SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපේ රට ලෝකයේ අග්‍රාමාත්‍යවරියන් හා විධියක ජනාධිපතිනියක් බිහිකරමින් ලෝක ඉතිහාසයේ වාර්තාගත රටකි. අප රට තුළ කාන්තාවන් දශක කිහිපයක් රටේ පාලනය ගෙන ගියෝය.

එහෙත් කාන්තාවන් ලෙස අප ලබාගත් දෑ සමග සසඳන විට ඇත්ත වශයෙන්ම මේ රටේ දේශපාලනය තුළ කුමන ලංගිකයෙක් පාලන බලය අතට ගත්තද කිසිදු වෙනස්කමක් දැකිය නොහැකිය. කෙසේ වුවත් අද අප කතාකරන්නේ අප ගැන නොව නවසීලන්තයේ අගමැතිනිය ගැනයි. ඇය ජසින්දා ආර්ඩර්න්.

ලෝකයේ මිනිසකුට ලබාගත හැකි ඉහලම ගෞරවය නවසීලන්තයේ ජසින්ඩා දැන් ලබාගෙන අහවරය.

නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ජසින්දා ආර්ඩර්න්, ෆෝචූන් සඟරාවේ 2021 ලොව ශ්‍රේෂ්ඨතම නායකයින්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය ලබා ගත්තාය. ඒ සඳහා සගරාව ලොව විශිෂ්ට නායකයන් 50 දෙනෙකු පෙල ගස්වා තිබිනි. ඉන් අංක එකට තෝරාගෙන තිබුනේ ඇයවය.

jecinda 2

ආර්ඩන් ෆෝචූන් ලැයිස්තුවේ ඉහළින්ම සිටින පළමු අවස්ථාව මෙය නොවේ: 2019 දී ඇය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පසුපසින් දෙවන ස්ථානයට පත්විය.

“නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයේ මුල් අවදියේදීම ජැසින්ඩා ආර්ඩර්න් ශ්‍රේෂ්ඨ නායකයෙකු ලෙස සිය තනතුර මුද්‍රා තබා තිබුණි. මුස්ලිම් පල්ලි දෙකකට එල්ලකල ත්‍රස්ත ප්‍රහාරයකින් පසුව නවසීලන්තය යුධ පිටියක් වීමට බෙහෝ ඉඩ තිබුනද, ඇය සිය රට මානවීය සංවේදනයෙන් යුතුව මෙහෙයවා තිබිනි”

යැයි ෆෝචූන් සටහන් තැබීය.

Fortune සගරාව නවසීලන්ත අග්‍රමාත්‍යවරිය තෝරා ගැනීමට පාදක කරගත් ඇගේ විශිෂ්ට නායකත්වයේ කාර්යයන්,

2020 මුල් මාසවලදී COVID-19 ලොව පුරා දස දහස් ගණනින් මරණය කරා කැඳවාගෙන යනවිට මුළු මහත් නවසීලන්තය සිටියේ බියෙන් සලිතවය. එවිට ජසින්ඩා තීරණය කළේ නවසීලන්තයේ වෛරසය මැඩපැවැත්වීමට පමණක් නොව, තුරන් කිරීම සඳහා ක්‍රියා කරන ප්‍රතිපත්ති සම්පාදනය කලයුතු බවයි.

jecinda 4

අගමැතිනිය වහ වහා සෞඛ්‍ය විශේෂඥයින් කැඳවමින් ඔවුනගේ උපදෙස් ක්‍රියාත්මක කරමින් විශේෂඥයන් සමග සහයෝගයෙන් කටයුතු කලාය. ඇගේ උපාය මාර්ග බොහෝ දුරට සාර්ථක බව ඔප්පු විය.. මිලියන පහකට ආසන්න ජනතාවක් සිටින නවසීලන්තයේ වෛරසය වැළඳී ඇත්තේ 2,700 කටත් වඩා අඩු සංඛ්‍යාවක් වන අතර මරණ ඇත්තේ 26 ක් පමණි.

වසංගතයේ ප්‍රතිපලයක් ලෙස සිය රැකියා හා ජීවනෝපායන් අහිමි වූ නවසීලන්ත වැසියන්ට සහයෝගය දැක්වීම සඳහා 2020 දී අග්‍රමාත්‍යවරිය සහ ඇගේ පාර්ලිමේන්තු කැබිනට් මණ්ඩලය සියයට 20 ක තම තමන්ගේ වැටුප් කප්පාදුවක් සිදු කළහ. ඒ වැටුප් කප්පාදුව ආඩර්න්ගේ පුද්ගලික වැටුප ඩොලර් 47,000 කින් අඩු කළේය. සිය පාර්ලිමෙන්තු සගයන්ගේ සහ තමාගේ වැටුප් කප්පාදු කරගත් නවසීලන්ත නායිකාව මෙසේ පවසා තිබිනි.

