SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යම් නායකයෙක් තම වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලීම විශිෂ්ට නායකත්ව ගුනාංගයකි.

නමුත් තමා නොකරනලද එහෙත් තම ජාතිය විසින් කල වැරැද්දකට සමාව ඉල්ලීම ඊටත් වඩා විශිෂ්ට නායකත්ව ගුණාංගයකි. ජසින්ඩා ආර්ඩන් එහෙම නායිකාවකි. ඇය සමාව ඉල්ලා සිටියේ 1970 -80 දශකයේ නවසීලන්ත රජය පැසිපික් කලාපීය ජනතාවට කල වර්ගවාදී ප්‍රහාරයන් සම්බන්ධයෙනි.

 

එය එකල හැඳින්වූයේ Dawn Raids යනුවෙනි. එහි කුප්‍රකට මෙහෙයුම නම් කලේ “ඔපරේෂන් පොට් බ්ලැක්” යනුවෙනි. නවසීලන්තයේ රැකියා සොයා පැමිනි පැසිපික් කලාපීය දූපත් වැසියන්ද, ඉන්දියාව චීනය හා ඉන්දුනීසියා වැසියන්ද වටලා රටින් එලවා දැමීම මෙහෙයුමේ අරමුණ විය. මෙම ජනතාවගේ වීසා බලපත්‍ර කල් ඉකුත්වීම නවසීලන්ත රජය ලෝකයට ප්‍රකාශ කල නෛතික තත්වය වුනත් යථාර්ථය එය නොවීය. නවසීලන්තය කිසිදා එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ හෝ යුරෝපා ජජතින්ගේ වීසා කල් ඉකුත්වීම ගැන සැලකිලිමත් නොවීය.

 

jasinda 4

අලුයම පාන්දර, නවසීලන්ත වැසියන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ඇඳන්හි උණුසුම් හා ආරක්ෂිතව නිදා සිටියදී, ආගමන විගමන නිලධාරීන්, පොලීසිය සහ ඔවුන්ගේ බල්ලන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් යැයි සැක කරන රට පුරා පැසිෆික් ජනතාවගේ නිවාස වැටලූහ. ඔවුහු මහා රාත්‍රිවල කලු හා මොංගෝලියානු ඌරුව ඇති ඡනතාව සොයා ගොස් ඔවුන් ඇහැරවා නිදි ඇදුම පිටින් සිරගෙවල්වලට ගාල් කලහ. පසුව රටින් නෙරපා හැරියෝය. නවසීලන්ත ජාතිවාදී දේශපාලකයා කල්පනා කලේ මෙම පැසිපික් කලාපීය ජනතාව ඔවුනගේ ආගම් සහ සංස්කෘතිය නවසීලන්තය තුල පැල කරන බවයි. එහෙත් සත්‍ය වන්නේ ඔවුනගේ ලාභ ශ්‍රමය නිසා නවසීලන්ත දිනෙන් දින ආර්ථික වශයෙන් සමෘදිමත් වීමයි.

 

jasinda 2

අතීත වැරදිවලට සමාව ගනිමින් තවදුරටත් ජසින්ඩා ආර්ඩන් කියා සිටියේ,

‘‘අපි විධිමත් සමාව ඉල්ලීම ජුනි 26 වන දින ඕක්ලන්ඩ් නගර ශාලාවේදී සමරන්නෙමු. එය නිර්වචනය කළ යුතු යුගයකි. පැසිපික් ජනතාව වාර්ගිකව ඉලක්ක කරගත් ඒ වැටලීම් දරුණු වූ අතර, ඔවුන්ව වාචිකව හා ශාරීරිකව පහත් කොට සලකනු ලැබීය. ඉතිහාසයේ එම තීරණාත්මක අවස්ථාව හා ඒවායින් ඇති වූ චිත්තවේගීය හානිය සෘජුවම බලපෑමට ලක්වූවන්ගේ ජීවන මතකයේ රැඳී තිබේ"

 

jasinda 3

‘‘එමෙන්ම එකල ප්‍රජාවන්ට නවසීලන්ත ඉලක්ක සහ භීෂණය දැනුණු අතර මේ වෙනස් කොට සැලකීම ඔවුන් වෙත කල් පවත්නා සෘණාත්මක බලපෑමක් ඇති කළ බවට පැහැදිලි සාක්ෂි තිබේ. සමාව ඉල්ලීම කිසි විටෙකත් සිදු වූ දෙය ආපසු හැරවීමට හෝ සිදු වූ හානිය ඉවත් කිරීමට නොහැකිය. නමුත් අපට එය පිළිගත හැකි අතර වැරැද්දක් නිවැරදි කිරීමට උත්සාහ කළ හැකිය."

 

jecinda 2

 

https://www.nzherald.co.nz/.../OJPCQRDY3HH4UUQELE5RPSEUHA/

උපාලි ජයසිංහ

 

 

නවතම ලිපි