SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට තුළ ඇති ප්‍රධාන මාතෘකා සියල්ල යට යැවීමට සැලසුම් කරන ලද “නාට්‍ය කිහිපයක තිරපිටපත්” මේ වන විට සිදුවෙමින් පවතින බව නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි පවසනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින ඇය සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ඇයගේ සටහන පහතින්

රටේ ඇත්ත ප්‍රශ්න යට යැවීමට අටවන උගුලට හසුවෙනවාද?

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හ පරිහරණය කරන්නන් වහාම නිසි මාවතට පිවිසෙන්නේ  නම් මැනවි.
මේ වන විට රටේ ඇති ප්‍රධාන ප්‍රශ්න සහ විලිවසාගැනීමට සිදුවන අවස්ථාවන් ලෙස රට කරවන ඈයන්ට යට යැවිය යුතු දේවල් වර්ග 2ක් ඇත.

රටේ ප්‍රධාන ප්‍රශ්න

1.කොළඹ මර්මස්ථාන වල ඉඩම් සෙලන්දිවා හරහා චීනයට විකිණීම
2.ඇතැම් ස්ථානවල කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙලේ අවිධිමත් බව හා ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව නිසිකලට ලබාදිය නොහැකි වීම.
3. නිසි කලට නිසි වැඩපිලිවෙලක් හා දැක්මක් සහිතව රට lock down නොකිරීම නිසා මතුවී ඇති තත්වය
4.පෝර්ට් සිටි ව්‍යාපෘතිය හා සම්බන්ධ රටට අවාසිදායක කරුණු
5.ගිනිගත් නැව හේතුවෙන් සිදුවූ විශාල සාගර හා වෙරළ දූෂණය මෙන්ම එම නැව අපරටේ මුහුදු සීමාවට ඇතුලුවීමට ඉඩලබාදීම පිළිබඳ ගැටලුව

විළිවසාගතයුතු තැන්

  1. කොවිඩ් අරමුදලේ මුදල් වියදම් වූ අයුරු සැකසහිත වීම
  2. පාඩු ලබන ලාෆ් ගෑස් සමාගමෙන් 40%ක් රක්ෂණ සංස්ථාව හරහා මිලදී ගැනීමට හා ඒ් හරහා අත යට ගණුදෙනුවක් සිදුවියහැකිවීම
  3. මුස්ලිම් විරෝධයක් සහිතව පැමිණි “තනි සිංහල ආණ්ඩුව” මුස්ලිම් රටක් වන බංග්ලාදේශයෙන් ණය ලබා ගැනීම
  4. පාස්කු ප්‍රහාරයේ සැබෑ මොලකරුවන් අනාවරණය නොකිරිම
  5. උදයංග වීරතුංග යුක්රේණයෙන් සංචාරකයන් රැගෙන එ්ම කොවිඩ් පැතිරීම අත්හදාබැලීමට කරන්නක් බව ප්‍රකාශ කර ජනතාව “පරීක්ෂණාගාර මීයන්” බවට පත්කිරීම
  6. මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන් 20සම්මත කිරිම
  7. දූෂිත පුද්ගලයින්ට එරෙහිව ගොනුකළ නඩු ඉල්ලා අස්කරවාගැනීම හා “නිදොස් කොට නිදහස්” රැල්ල ඇතිවීම
  8. සයිනොෆාම් එන්නත ආනයනයේදී එක් එන්නතකින් ඩොලර් 5ක වංචාවක් වූ බවට ඇති සැකය
  9. පාතාලයන් පසුපස සිටින සැබෑ දේශපාලන ජාවාරම්කරුවන් හඳුනාගැනීමට පෙර පාතාලයන්ට “ආයුධ පෙන්වන්නට යාම”
  10. කොවිඩ් තත්වය දැක දැක හොර රහසේ මන්ත්‍රිවරුන්ට වාහන ආනයනය කිරීමට සැරසීම හා එය අවලංගු කරන බව පැවසුවද ලංකා බැංකුව LC open කර තිබීම නිසා ඇතිවෙන තත්වය


ඉහත දැක්වු කරුණු හා තවත් කරුණු වෙනුවට අපේ මිනිසුන් දැන් කතාකරන්නේ


1. පියුමි හංසමාලිගේ ශරීර ඇප හා නිරෝධායනය,
2. චන්දිමාල් කහ ඉරෙන් වාහනය හැරවීම
3. චමුදිත ගේ ප්‍රශ්න ඇසීමේ විදිහ
4. අජිත් රෝහණගේ සන්නිවේදන හැකියාව හා චමුදිතගේ ප්‍රශ්නවලට උත්තර දීමේදි ඉවසීම
5. පොලීසියේ  කේක් කැපීම
6. මුරුත්තෙට්ටු හාමුදුරුවන්ගේ ප්‍රකාශ


මේ සියලු දේ කලින් කී ප්‍රධාන මාතෘකා සියල්ල යට යැවීමට සැලසුම් කරන ලද “නාට්‍ය කිහිපයක තිරපිටපත්” බව ඔබට හඳුනාගත නොහැකිනම්, දැන් කතාකරන ප්‍රශ්න ප්‍රධාන ප්‍රශ්න සේ හැගේ නම්, චමුදිතලාට “ප්‍රශස්ති” ලියන්නට සිතේ නම් ඔබ නොදැනුත්වම “ඔවුන්ගේ මෙහෙයුමට” හසුවී ඇති බව වටහාගන්න..

හැකිනම් “හරි පාර” ට වැටෙන්න….

 

උපුටාගැනීම Newshub

නවතම ලිපි