SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1984 අගෝස්තු 28 වන දින ඔස්ට්‍රියාවේ මහල් නිවසක සිය බිරිඳ හා 18 හැවිරිදි එකම දියණිය සමග ජීවත්වන මිනිසෙක්,

තම දියණිය එලිසබෙත් ෆ්‍රිට්ස්ට කතාකලේ පහත මාලයේ ඔහුගේ පුද්ගලික ව්‍යාපාරික කුටියේ දොරක් අල්ලා ගැනීමට උදවු කිරීම පිණිසය. එහෙත් එය ව්‍යාපාරික කුටිය තුලින් ගිය හැකි අඩි 18 දිගැති රහස් කුටියක් විය. ඒ ගැන තැකීමක් නොකල කෙල්ල තම පියා දොර සවිකරන තෙක් එය අල්ලාගෙන සිටියාය. මොහොතකින් මිනිසා තම දියණියව කාමරය තුලට තල්ලුකර ඇයට සිහිනැතිවෙනතෙක් ඊතර් නැමති දියරය පොගවා තිබු රෙදිකැබැල්ල ඇගේ මුව හා නාසය අතර තබා දැඩිව අල්ලා පසුව කාමරයෙන් පිටතට විත් එයට අගුලු දැමීය.

මෙය ක්ෂණයකින් සිදුවූවා නොවේ. ජොසෙෆ් ෆ්‍රිට්ස් වසර දෙකක් පුරා සැලසුම් කල වැඩ සටහනක කූඨප්‍රාප්තියයි. ඔහුට සිය රූමත් දියණිය සමග නිදිවැදීමේ නොතිත් ආශාවක් විය. පහත මාලයේ ඔහුගේ ව්‍යාපාරික කුටියට සිය බිරිද රෝස්මරී පැමිණෙන්නේ ඉතා කලාතුරකිනි .යාබද නානකාමරය හා සිය ව්‍යාපාරික කුටිය අතර රහස් දොර ඇයට කිසිවිටෙක නොපෙනේ. ඔහු තම දියණිය සමග ජිවිත කාලය පුරාම ලිංගිකව එක්වීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කලේ ඔය ආකාරයටය.

හදිසියේ ගෙදරින් අතුරදහන්වු සිය දියණිය තබාගිය ලිපියක් ජොසෙප් සහ රොස්මෙරී පොලිසියට ඉදිරිපත් කල විට එහි සදහන්ව තිබුනේ එක්තරා ආගමික නිකායකට සම්බන්ධ වීමට ඇය නිවසින් පිටව ගිය බවයි.

සියල්ල නිසි පරිදි සිදුවූ පසු නොතිත් ආශාවෙන් පෙලුනු මිනිසා ඇගේ සිර කුටියට පැමිණ ඇතුලතින් දොරවසා දැමුවේය. ඉන් ඉක්බිති ප්‍රචන්ඩත්වයේ උපරිමයට ගිය හේ තමා දුටු අසභ්‍ය ලිංගික වීඩියෝ පට සිහිකරමින් විවිධ ඉරියවු සදහා ඇය පෙලඹවීය. ප්‍රතික්ෂේපය සිදුවු සැනින් ගත පුරා නිල්වන තුරු පහර කෑම නියමයක් විය. එලිසබෙත් ෆ්‍රිට්ස් සම්බන්ධයෙන් ගත් කල, ජොසෙෆ් යක්ෂයෙක් විය. අවම වශයෙන්, ඔහු ඇයව දුෂණය කීරීමට පටන් ගෙන තිබුනේ ඇයට වසර 11 දී පමණය.

තවත් වසර දෙකකට පසුව එලිසබත් ෆ්‍රිස්ටල් ගැන ඇගේ මවටත් ලෝකයටත් අමතක විය. එහෙත් සිය නිවසේම සිර කුටියක තරුණිය තම ප්‍රථම දරු ප්‍රසුතිය සිදු කල අතර එය වේදනාත්මක හා කිසිවෙකුගේ උදවු රහිතව තමාවම තමා පාලනය කරගනිමින් කලමණාකරගත් දරු ප්‍රසූතියකි. ඉපදුනේ කෙල්ලකි. ඇය

කර්ස්ටින්ය. නොදැනුවත්ම සිය මව මේ අපායෙන් ගොඩ ආවේ ඇය නිසාය.

අවුරුදු දෙකකට පසු තවත් දරුවෙකු බිහි විය, ස්ටෙෆාන් නම් පිරිමි ළමයෙක්.

