SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොරෝනා වසංගතය හමුවේත් ආර්ථිකය සමබරව තබාගැනීමට උත්සාහ කිරීම හොඳ දෙයකි.

එහෙත් මිනිස් ජීවිතවල වටිනාකමට ඉහළින් ආර්ථිකය තබා කටයුතු කිරීම මේ මොහොතේ ම්ලේච්ඡ ක්‍රියාවකි. එවන් ම්ලේච්ඡ ක්‍රියා කිහිපයක්ම අප පසුගිය කාලය තුළ දැකබලා ගත්තෙමු.

පළමු කොවිඩ් රැල්ල රටේ ජනාධිපතිවරයා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍ර නිළධාරීන් එක්ව ආරක්ෂක සේවා සහයෝගයද ඇතුළුව මනාව මර්ධනය කළ බව අප අවිවාදයෙන්ම පිළිගන්නෙමු. ඒ මොහොතේ දේශපාලනඥයින් එයට එක් වූයේ යම් සීමාවන් සහිතවය. එහෙත් එය එලෙස පාලනය කළද එය පවත්වාගෙන යාමට රටක් ලෙස අප අසමත් වූයේ ඇයිද යන්න ගැනත් ඔබ මේ වනවිට මනාව වටහාගෙන ඇතැයි සිතමු.

සමහර දේශපාලනඥයින්ට මේ රටේ සාමාන්‍ය ජනතාව යනු රසායනාගාරයක පරීක්ෂනයට ලක්කරන මීයන් වීම පුදුම සහගත නැත.  යුක්රේන ටෙස්ටින් එකට රට මුහුණ දුන්නේද එලෙසින්ය. මේ රටේ අපනයන ආර්ථිකයට බෙහෙවින්ම බලපාන ශ්‍රමික කොටසක් ලෙස වෙළඳ කලාපෙ ශ්‍රමිකයින් හඳුන්වා දිය හැකිය. කලාපෙ කර්මාන්තශාලාවල මේ වනවිට සිදු වෙමින් පවතින්නෙ නව ඛේදාන්තයක ඇරඹුමක්ද යන්න ගැන  බලධාරීන් විමසිලිමත් විය යුතුය.

එම ස්ථානයන්හි PCR පරීක්ෂන සිදු වෙමින් පවතින ක්‍රමවේදයන් හා ආසාධිතයින් ඉවත් කිරීමේ ක්‍රමවේදයද අවුල් සහගත වී ඇත. සේවයේ යෙදෙන ශ්‍රමිකයින්ගේ ජීවිත අවධානම ගැන වගකිවයුත්තන් වගකීමට බැඳී සිටින බවක් නොපෙනේ. පරීක්ෂන ප්‍රතිඵල පැමිණෙන කාල සීමාව අතර තවදුරටත් සේවයේ නිරතවන ශ්‍රමිකයින්ට ඔිනෑම දෙයක් විය හැකිය. 

 

mas 2

PCR පරීක්ෂනයක් සිදුකළ පසු අදාළ පරීක්ෂන වාර්තාව පැමිණෙන තුරු එකී පුද්ගලයා හුදෙකලා විය යුතු අතර අනෙක් අය සමග හෝ සම්බන්ධවීම හෝ සංචරණය සිදු නොවිය යුතු බව දක්වා ඇති සෞඛ්‍ය උපදෙසකි. එහෙත් කලාපේ ශ්‍රමිකයින් පරීක්ෂන ප්‍රතිඵල පැමිණෙන තෙක් වැඩ කළ යුතුය. ඒ අතර පරීක්ෂනය අවස්ථාවේ ආසාධිත නොවන පුද්ගලයා ඒ අතර කාලය තුළ ආසාධිත විය හැකියි. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් නැත. එහෙත් ඔවුන් කළ යුතු එකම දෙය ශ්‍රමය වැගිරීමය. නැතහොත් රැකියාව අහිමි වේ. මේ සඳහා වගකිවයුතු කිසිවෙක් ගෙන් නිසි ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැත. මැෂිමේ ජීවිත්වන ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් එන්නේ ඔවුන් නිමකරන රෙදි කෑලි ගණනට පමණි.

මේ රනිල් දේව ආදිත්‍යගේ  මුහුණු පොතේ පළවූ ලංකාවේ විශාලතම නිමි ඇඳුම් අපනයන කර්මාන්තශාලාවක සිදු වූ සිදුවීමකි. ඉදින් මේ සන්නාලියන්ගේ ජීවිතවලට ඔබට අගයක් දිය හැකිද? එහි වගකීම කා සතුද?

ප්‍රියන්ති දියණිය ,පළමුව ඔබට නිවන්සුව පතමි!

welada kalape 1

 

දෙවනුව,

තම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ට කෝවිඩ වැළඳෙමින් ඇති බව දැන දැනම , දිනෙන් දින එම සංඛ්‍යාව වැඩිවෙමින් ඇති බව දැන දැනම , PCR කල දරුවන් ද නිවෙස් නිරෝධායනයට යොමු නොකරමින් සේවයට කැඳවමින් දැන දැනම ඔවුන් සහ පවුල්වල සාමාජිකයන් අනතුරේ හෙළූ MAS holdings පාලනාධිකාරිය මෙම මරණයට මෙන්ම , මේවනවිට ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක සිටින අනෙක් දරුවන්ගේ ජීවිත වලද වගකීම භාරගත යුතුය.

සේවකයන් 99000 ක් අතරින් සහ ආසාදිතයන් අතරින් මියගියේ එක් අයෙකු යැයි කියමින් අමලීන් මහත්වරුනට සැහැල්ලු වන්නට සදාචාරාත්මකව හෝ නෛතිකව කිසිසේත්ම අයිතියක් නැත..!!

 

mas 1

මේ මියගොස් ඇත්තේ "ඔබ" රටට උපයා දෙන්නේ යැයි කියන ඩොලර් බිළියන දෙකෙන් අංශු මාත්‍රික කොටසක් හෝ සැබැවින්ම උපයා දුන් ඒ වෙනුවෙන් තම ශ්‍රමය වැගිරූ ඔබේ "සේවිකාවකි" ..!!!

මැෂින් ඔබේය

ගොඩනැගිළි ඔබේය

ආයෝජනය ඔබේය

කළමනාකරණය ඔබේය

එහෙත් ශ්‍රමය ?

ඔව් එය ප්‍රියන්ති බඳු දහස්ගණනක වූ , ඔබට ඩොලර් උපයාදෙන මේ දරුවන්ගේය..!!!

මෙය අනියම් මිනීමැරුමකි ...!!!

ඔව් මෙය අනියම් මිනීමැරුමකි...!!!

එය සිදුවූයේ ඔබේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසාය.

ඔබ එයට වගකිවයුතුමය..!!!

 

රනිල් දේව ආදිත්‍යගේ මුහුණු පොතෙන් උපුටාගැනුනි.

නවතම ලිපි