SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොරෝනා වසංගතය සමග පාසැල් වසාදැමීමත් සමග ඔන්ලයින් අධ්‍යාපනය සිදුකිරීමට අපේ රටේත් අධ්‍යාපන බලධාරීන් තීන්දු කළ අතර

ගම සහ නගරය අතර පහසුකම් සම්බන්ධව විෂමතාවන් පැවතීම තුළ යළිත් වරක් පාසැල් හා විශ්ව විද්‍යාල දරුවන් අර්බූධයකට පත්ව ඇත. ඒ පිළිබඳව නෑසූ කන් වලා සිටින රටේ බලධාරීන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිළධාරීන් කුමකටද රටකට?

දියණියගේ අධ්‍යාපනය වෙනුවෙන් තාත්තා ගත් අවදානම් තීන්දුව

 

 දියණියගේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා 'අන්තර්ජාල සංඥා' ලබා ගැනීමට සිය ජීවිත අවදානම නොතකා අඩි 150ක් පමණ උස ගසක 'රවුටරයක්' සවිකළ පියෙකු ගැන බදුල්ල, පස්සර වරාදොළ ගම්මානයෙන් අසන්නට ලැබුණි.

''මට ලොකුම ප්‍රශ්නය වුණේ දුවට උගන්නන්නේ කොහොමද කියලා. කොහේවත් සිග්නල් නැති හින්දා අන්තිමට මම තීරණය කළා වත්තේ තියෙන උසම ගහේ මුදුනට නැගල සිග්නල් තියෙනවාද බලන්න. පාරේ යන මිනිස්සු මේ වැඩේ කරන එපා කියලා කෑ ගැහුවා'' යනුවෙන් චන්දික සම්පත් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

ඔන්ලයින් 2

කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් පවුල් 200ක් පමණ ජීවත්වන වරාදොළ ගමට ප්‍රමාණවත් අන්තර්ජාල පහසුකම් නොමැතිකම නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී තිබේ.

මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවෝ ද මේ දුෂ්කර ගම්මානයේ ජීවත් වෙති. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ද නගරයේ දරුවන් මෙන් අධ්‍යාපනය ලැබීම සඳහා ගමට අන්තර්ජාල පහසුකම් ලබා දෙන ලෙසය.

BBC

නවතම ලිපි