SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්ත්‍රියකගේ පරම උරුමයයැයි සිතා සිටින සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව අබිබවා යම් ස්ත්‍රියක සිය අනන්‍යතාව තහවුරු කරන්නී ද 

ඕ සැබැවින්ම මනුෂ්‍යත්වයෙහි උපරි ඵල නෙලා ගන්නී ය.

 

සේපාලි මායාදුන්නේ ,මාලිනී ගෝවින්නගේ ,චින්තා ලක්ෂ්මි බඳු ස්ත්‍රීහූ පවා නිහඬව ම ඒ ඵල නෙලා ගත්හූ ය. ඉදින්, අපි ඒ ස්ත්‍රීන්ගේ එකී අනන්‍යතාවට මෙන්ම ඔවුන් දිවිහිමියෙන් ලියා පාදා තැබූ ඒ ඔවුන්ගේ ස්ත්‍රී ආත්මය ද විනිවිද දකිමු..ඔවුන්ගේ නිර්මාණාත්මක බුද්ධිමය ශ්‍රමය අගයමු.. ස්ත්‍රිය ලියන්නේ ද , ඒ ලිවීමෙන් ම වුව ස්ත්‍රිය මේ වන් දිගු ගමනක් යන්නේ ද මේ සාම්ප්‍රදායික සමාජ සම්මත ස්ත්‍රී භූමිකාවෙන් මිදී විසල් කැපවීමකින් ම බැව් අවබෝධ කර ගනු මැනවි.

විපුලි 4

විපුලි නිරෝෂිනී හෙට්ටිආරච්චි

නවතම ලිපි