SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාව කියන්නෙ සෙක්ස් ඇරියස් වලින් පිරුණු රටක්.

ඒ හින්ද නීතිය, සාධාරණය, ආරක්ෂාව පතා යන ආයතන පද්ධතියෙන්ද සිදුවන්නේ එවැනිම වූ අයුක්තියක්. අනාරක්ෂාවක්. රජයක් පැවතිය යුත්තේ රටේ ජනතාවට ආරක්ෂාව, රැකවරණය සපයන්න.  එහෙත් එන්න එන්නම පිරිහෙන සමාජ ක්‍රමයකින් අපිට වටහාගත හැකි කාරණය කුමක්ද? මේ පිළිබඳව සමාජ කතිකාවතක් ඇතිවිය යුතු නොවේද?

වැටත් නියරත් ගොයම් කයි නම්, කාට කියමුද ඒ අවනඩුව. මේ එවැන්නක්.

අතවරයට ලක් වූ බවට පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට තම මව සමග පැමිණි අවස්ථාවේ දැරියගේ හිස අත ගා අතවරයක් සිදු කිරීමට තැත් කළ බව කියන නෙළුව පොලිසියේ කොස්තාපල්වරයෙකු ඊයේ (ජූනි 30) උදෑසන අත්අඩංගුවට ගෙන ඇතැයි ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

අතවරයට ලක් වූ බව කියන දැරිය පෙරේදා (ජූනි 29) ඒ සම්බන්ධව පැමිණිලි කිරීමට මව සමග පැමිණ සිටියදී මෙම කොස්තාපල්වරයා තම දියණියගේ හිස අත ගා අතවරයක් කිරීමට තැත් කළ බවට මව පැමිණිලි කර ඇත.

ඒ අනුව, එදින දිවා කාලයේ උප සේවා රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

නෙළුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.

පුවත උපුටාගැනීම newshub.lk

නවතම ලිපි