SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපි මේ දකින්නෙ 2019 සමාජමාධ්‍ය වල පලවූ ජායාරූප වන නමුත් ඒවා අපිට අදටත් අලුත්.

මේ ජායාරූප වලින් කියන කතාව තමයි අපි අධ්‍යාපනිකවත් නිර්මානශීලි ගුරුවරුන් අතරත් ලෝකයේ කොතැනද ඉන්න කියන කාරණාව.

Veronica Duque කියන්නෙ ස්පාඤඤ ජාතික ගුරුවරියක්. ඇය මෙතෙක් පාසල් දරුවන්ට ඉගැන්නුවෙ සමාජ අධ්‍යයනය, චිත්‍ර, ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂාව. එයාට අලුතෙන් පැවරුනා, ඒ පාසලේම තුන වසරේ දරුවන්ට ව්‍යුහ විද්‍යාව කියන්නෙ මොකක්ද කියල උගන්වන්න. ඒක එන්නෙ 3 වසරෙ දරුවන්ගෙ කායික විද්‍යාව විෂයයට.

වෙරෝනිකා කල්පනා කලා මේ විෂය මෙතරම් කුඩා දරුවන්ට සරලව කියල දෙන්නෙ කොහොමද කියන කාරණාව. ඇය මනසින් නිර්මාණය කලා ඒකට උත්තරය. ඇය අන්තර්ජාලය හරහා හොයාගත්ත තමන්ගෙ සිතිවිලි වලට ගැලපෙන ඇඳුම. ඊට පස්සෙ ගියා නගරෙ තියෙන පිහිනුම් ඇදුම් විකුණන ආයතනවලට. ඇය තෝර ගත්ත මේ පිංතූර වල ඇය පෙනී ඉන්න නාන ඇඳුම. ඊට පස්සෙ ඇය මිනිස් සිරුරෙ ප්‍රධානම ඉන්ද්‍රියයන් සහ මිනිස් සිරුරක මාංශ පේශීන් හැඩ ගැහිල තියෙන විදිය හා ඒ ස්ථාන අතිශය නිවැරදිව ඒ නාන ඇදුමෙ ච්‍ත්‍රණය කලා . දැන් මේ වෙරෝනිකා ටීචර්ට පුලුවන් ඇගේ කුඩා දරුවන්ට මිනිස් සිරුරක අභ්‍යන්තර අවයව විස්ථාපනය ගැන හරි සරලව කියා දෙන්න.

 

ගුරුවරිය 2

ඇගේ සැමියා තමයි මයික් මොරට්නෝස්. එයා දැක්ක ගෙදර විකාර ඇදුමක් ඇඳගෙන මේස උඩ නැගන් පිස්සු කෙලින තමන්ගෙ බිරිඳව. පස්සෙ එයා ගියා බිරිඳ උගන්වපු පාසලට. මේ තියෙන්නෙ ඒකෙ ප්‍රතිපලය.

මයික් තමන්ගෙ බිරිඳගෙ ජායාරූප ට්විටර් වෙබි අඩවියට දාල මිනිහ තිබ්බ මෙහෙම සටහනක්.

‘‘ඇය මගේ බිරිඳ ලෙස ලැබීමට තරම් මම වාසනාවන්තයෙක් වීමි. ඇගේ මෙම අදහස් ගිනි කන්ද ගැන මම ආඩම්බර වෙමි. අද ඇය මිනිස් සිරුර සිය සිසුන්ට මුල් ආකාරයකින් ඉතා සරල ලෙස පැහැදිලි කළ අතර ළමයින් පිස්සු වැටුනෝය. නියමයි වෙරෝනිකා !!!”

ගුරුවරිය 4

 

දස දහස් ගණනින් ඇගේ ජායාරූප පෙල අන්තර්ජාලය හරහා හුවමාරු වන විට https://www.thekennel.net.au අඩවියට වෙරෝනිකා මෙසේ පවසා තිබිණි

“සමාජය ගුරුවරුන් කම්මැලි නිලධාරීන් හා රාජ්‍ය සේවකයින් ලෙස සැලකීම නැවැත්වීමට මම කැමතියි, නිසැක ලෙසටම අපි එහෙම නැහැ.”

https://nypost.com/2019/12/2

උපුටාගැනීම - උපාලි ජයසිංහගේ මුහුණු පොතෙන්.

නවතම ලිපි