SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

69 වන විශ්ව රූ රැජින තරඟාවලියේ, විශ්ව රූ රැජින ලෙස කිරුළු හිමිකර ගැනීමට මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේ සමත් වුණා.

මෘදුකාංග ඉංජිනේරුවරියක් සහ නිරූපිකාවක වන ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළඳි තුන්වන මෙක්සිකානු ජාතික කාන්තාව බවට පත් වනවා.

Andrea Meza cover

මෙම තරඟාවලිය සඳහා ලොව පුරා රටවල් රැසක රූමතියන් 73 දෙනෙකු සහභාගී වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සෙමිනෝල් හාඩ් රොක් හොලිවුඩ් හෝටල් පරිශ්‍රයේ දී 2020 විශ්ව රූ රැජින අවසන් මහා තරඟය පැවැත්වුණා.

බ්‍රසීලය, ඉන්දියාව, පේරු රාජ්‍ය සහ ඩොමිනිකානු ජනරජය නියෝජනය කළ තරඟකාරියන්, ඇන්ඩ්‍රියා සමඟ අවසන් පස්දෙනා අතර පැමිණි සෙසු තරඟකාරියන් වනවා.

Andrea Meza 2

 

Andrea Meza 4

 

Andrea Meza 5

 

https://twitter.com/i/status/1394125260203728898

නවතම ලිපි