SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාව ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන්නේ හැංගෙන පිළිවෙතක් වුවත් ලෝකෙ වැඩියෙන්ම අන්තර්ජාලයෙන් සෙක්ස් සොයන රටක් විදියට නම් දරල තියෙන්නෙ.

අද අපි කතා කරන්නෙ ඒ ගැන නොවෙයි. අද බොහෝ දරුවන් ජීවත්වන්නේ අන්තර්ජාලයත් සමගයි. ඔන්ලයින් අධ්‍යාපනය හරහා ඔවුන් අත ඇති දුරකථනයෙන් හෝ පරිඝණකයෙන් බොහෝ දේවල් නිරීක්ෂනයට ඔවුන් යොමුවීම නොවැලැක්විය හැක්කක්. ගැටළුව වන්නේ ඔවුන්ට මූලික ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට නොහැකි තත්වයක් තුළ ඔවුන් මූලික දැනුම ලබාගන්නා ආකාරය පිළිබඳවයි. මේ බීබීසී ගෙන එන සටහනක්.

දරුවන් ලිංගික ක්‍රියා (Sex) ගැන දැන ගන්නේ කෙසේද? ඒ ගැන දැන ගන්නේ අසභ්‍ය චිත්‍රපට (පෝර්න්) හරහා නම්, එය යහපත් තත්වයක් නොවන බවට නවසීලන්තයේ මහජන දැන්වීම් ව්‍යාපාරයක් අනතුරු අඟවයි.

ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා සකසන ලද දැන්වීමක් විශාල වශයෙන් ජනප්‍රිය වී තිබේ. 'අසභ්‍ය චිත්‍රපටවල පෙනී සිටින නළුවෙක් සහ නිළියක් " පිරිමි දරුවෙකුගේ 'දොරකොඩට' පැමිණෙන අයුරු එම දැන්වීමේ දැක්වෙයි.

වීඩියෝව-

නවතම ලිපි