එහෙත් දරුවන් දෙදෙනෙකු සමග ගැහැණියකට එම කුඩා කුටිය ප්‍රමාණවත් නැත. තවත් මාස කිහිපයකට පසු දෙමහල් නිවසේ දොරකඩ රෙදි කැබැල්ලක ඔතනලද දරුවෙකු විය. ඒ සමගම ඇති ලිපියේ එලිසබෙත්ගේ අකුරු සහිත කෙටි ලිපියකි.

‘‘ආදරණීය අම්මේ තාත්තේ මගේ මේ දරුවා ජීවත් කරවීමට මට මුදල් නැත. ආදරයෙන් බලාගන්න.- මීට එලිසබෙත් ෆ්‍රිට්ස්.

තවත් වසර කිහිපයකට පසු වත්තේ රෝස පදුර අසල තිබී එවැනි දරුවන් දෙදෙනෙක් හමුවිය. අවාසනාවන්ත රෝස්මරී තම දියණිය තම නිවසේම සිටින බව නොදැන ඇගේ දරුවන් තිදෙනාම ඇති දැඩිකලාය.

ලිංගික පියා 2

වසර 25 කට පසු එක දවසක එලිසබත් සෙවනේ හැදී වැඩුණු කර්ස්ට්න් බලවත් ලෙස රෝගාතුර විය. එවිට කර්ස්ටින්ට වයස අවු. 19 කි. එලිසබත් ජීවත්වුයේ ඇය නිසාය. බොහෝ හඩාවැලපීම් අයැදීම් වලින් පසුව කර්ස්ටින් රහසිගත ලෙස රෝහලකට ගෙනයාමට ජොසෙප් එකගවිය. රෝහල් පොලිසිය දරුවාගෙන් තම මව සහ පියා ගැන ඇසූවිට ඇය දී තිබුනේ පරස්පර උත්තරය. මිට වසර 25 කට පෙර එලිසබෙත්ගේ පලායාම සැකයකට ලක්කරමින් පොලිසිය සිටින විට ජොසෙප්ගේ පාමුල වැටෙමින් මියයන දරුවාව එකවරක් බැලීමේ අවසරය මත 2008 අප්‍රියෙල් 26 වන දින ඔහු එලිසබෙත්ව වසර 24 කට පසු නිදහස් කළේය.. ඇය රෝහලට පැමිණියාය. වහා ඇයව අත් අඩංගුවට ගත් පොලිසිය ඇගේ ප්‍රකාශය මත ජොසෙප් ෆ්‍රිස්ටල්ව අත් අඩංගුවට ගෙන තිබිනි.

වසර 25 ක සිරදඩුවමකට අධිකරණය ජොසෙප් ෆ්‍රිස්ටල්ව යටත්කරන විට ඔහු මෙසේ පවසා තිබිනි.

“මම යක්ෂයෙක් නොවේ. මට ඔවුන් සියල්ලෝම මරා දැමිය හැකිව තිබිනි. එහෙත් මම එසේ කලේ නැත”.

එලිසබෙත් ෆ්‍රිස්ටල්ට නැවත සිය පියා දැකීමට ඔස්ට්‍රියන් පොලිසිය ඉඩ තැබුවේ නැත. ඇගේ මව මිනිසුන්ට මුහුණ දිය නොහැකිව ලැජ්ජාවට පත්ව නගරයෙන් පලා ගියාය.

එලිසබෙත් ෆ්‍රිට්ස්ල් අද නව අනන්‍යතාවයක් යටතේ රහසිගතව විලේජ් x නැමති ඔස්ට්‍රියානු ගම්මානයක ජීවත්වේ. නිවස නිරන්තරයෙන් සීසීටීවී නිරීක්ෂනය යටතේ පවතින අතර මීට වසර දහයකට පෙර නිරන්තරව පොලිස් මුර සංචාරයක් තිබිනි. පවුල ඔවුන්ගේ බිත්ති තුළ කොතැනකවත් සම්මුඛ සාකච්ඡා සඳහා ඉඩ නොදෙන අතර ඇය දැන් හැත්තෑ ගණන්වල මැද භාගයේ පසුවුවද, ඇය ගත් අවසන් ප්‍රසිද්ධ ඡායාරූපය ඇයගේ වයස අවුරුදු 16 දී ය

https://allthatsinteresting.com/camille-claudel

 

උපාලි ජයසිංහ

නවතම ලිපි