇතුළෙ ඇය අත්විඳි කාරණා සමග ඇය අද දවසේ  ගැහැණියක් ලෙස කියන්නෙ මෙහෙම අදහසක්.

“දැන් මට හිතෙනවා කලාව කරගෙන හිටියා නම් මේ මොකුත් නැහැනේ කියලා”

චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග කියන්නෙ දෙවතාවක් මහජන ඡන්දයෙන් පත්වුනු වසර දහයක් අපේ රටේ විධායක ජනාධිපතිවරියක්. ඇය මෙහෙම කියනවා.

“අද ලංකාවෙ කාන්තාව සම අයිතිය ලබාගෙන ඉන්නෙ. ඒක කාන්තාවො පාවිච්චි කරන්නෙ නැති එකයි වෙලා තියෙන්නෙ”

.

 

චන්ද්රිකා

 

ලංකාවේ ඡන්ද බලය හිමි පිරිසෙන් 52%ක් කාන්තාවො

මේ අතරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලංකාවේ කාන්තා කටයුතු ඇමති ලෙස පිරිමි අමාත්‍යවරයෙක් පත් කරනවා.

මෙවන් පසුබිමක අපි අද ගීතා කුමාරසිංහ මන්ත්‍රිනියගේ දිවයින පුවත්පත සමග දැක්වූ අදහස් මේ සමග ඉදිරිපත් කරනවා.

 

‘‘කොවිඩ් එන්නත මුළු රටේම ඉන්න ජනතාවට ලබාදෙන්න සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතුයි. දැන් තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. ඒ නිසා මොන රටෙන් හරි කමක් නැහැ මේ කොවිඩ් එන්නත ගෙන්වලා රටේ සෑම පුරවැසියකුටම ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත්’’

යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

දිවයින පුවත් පත සමඟ අදහස් දක්වමින් ඇය මේ බව පවසා තිබේ.

කොවිඩ් එන්නත ගැන කතා කර කර සිටිනවාට වඩා ඒවා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට බලධාරීන් වහා මැදිහත් විය යුතුව ඇතැයි ද ඇය සඳහන් කළාය.

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරිය මෙසේ ද කියා සිටියාය.

 

ගීතා 1

මේ කොවිඩ් එන්නත තාම මුළු රටේම ඉන්න ජනතාවට ලබාදෙන්න බැරි වෙලා තියෙනවා. ජනතාව අපෙන් මේ ගැන අහනකොට අපි සෑහෙන අසරණ වෙනවා. දැන්වත් අපි කියන්නේ පුළුවන් තරම් මේ එන්නත ඕඩර් කරලා ගෙන්වලා රටේ පුරවැසියන්ට ලබාදෙන්න කියලයි.

දැන් මට හිතෙනවා කලාව කරගෙන හිටියා නම් මේ මොකුත් නැහැනේ කියලා. මේ කොවිඩ් වසංගතය තුරන් කරලා ජනතාව බේරාගත හැක්කේ එන්නත්කරණයෙන් විතරයි.

අප්‍රේල් මාසයේ ජනතාවට ඕන ඕන විදිහට විනෝද වෙන්න දීලා ආණ්ඩුව පැත්තකට වෙලා හිටියා. සමහරු කොවිඞ් මේ රටේ නැහැ වගේ හැසිරෙමින් අවුරුදු උත්සව පැවැත්වූවා. තවත් පිරිස් රට වටේ විනෝද චාරිකා ගියා. ඒකේ අනිසි විපාක නේද අද මේ භුක්ති විඳින්නේ.

මහරගම නගර සභා ගැටුම පිළිබඳ පහත වීඩියෝවෙන් දැනගන්න.

නවතම ලිපි