SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චැෆින්ච් (chaffinch), අවුන්සයක් පමණ බරැති අපේ ගේ කුරුල්ලෙක් සිහිගන්වන නමුත්,

සිය හිසේ සහ බෙල්ල වටා ලා නිල්පැහැති පිහාටු පිරුණු කුඩා පක්ෂියෙකි.

යුරෝපය සහ දකුණු ඇමෙරිකාවේ බහුලව දැකිය හැකි මෙම විශේෂය වසන්තය හා ගිම්හාන සෘතු අග තම වර්ගයා බෝ කිරීමේ කාර්යය සදහා සුදානම් වෙති. පිරිමි කුරුල්ලා  මේ කාලය තුල සිය කිරිල්ලියකගේ අවධානය දිනා ගැනීමට තත්පර 2-3 ක් දිග හඩක් පිටකරයි. පියානෝ ස්වර කන්ඩයක් සේ එය අතිශය මිහිරිය එය. මේ චැෆින්ච් ගීතය මානව උපභාෂා මෙන්  කලාපයෙන් කලාපයට වෙනස් වන අතර, මෙය විද්‍යාඥයන් අතර බොහෝ ආකර්ශනීය හා පර්යේෂණ සඳහා මූලාශ්‍රයකි. බෙල්ජියමේ අවුරුදු 400 ක් පැරණි ක්‍රීඩාවක් වන වින්කෙන්ස්පෝර්ට් නොහොත් වින්කෙන්සෙට්ටිං (ෆින්ච් වාඩිවීම) ඇරඹෙන්නේ මෙවිටය.

finch 3

බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් කලාපයේ, පැරණි ලන්දේසි භාෂාව කතා කරන ජනයා මෙම කාලයේදී පිරිමි ෆින්ච් කුරුල්ලා අල්ලා එලියක් හෝ කුරුල්ලාට නොවැටෙන ලෙස ඉතාමත් කුඩා ලීපෙටිටියක ඌ සිරකරයි. පසුව මෙම කූඩු මහපාරක් අයිනේ එක පෙලට තබති. තරඟකරුවන් ඔවුන්ගේ ලී කුරුලු කූඩු , තමාගෙන් අඩි හයක් පමණ දුරින් තබා අයිතිකරු හෝ පුහුණුකරු කූඩුව ඉදිරිපිට වාඩි වී දිගු රිටක හුණු සලකුණු භාවිතා කරමින් අන්ධකාරයේ සිරව සිටිනා කුරුල්ලා ගායනා කරන වාර ගණන නිරීක්ෂණය කරති. ගණනය කරනු ලබන්නේ තප්පර දෙකකට වඩා වැඩි කටහඩ පමණි. පැයක් තුළ වැඩිම වාර ගණනක් ගැයූ කුරුල්ලා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

 

ෆින්ච් 3

පසුව මේ බෙල්ජියම් මිනිස් ප්‍රජාව ෆීන්ච් කුරුල්ලාට දැඩි අඳුර හුරුවනු පිණිස අහිංසකයාගේ දෑස් රත්කරන ලද ඉදිකටුවලින් ඇන අන්ධ කර දමන ලදී. එවිට එම කුරුල්ලන් වඩා මිහිරට වඩා වැඩි වෙලාවක් ගැයූහ. පළමුවන ලෝක සංග්‍රාමයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද උද්ඝෝෂන වැලකට ස්තූතිවන්ත වෙන්න 1920 ගණන්වලදී මෙම දෑස් අන්ධ කිරීමේ ක්‍රියාව බෙල්ජියමේ තහනම් කරන ලදී. සුප්‍රසිද්ධ ඉංග්‍රීසි කතුවරයකු හා කවියෙකු වන තෝමස් හාඩි ද “අන්ධ කුරුල්ලා” කාව්‍යය හරහා මෙයට විරෝධය දැක්වීය.

තෝමස් හාඩි මෙසේ ලිවීය.

"දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව

රත්වු ඉදිකටු ඔබේ දෑස් අන්ධ කල පසුත්

ඹබට කෝපයක් නැතිද

ඹබ කෙසේද මෙලෙස ගයන්නේ"

 

finch 4

අද වන විටත් මේ අහිංසකයන් කුඩා අඳුරු පෙට්ටිවල තබා ඇති අතර එය කුරිරු ය. 2007 දී සෑම වසරකම කුරුල්ලන් 10,000 ක් 13,000 ක් මේ අයුරින් සිරගත කරනු ලබතැයි ගණන් බලා තිබේ. ෆ්ලෙමිෂ් පක්ෂි ආරක්ෂණ සංගමය කියා සිටින්නේ දැනට වහල්භාවයේ සිටින බොහෝ පක්ෂීන් නීතිවිරෝධී ලෙස සිරවී සිටින පක්ෂීන් බවයි. 2002 දී යුරෝපා සංගමය වල් ෆින්ච් අල්ලා ගැනීම තහනම් කළද, පසුව, 2017 දී, ඔවුන් කලකිරවමින් බෙල්ජියම මෙම, අසාමාන්‍ය ක්‍රීඩාව ෆ්ලෙමිෂ් සංස්කෘතික උරුමයේ ලේඛනයට ඇතුළත් කරන ලදී.

https://www.amusingplanet.com/.../vinkensport-belgiums...

 

උපාලි ජයසිංහ

Bottom of Form

නවතම ලිපි