 “නවසීලන්තයේ විවිධ තනතුරු දරන මිනිසුන් හා කණ්ඩායම් අතර පරතරය වසා දැමීමට කවදා හෝ කාලයක් තිබුනේ නම්, එය දැන් ය මේ මොහොතේය”

jecinda 5

වසංගතයට වසරකට පෙර, 2019 මාර්තු මාසයේදී, නවසීලන්තය ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් පල්ලි දෙකක සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. එය නවසීලන්ත ඉතිහාසයේ සිදු වූ දරුණුතම සංහාරයයි.

මුස්ලිම් ප්‍රජාවට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඇය සිය මුස්ලිම් ජනතාවට දැක්වු දයාව කරුණාව සහ වචන ලොව පුරා ප්‍රචලිත විය. බහුතරයක් ක්‍රිස්තියානුවන් හා සුදු මිනිසුන් වෙසෙන නවසීලන්තයේ මුස්ලිම් මිනිහාට ගැහුව එක සාධාරණීය කිරීමට යමෙකු උත්සාහ දැරුවානම් සිය නායිකාවගේ මානව දයාවෙන් යුතු වචන ඔහුව හෝ ඇයව නිෂේධ කර දැමුවේය.

එම වසරේම 20 දෙනෙකු මරණයට පත් කරමින් White Island ගිනිකන්ද පුපුරා ගියේය. නැවතත්, ආඩර්න් පළමු සංවේදනයෙන් යුතුවම විපතට ගොදුරුවුවන්ගේ ආදරණීයයන් වැළඳ දුක බෙදාගත් ආකාරය ලෝක ජනමාධ්‍යවල සිරස්තල විය.

ජෙසින්ඩා 2

නායිකාව 2020 දෙසැම්බර් මාසයේදී දේශගුණික විපර්යාස “අපේ කාලයේ ඇති ලොකුම අභියෝගයක්” ලෙස හඳුන්වමින් නවසීලන්තයේ දේශගුණික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කලාය.

ඉන් නොනැවතී 2021 මාර්තු මාසයේදී රටේ සියළුම බැංකු, ආයෝජකයන් සහ රක්ෂණ සමාගම් විසින් තම ව්‍යාපාරවලින් දේශගුණ විපර්යාසන්ට කරනු ලබන බලපෑම් හෙළි කළ යුතු බවට නීතියක් සම්මත කරගත්තාය. එය එසේ කල ලෝකයේ පළමු රට බවට නවසීලන්තය පත්විය. 2050 වන විට රට ශුද්ධ ශුන්‍ය විමෝචනය සඳහා කැප කරමින් ඒ ඓතිහාසික කාර්යභාරය සඳහා විපක්ශයේද සහාය ඇතිව ආඩර්න් රජය 2019 දී සුවිශේෂී දේශගුණික නීති සම්මත කරන ලදී.

නායිකාවගේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ප්‍රතිපත්තිය

 

ජෙසින්ඩා

 

ආර්ඩර්න් දැනට නවසීලන්ත ඉතිහාසයේ වඩාත්ම විවිධාකාර රජයට නායකත්වය දෙයි. වෙන කවරදාටත් වඩා කාන්තාවන්, වර්ණ ගැන්වූවන්, සමරිසි සහ සංක්‍රාන්ති ලිංගිකයන් දැන් පාර්ලිමෙන්තුව නියෝජනය කරමින් සිටී.

2020 දී, පාර්ලිමේන්තුව සමාන වැටුප් සංශෝධන පනත් කෙටුම්පත සම්මත කළ විට, සමාන වැටුපක් සඳහා කාන්තාවන්ට තම සේවායෝජකයින් සමඟ සාකච්ඡා කිරීම ඇගේ රජය පහසු කළේය. කම්කරුවන්ට ඔවුන්ගේ ලිංගභේදය නිසා අඩු වැටුපක් නොලැබෙන බවට සහ අඩු වැටුප් ලබන, කර්මාන්ත වල යෙදී සිටින කාන්තාවන්ට ආධිපත්‍යය සහිතව එම කර්මාන්තවල යෙදී සිටින පිරිමින්ට තරම් වැටුපක් ලබා දෙන බවට ඇගේ රජය සහතික වී ඇත.

ඉතිං මේ ගැහැණිය 2021 ලෝකයේ ශ්‍රේෂ්ඨයන්ගෙත් ශ්‍රේෂ්ඨයා නොවන්නේ ඇයි ?

 

https://fortune.com/worlds-greatest.../2021/jacinda-ardern/

 

උපාලි ජයසිංහගේ මුහුණුපොත ලිපියක් ඇසුරෙන්.

නවතම ලිපි