SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2012 - අප්‍රේල් 09 දින ඉපදුනු සොබෝර්නෝ අයිසැක් බාරි ඔහුට වයස අවුරුදු 9 ක් වන බෙංගාලි ඇමරිකානු මහාචාර්යවරයෙකි.

2020 දී නොබෙල් ත්‍යාගලාභී කයිලාෂ් සත්‍යාර්ති වෙතින් Global Child Prodigy Award ලබාගත් ලොව ලාබාලම මහාචාර්යවරයා ඔහුය.

ඔහු මාස හයක් වයසැති විට සම්පූර්ණ වාක්‍ය කතා කිරීමට පටන් ගත්තේය. අවු. 2 දී භෞතික විද්‍යාව, ගණිතය හා රසායන විද්‍යාවේ එන දැඩි සමීකරණ විසඳීමට ඔහුට හැකි විය. ඒවා වෙතම ඔහු ඇලීමට හේතුව වුයේ දරුවාගේ පියා ගණිතඥයකු වූ කාරණයයි. ඔහුගේ අසාමාන්‍ය දක්ෂතා ගැන දැනගත් පසු ඔහුගේ දෙමාපියන් විද්‍යාවේ භාවිතා කරන අති දුෂ්කර සමීකරණ මේ පුංචි දරුවා විසඳන වීඩියෝ සමාජ මාධ්‍යවෙත පලකලහ.

ඔහුගේ වීඩියෝ සමාජ මාධ්‍යවල වෛරස් වීමට වැඩි කාලයක් ගත නොවූ අතර, ගණිත බුද්ධියට ඉඩ සලසන වොයිස් ඔෆ් ඇමරිකා (VOA) ඔහුගේ දීප්තිමත් හැකියාවන් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ආරාධනය කලේය. VOA සමඟ සංවාදයක් පැවැත්වූ ලාබාලම පුද්ගලයා ඉසාක් බාරිය.

වයස අවුරුදු 6 දී, 2018 දී, හාවඩ් විශ්ව විද්‍යාලය විසින් ඔහුගේ ඇදහිය නොහැකි ගැටළු විසඳීමේ හැකියාවන් සඳහා ඔහුව කැඳවනු ලැබීය.

litt

එක් දිනක් මේ දරුවාට ජනාධිපති ඔබාමාගෙන් ධවල මන්දිරයේ පිළිගැනීමේ ලිපියක් ලැබී ඇති බව දන්වන විට සියල්ල වෙනස් විය. ජනාධිපති ඔබාමා ඉසාක් බාරී ගැන දැනගත්තේ කෙසේද? එය එක රැයකින් සිදු නොවීය. එක්සත් ජනපදය පුරා විවිධ විශ්ව විද්‍යාල වල සභාපතිවරුන් සමඟ සම්මුඛ සාකච්ඡා මාලාවකින් පසුව අයිසැක්ට ධවල මන්දිරයෙන් පිළිගැනීමක් ලැබුණි.

2016 ඔක්තෝබර් 16 වන දින නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘෘ කියෝමෝ වයස අවු අටහමාරක් වයසැති අයිසැක් බැරී වෙත පිළිගැනීමේ ලිපිය ඉදිරිපත් කරමින්. 2016 දී හාවඩ් විශ්ව විද්‍යාලය ඔහුව විද්‍යාඥයෙකු ලෙස පිළිගත් බව පැවසීය.

ඔබට වයස අවුරුදු 8 ක් වන විට ලෝකය ඔබව විද්‍යඥයකු ලෙස පිළිගනු ලබන්නේ නම් , එය ‍ඓතිහාසිකය. එලෙසම ඔහුට නොබෙල් ත්‍යාගය සඳහා නාමයෝජනා ලැබුණි. තරුණ මහාචාර්ය බාරි මේවන විට මුම්බායි විශ්ව විද්‍යාලය ආරාධිත භෞතික විද්‍යා මහාචාර්යවරයකු ලෙස පෙනී සිටියි.

 

little 2

මේ කුඩා ළමයාට ලිපි ලියන ලෝක දැවැන්තයන් අතර එක්සත් ජනපද FBI අධ්‍යක්ෂ, ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සභාපතිවරු, ප්‍රංශ ජනාධිපති, පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ සභාපතිවරු, ජර්මානු චාන්සලර් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ද වේ.

සොබෝර්නෝ විසින් පිටු 70 කින් යුත් “ද ලව්” නම් ග්‍රන්ථය ලියා ඇති අතර ඔහු පූනේහි සාවිත්‍රිබායි ෆුලේ විශ්ව විද්‍යාලයේ දී ඒ ගැන කතා කළේය. ඔහුට අවශ්‍ය වන්නේ ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරමින් ගණිතයට හා විද්‍යාවට ආදරය කිරීමට යෞවනයන් පෙළඹවීමටය.

සොබෝර්නෝගේ සිහිනය හා ඔහුගේ ඉලක්කය හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ඉතා කුඩා අවධියෙන්ම බහු ආචාර්ය උපාධි ලබා ගැනීමයි.

සටහන උපාලි ජයසිංහගෙන්.

https://gcpawards.com/.../the-bengali-american-isaac.../

https://m.youtube.com/watch?v=CeSDuXOKibw

නවතම ලිපි